Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 8:4 - Sinhala New Revised Version

4 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පෙන්නූ සැලැස්ම අනුව, ඔහු විසින් එය සාදා තිබිණි. එය තැළූ රනින් නිම කළ එකක් විය. එය මුදුන සිට අඩිය දක්වා තැළූ රනින් සාදා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

4 තවද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට පෙන්නූ සැලැස්ම අනුව, ඔහු විසින් එය සාදා තිබිණි. එය තැළූ රනින් නිම කළ එකක් විය. එය මුදුන සිට අඩිය දක්වා තැළූ රනින් සාදා තිබිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

4 පහන් රුකේ කර්මාන්තය වනාහි තළාපු රනින් විය; ඒකේ අඩිය හා ඒකේ මල් දක්වා එය තළාපු කර්මාන්තය විය. ස්වාමීන්වහන්සේ මෝසෙස්ට පෙන්වූ ආදර්ශය ලෙස ඔහු පහන්රුක සෑදුවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 8:4
11 හුවමාරු යොමු  

කරුණාසනයේ දෙකෙළවරෙහි රනින් තළා සෑදු කෙරුබ්වරුන් දෙදෙනෙකු වාත්තු කළ යුතු ය.


මා නුඹට පෙන්වන සැලැස්ම අනුව මණ්ඩපය ද එහි සියලු උපකරණ ද සෑදිය යුතු ය.”


එබැවින් ස්වර්ගීක දේවල අනුරූ පූජාවලින් පවිත්‍ර කිරීම අවශ්‍ය වී නම්, ස්වර්ගීක දේවල් මීට වඩා උතුම් පූජාවලින් පවිත්‍ර කරනු ලැබිය යුතු ය.


මෝසෙස් මණ්ඩපය සාදන්නට යන කල: “කන්දේ දී නුඹට පෙන්වන ලද සැලැස්ම අනුව සියල්ල සාදන්නට බලාගනින්නැ”යි දෙවියන් වහන්සේ ආඥා කළ සේක. ඒ පූජකයෝ එලෙස ස්වර්ගීය දේවල සටහන හා ඡායාවක් ව තිබෙන දේවලට සේවය කරති.


තවද, ඔහු කරුණාසනයේ දෙකෙළවරේ එක්කෙනා බැගින් සවි කරනු පිණිස තළාපු රනින් කෙරුබ්වරුන් දෙදෙනෙකු නිර්මාණ කෙළේ ය.


මෙසේ කන්දේ දී නුඹට පෙන්වූ සැලැස්ම අනුව මණ්ඩපය ඉදි කළ යුතු වේ.”


ආරොන් ද එසේ කරමින්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි පහන්වල එළිය, පහන් රුක ඉස්සරහට වැටෙන සේ ඒවා දැල්විය.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක:


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්