Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 4:14 - Sinhala New Revised Version

14 එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 මාගේ රෝගය ඔබට පරීක්ෂාවක් වුවත්, ඔබ මා පිළිකුල් කළේවත්, අවඥාවට ලක් කළේවත් නැත. සැබෑවට ඔබ මා පිළිගත්තේ දෙවියන්වහන්සේගේ දූතයකු පරිද්දෙනි; ක්‍රිස්තුස් යේසුස්වහන්සේ පරිද්දෙනි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත් මාගේ ආබාධය ඔබට කරදරයක් වුව ද, ඒ නිසා ඔබ මා පිළිකුල් කළේවත්, මට ද්වේෂ කළේවත් නැත. එසේ නොව දෙවියන් වහන්සේගේ දූතයෙකු මෙන් ද එපමණක් නොව ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ ම මෙන් ද ඔබ මා පිළිගත්තහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මාගේ මාංසය සම්බන්ධයෙන් නුඹලාට පරීක්ෂාවක්ව තිබුණු දේ නුඹලා සුළුකළේවත් එපාකළේවත් නැතුව, දෙවියන්වහන්සේගේ දූතයෙකු මෙන්ද, එසේය, ක්‍රිස්තුස් යේසුස්වහන්සේ මෙන්ද මා පිළිගත් බව නුඹලා දන්නහුය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 4:14
23 හුවමාරු යොමු  

“ඔබ පිළිගන්නා මා පිළිගන්නේ ය; මා පිළිගන්නා මා එවූ තැනැන් වහන්සේ පිළිගන්නේ ය.


තවත් කරුණක් ගැන අපි දෙවියන් වහන්සේට නොකඩවා තුති පුදමු. දෙවියන් වහන්සේගේ පණිවුඩය අප ඔබ වෙත ගෙනා කල, ඔබ එය අසා පිළිගත්තේ මනුෂ්‍යයන්ගෙන් එන පණිවුඩයක් මෙන් නොව, ඇත්තෙන් ම දෙවියන් වහන්සේගෙන් ම එන පණිවුඩයක් හැටියට ය. මන්ද, අදහන ඔබ අතර ක්‍රියා කරන්නේ දෙවියන් වහන්සේ ය.


ආගන්තුක සත්කාරය අමතක නොකරන්න. මන්ද, ආගන්තුක සත්කාර කළ ඇතැම් අය නොදැනුවත් ව ම දේව දූතයන්ට සත්කාර කළහ.


දෙවියන් වහන්සේ ම අප මඟින් ඔබ හට ආයාචනා කරන්නාක් මෙන්, අපි ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් තානාපතියන් වී, දෙවියන් වහන්සේ හා සමඟි වන ලෙස, ක්‍රිස්තුන් වහන්සේ වෙනුවෙන් ඔබට ආයාචනා කරමු.


දෙවියන් වහන්සේ පිළිබඳ සත්‍ය ඥානය දීම හා ඉගැන්වීම පූජකයන්ගේ යුතුකම් ය. ඔවුන් සියලු බලැති සමිඳාණන් වහන්සේගේ දූතයන් වන බැවින් මාගේ කැමැත්ත පිළිබඳ ව ඉගෙනගැනීම සඳහා සෙනඟ ඔවුන් වෙත යා යුතු ය.


ඒ කාලයෙහි සමිඳාණන් වහන්සේ ජෙරුසලමේ වැසියන් ආරක්ෂා කරන සේක: ඔවුන් අතරෙහි සිටින දුබලයා පවා දාවිත් මෙන් ප්‍රබල වන්නේ ය. දාවිත්ගේ වංශය ද දෙවියන් වහන්සේ මෙන් ද සමිඳාණන් වහන්සේගේ දූතයා මෙන් ද ඔවුන්ට මඟ පෙන්වන්නේ ය.


මාගේ වැඩකාරයා මාගේ ස්වාමීන් වන රජුට ඔබේ මෙහෙකරුවා වන මා ගැන කේලාම් කී ය. එහෙත්, මාගේ ස්වාමීන් වන රජතුමා දෙවියන් වහන්සේගේ දූතයෙකු වැනි ය. ඔබට යහපත යයි පෙනෙන දේ කළ මැනව.


එබැවින් මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන්ගේ වචනයෙන් සැනසීම ලැබේ වා’යි ඔබේ දාසී කීවා ය. මන්ද, යහපත හා අයහපත විමසීමේ දී මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෝ දෙවියන් වහන්සේගේ දූතයෙකුට සමාන ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබ සමඟ සිටින සේක් වා!”


එබැවින් මේ ඉගැන්වීම ප්‍රතික්ෂේප කරන්නා විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නේ මනුෂ්‍යයා නොව, ස්වකීය ශුද්ධාත්මයාණන් ඔබට ප්‍රදානය කරන දෙවියන් වහන්සේ ය.


මා මුලින් සුබ අස්න ගෙනාවේ මට ශරීරාබාධයක් තිබූ නිසා බව ඔබ දන්නහු ය.


ක්‍රිස්තුන් වහන්සේ උදෙසා අපි මෝඩයෝ ය, එහෙත් ඔබ උගත් කිතුනුවෝ ය. අපි දුබල ය; ඔබ බලවත් ය, ඔබට ගෞරවය ඇත, අපට අගෞරවය ඇත.


ලෝකයා අගය කොට සලකන දේ නැති කරනු පිණිස, දෙවියන් වහන්සේ ලෝකයා පහත් කොට සලකන, හෙළා දකින, එමෙන් ම වැදගැම්මක් නැතැ යි සලකන දේ, තෝරාගත් සේක.


ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, මා යවන කවරෙකු නමුත් පිළිගන්නා මා පිළිගනියි; මා පිළිගන්නා මා එවා වදාළ තැනැන් වහන්සේ පිළිගනියි.”


ඔබගේ වචන අසන්නා මාගේ වචන අසයි; ඔබ ප්‍රතික්ෂේප කරන්නා මා ප්‍රතික්ෂේප කරයි; මා ප්‍රතික්ෂේප කරන්නා මා එවූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කරන්නේ ය.”


එවිට රජ්ජුරුවන් වහන්සේ උත්තර දෙමින්, ‘සැබැවින් ම මම ඔබට කියමි, මාගේ මේ සහෝදරයන්ගෙන් ඉතා ම සුළු තැනැන්තාට වුව ද ඔබ එසේ කළා නම් එය කෙළේ මට යැ’යි වදාරන සේක.


තවද, යමෙක් මාගේ නාමයෙන් මෙවැනි කුඩා දරුවෙකු පිළිගන්නේ ද ඔහු මා පිළිගන්නේ ය.”


“බලවන්තකමට වඩා ප්‍රඥාව හොඳ ය”යි මම කීවෙමි. එහෙත්, දිළිඳාගේ ප්‍රඥාව සුළු කරනු ලැබේ. ඔහුගේ වචනයට සවන් දීමක් නැත.


මම සුළු කෙනෙක්මි; හීන දීන කෙනෙක්මි. එහෙත්, ඔබේ නියෝග අමතක නොකරමි.


සැප ඇති අය අසරණයන් සුළු කර සිතති; වැටෙන්න යන අයට පහර දී බිම හෙළති.


ඔබ සියල්ලෝ ම ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ ඇදහිල්ල කරණකොටගෙන දෙවියන් වහන්සේගේ පුත්‍රයෝ ය.


ඔබ සියල්ලන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ එක් කෙනෙකු මෙන් සිටින නිසා, ජුදෙව්-ග්‍රීක භේදය වත්, දාස-නිර්දාස භේදය වත්, ස්ත්‍රී-පුරුෂ භේදය වත් නැත.


එසේ නම්, ඔබට තිබුණු ඒ ප්‍රීතිය දැන් කොයි ද? ඔබගේ ඇස් උගුළා මට දෙන තරමට වුව ද ඔබ සූදානම් ව සිටි බව සහතික ලෙස කිව හැකි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්