Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 100:1 - Sinhala New Revised Version

1 මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මුළු පොළෝ වැසියෙනි, සමිඳාණන් වහන්සේ හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 පොළොවේ සියල්ලෙනි, ස්වාමීන්ට ප්‍රීතිනාද පවත්වව්.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 100:1
18 හුවමාරු යොමු  

එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.


උන් වහන්සේ ඔලීව කන්දේ බෑවුම ළඟට පැමිණි කල්හි, මුළු ශ්‍රාවක සමූහයා ප්‍රීති වන්නටත් තමන් දුටු සියලු ප්‍රබල ක්‍රියා ගැන මහත් ශබ්දයකින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටත් පටන් ගෙන,


සියොන් පුරඟන, සොම්නසින් ගී ගයන්න; ජෙරුසලම් වැසියෙනි, කෑමොරගසන්න; ඉශ්රායෙල් ජනයෙනි, ප්‍රීති ප්‍රමෝද වන්න.


දමිටුනි, හිමි තුමන් කෙරේ ප්‍රීති වී උදන් අනන්න. අවංක සිත් ඇති සියල්ලෙනි, ප්‍රීති ඝෝෂා පවත්වන්න.


නැවතත්: “විජාතීනි, උන් වහන්සේගේ සෙනඟ සමඟ ප්‍රීති ප්‍රමෝද වන්නැ”යි කියා ඇත.


ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.


එම්බා ජනයෙනි! දේව සෙනඟ ගැන ප්‍රීති වන්න. එතුමාණෝ සිය සෙනඟගේ මරණයට පළිගන්න සේක; සතුරන්ට දඬුවම් දෙන සේක; එහෙත්, සිය සෙනඟගේ දේශයට අනුකම්පා කරන සේක.”


මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි.


සව් සතුනි, අත්පොළසන් දෙන්න; ජය ගොස නංවා දෙවිඳුන්ට තුති දෙන්න.


එකල සමිඳාණන් වහන්සේ මුළු ලෝකයේ රාජයාණෝ වන සේක. සියලු දෙන උන් වහන්සේ දෙවියන් වහන්සේ වශයෙන් නමදිනු ඇත. එක ම නමකින් උන් වහන්සේ හඳුන්වනු ලබන සේක.


ඔබ සාධාරණ ලෙස මිනිසුන් විනිශ්චය කරන සේක; මිහි පිට සියලු විජාතීන් හට ඔබ මඟපෙන්වන සේක; එබැවින් සකල ජනයා ප්‍රීතිමත් ව සතුටින් ගී ගයත් වා!


ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය; ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.


ජය ගොස නංවා, කාහල හඬ පතුරා, එතුමාණෝ සිහසුන මත නැඟුණ සේක.


මුළු ලොවෙහි රාජ්‍යයෙනි, දෙවිඳුන් හට ගායනා කරන්න; සමිඳුන් හට පසස් ගී ගයන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්