Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගීතාවලිය 10:8 - Sinhala New Revised Version

8 ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය කපා කොටයි; පිහිටක් නැති අසරණයින් එන තුරු ඔහු මාන බලයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 ගම්මානයේ සැඟවී සිට ඔහු නිදොස් අය කපා කොටයි; පිහිටක් නැති අසරණයින් එන තුරු ඔහු මාන බලයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 ඔහු ගම්වල රැක හිඳින තැන්හි නැවතී සිට අප්‍රකාශ ස්ථානවලදී නිර්දෝෂයන් මරයි. ඔහුගේ ඇස් අසරණ අයට විරුද්ධව රහසින් යොමා තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගීතාවලිය 10:8
14 හුවමාරු යොමු  

ඔබ සෙබළුන්ගේ ප්‍රධානියාට ඔහුගේ ම හෙල්ලවලින් ඇන්න සේක. ඔව්හු මා විසුරුවා දමන්නට සුළි සුළඟක් මෙන් ආවෝ ය. ඔවුන්ගේ ප්‍රීතිමත්කම අසරණයන් රහසින් නාස්ති කිරීම ය.


එහෙත්, නුඹේ නෙතත්, සිතත් ආත්මාර්ථයට පමණක් යොමු වී ඇත. නුඹ අහිංසකයන් මරන්නෙහි ය; සෙනඟට සැහැසිකම් හා පීඩා කරන්නෙහි ය. මෙසේ පවසන්නේ සමිඳාණන් වහන්සේ ය.”


එබැවින් රජ, “ඔබ ළං වී පූජකයන්ට පහර දෙන්නැ”යි දොවෙග්ට කීවේ ය. ඒදොමිය දොවෙග් ළං වී පූජකයන්ට පහර දී සිහින් හණ රෙදි ඒපොද් සැට්ට ඇඳ සිටි අසූපස්දෙනෙකු ඒ දවසේ දී මැරුවේ ය.


ඉන්පසු ජේසුස් වහන්සේ ධර්ම දේශනා කරමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කරමින් ද නගර සහ ගම්වල සැරිසැරූ සේක. උන් වහන්සේ සමඟ ශ්‍රාවකයෝ දොළොස්දෙනා ද


ඔව්හු වැන්දඹුවන් ද අනාථයන් ද නසාදමන්නෝ ය; අප රටේ වසන විදේශීන් මරාදමන්නෝ ය.


මා වටකර සැම දෙසින් බලා සිටිති; මා බිම හෙළීමට මාන බලති.


තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.


ඒ නිසා ඔහු සැඟවී සිටින සියලු රහස් තැන් බලා නිසැක ව ම දැනගෙන මා ළඟට නැවත එන්න. එවිට මම ඔබ සමඟ ගොස් ඔහු රටේ සිටිනවා නම්, ජුදාහි සිටින සියලු ගෝත්‍රයන් එකින් එක විමසා බලා ඔහු සොයාගන්නෙමි.”


ඉන්පසු සමිඳාණන් වහන්සේ තවත් සැත්තෑ දෙනෙකු පත් කොට තමන් යන්න අදහස් කළ සියලු නගර හා පෙදෙස්වලට ඔවුන් දෙදෙනා බැගින් තමන්ට කලින් යැවූ සේක.


ෂෙකෙම් වැසියෝ ඔහුට විරුද්ධ ව කඳු මුදුන්වල මිනිසුන් රහසින් සිටෙව්වෝ ය. ඔව්හු ඒ මාර්ගයෙහි ඔවුන් ළඟින් යන සියල්ලන්ගෙන් කොල්ලකෑවෝ ය. එපවත් අබිමෙලෙක්ට දන්වන ලද්දේ ය.


මිනීමරුවා අලුයමින් නැඟිට දිළිඳුන් හා අසරණයන් මැරීමට යයි; රාත්‍රියේ දී සොරකමට යයි.


දැහැමියාගේ නිවස වටා නපුරෙකු මෙන් සැඟවී නොසිටින්න; ඔහුගේ වස්තුව කොල්ල නොකන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්