Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගලාති 2:14 - Sinhala New Revised Version

14 එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. “ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

14 මෙසේ ඔවුන් ශුභාරංචියේ සත්‍යතාවට අනුව ක්‍රියා නො කරන බැව් දුටු මම, ඔවුන් සියල්ලන් ඉදිරිපිට කේපස්ට මෙසේ කීවෙමි. “යුදෙව්වකු වෙලත් ඔබ ජීවත් වන්නේ යුදෙව්වකු ලෙස නො ව, අන්‍ය-ජාතිකයකු ලෙසයි. එසේ නම් යුදෙව්වන් ලෙස ජීවත්වන්නැයි අන්‍ය-ජාතීන්ට ඔබ බල කරන්නේ කොහොම ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එහෙත් ඔවුන්ගේ හැසිරීම සුබ අස්නේ සත්‍යයට පටහැනි බව දුටු මම මුළු සමූහයා ඉදිරියේ පේදුරුට මෙසේ කීවෙමි. “ඔබ ජුදෙව්වරයෙකු වන නමුත්, ජුදෙව්වරයෙකු සේ නොව, විජාතිකයෙකු සේ ජීවත් වූවෙහි ය. එසේ නම් විජාතීන් ජුදෙව්වරුන් සේ ජීවත් විය යුතු යයි ඔබ ඔවුන්ට බල කරන්නේ කෙසේ ද?”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 නුමුත් මම වනාහි ඔවුන් ශුභාරංචියේ සැබෑවේ හැටියට ඇදනැතිකමින් නොහැසුරුණු බව දැක, සියල්ලන් ඉදිරියෙහි කේපස්ට කථාකරමින්: නුඹ යුදෙව්වෙක්ව සිට, යුදෙව්වරුන් ලෙස නොව අන්‍යජාතීන් ලෙස හැසිරෙනවා නම්, අන්‍යජාතීන්ට යුදෙව්වරුන් මෙන් හැසිරෙන්ට බල කරන්නේ කෙසේදැයි කීමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගලාති 2:14
30 හුවමාරු යොමු  

සුබ අස්නේ සත්‍යතාව ඔබ උදෙසා පවිත්‍ර ව තබාගන්නා පිණිස, මොහොතක් වත් අපි ඔවුන්ට යටත් නොවීමු.


ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.


අන් අය භය වන පිණිස පව් කරන්නන්ට සියල්ලන් ඉදිරියෙහි තරවටු කරන්න.


මාංසික ලකුණක් අනුව තම උතුම්කම පෙන්වීමට කැමැති අය චර්මඡේදනය ලබන්න ඔබට බල කරති. එසේ කරන්නේ ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය නිසා ඇති වන පීඩාවලින් වළකින පිණිස පමණක් ය.


සමිඳාණෝ අවංක වූවන් හට නියම ප්‍රඥාව දෙන සේක; සත්‍යවාදී අයට එතුමාණෝ පලිහක් වන සේක.


සමිඳාණෝ පවුර ද පලිහ ද වන සේක; අපට කරුණාවත්, මහිමයත් පෙන්වමින් ආශීර්වාද කරන සේක; නිදොස් ලෙස හැසිරෙන අයට සෑම යහපතක් දෙන සේක.


කොර කකුල් අබලන් නොවී, සුවය ලබන පිණිස ඇද නැති මාවත්වල ගමන් කරන්න.


මේවා කෑමබීමවලින් හා විවිධාකාර ආගමික ධෝවනවලින් සමන්විත බාහිර වත්පිළිවෙත් පමණකි. මේවා පවතින්නේ දෙවියන් වහන්සේ සියල්ල සංශෝධනය කරන තුරු පමණ ය.


මේ සේවය මට භාර දුන් බව පිළිගත් සභා නායකයන් වන ජාකොබ්, පේදුරු සහ ජොහන් අතට අත දී බාර්ණබස් ද මා ද පංගුකාරකමට පිළිගෙන, විජාතීන් වෙත අප ද ජුදෙව්වන් වෙත ඔවුන් ද යා යුතු යයි තීරණය කළහ.


අනෙක් අතට, චර්මඡේදනය ලත් අයට සුබ අස්න දේශනා කිරීම පේදුරුට භාරවූවාක් මෙන්, චර්මඡේදනය නොලත් අයට එය දේශනා කිරීම මට භාර කරන ලද බව ඔව්හු පිළිගත්හ.


ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය.


අපේ අනුමැතිය නොලත් සමහරෙකු අප අතරෙන් පිටත් ව ගොස්, නොයෙක් දේ කියා ඔබ කළඹමින් ඔබගේ සිත් අවුල් කළ බව අපි ඇසීමු.


අවංක ව හැසිරෙන්නා සුව සේ වසයි; වංක මඟෙහි යන්නාගේ ක්‍රියා එළි වෙයි.


සුදනෙකු මට දඬුවම් දී තරවටු කළත් එය කාරුණික ක්‍රියාවකි. එහෙත්, දුදනන් දෙන ගරු සම්මාන මම ප්‍රිය නොකරමි. මන්ද, මාගේ අයැදුම නිතර ම ඔවුන්ගේ දුෂ්ටකමට විරුද්ධ ව බැවිනි.


බලවතුනි, ඔබ සාධාරණ තීන්දු දෙන්නහු ද? නායකයෙනි, ඔබ යුතු ලෙස සෙනඟ පාලනය කරන්නහු ද?


නිදොස් ලෙස කල් යවන, දැහැමි ලෙස වැඩ කරන, අවංක වදන් පවසන තැනැත්තාට ය.


“නුඹේ සහෝදරයාට විරුද්ධ ව හිතේ ක්‍රෝධය තබා නොගත යුතු ය. අසල්වැසියාගේ වරදක් ඇත්නම්, නොසඟවා ඔහුට කිව යුතු ය. එවිට ඔහු නිසා නුඹ පාපයට නොවැටෙනු ඇත.


මාගේ සහකාර තීතස්, ග්‍රීකයෙකු වුව ද, ඔහු චර්මඡේදනය කිරීමට බල නොකරන ලදී.


ජුදයෙන් සමහර දෙනෙක් අවුත්, “මෝසෙස්ගෙන් පැවත එන සිරිත ලෙස ඔබ චර්මඡේදනය කරනු නොලැබුවහොත් ඔබට ගැළවීම ලැබිය නොහැකි ය”යි සහෝදරයන්ට ඉගැන්වූ හ.


එවිට පරිසිවරුන්ගේ කණ්ඩායමට අයත් ඇදහිලිවතුන් සමහරෙක් නැඟිට, “චර්මඡේදනය කරන්නටත් මෝසෙස්ගේ ව්‍යවස්ථාව පිළිපදින්නටත් ඔවුන්ට නියම කළ යුතු ය”යි කී හ.


මෙපමණ විගසින්, ක්‍රිස්තුන් වහන්සේගේ දේව වරප්‍රසාදය කරණකොටගෙන ඔබ කැඳවා වදාළ තැනැන් වහන්සේ අත්හැර, ඔබ වෙනත් සුබ අස්නක් කරා යාම ගැන මට පුදුමයි.


පේදුරු හමු වීමට මා ජෙරුසලමට ගියේ තෙවසකට පසුව ය. ඔහු සමඟ පසළොස් දිනක් ගත කෙළෙමි.


ඒ දෙකට හේතු වූ ඔබගේ ස්වර්ගීය බලාපොරොත්තුව ගැන පළමුවෙන් ඔබට අසන්නට ලැබුණේ, සත්‍ය සුබ අස්නේ දහම් පණිවුඩය ඔබ වෙත පැමිණි විට ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්