Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 8:14 - Sinhala New Revised Version

14 මෙසේ නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. ඔවුන් මගේ ම වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 මෙසේ නුඹ ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් වෙන් කළ යුතු ය. ඔවුන් මගේ ම වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 මෙසේ ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙන් ලෙවීවරුන් වෙන්කරන්න. ලෙවීවරු මාගේ වන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 8:14
13 හුවමාරු යොමු  

සියලු බලැති සමිඳාණන් වහන්සේ කී දේ ඒ පොතේ මෙසේ සටහන් කර ඇත. “ඔව්හු මාගේ සෙනඟ වන්නෝ ය, මා ක්‍රියා කරන දවසේ දී ඔව්හු මාගේ ම විශේෂ උරුමය වන්නෝ ය. පියෙකු තමාට සේවය කරන පුත්‍රයාට කරුණා කරන්නාක් මෙන් මම ඔවුන්ට කරුණාව දක්වන්නෙමි.


මෙන්න, ඉශ්රායෙල් ජනයා අතරෙන් නුඹේ සොහොයුරන් වන ලෙවීවරුන් තෝරාගෙන නුඹට තිළිණයක් වශයෙන් ඔවුන් දුන්නේ මම ය. ඔවුන් මට කැප වී ඇති බැවින්, සම්මුඛ මණ්ඩපයේ සේවය ඉටු කළ යුතු ය.


“මම ඉශ්රායෙල් ජනයාගේ මවු කුසයෙන් බිහි වන සියලු ම කුලුඳුලන් වෙනුවට ඉශ්රායෙල් ජනයා අතරෙන් ලෙවීවරුන් තෝරාගතිමි. ඔවුන් මාගේ වනු ඇත.


“ඉශ්රායෙල් ජනයා අතර සිටින සියලු කුලුඳුලන් වෙනුවට, ලෙවීවරුන්ගේ කුලුඳුලන් ද, ඉශ්රායෙල් ජනයාගේ ගවයන් වෙනුවට ලෙවීවරුන්ගේ ගවයන් ද මට වෙන් කරන්න. ලෙවීවරුන් මගේ වනු ඇත. මම සමිඳාණන් වහන්සේ වෙමි.


නුඹ ලෙවීවරුන් ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන් හට කැප කොට භාර දිය යුතු ය. මෙසේ ඉශ්රායෙල් ජනයා අතරෙන් ඔවුන් භාර දෙනු ඇත.


“ඉශ්රායෙල් ජනයාට කතා කොට මෙසේ කියන්න: ‘යම් පුරුෂයෙකු හෝ ස්ත්‍රියක හෝ විශේෂ බාරයක් වී සමිඳාණන් වහන්සේට කැප වී වෙන් වන පිණිස නාසරීයයෙකුගේ බාරයක් වූ විට


“නුඹ ලෙවීවරුන් විශේෂ පඬුරක් මෙන් සමිඳාණන් වහන්සේට කැප කළ පසු ඔවුන් පිළිබඳ වගකීම ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට පැවරිය යුතු ය.


මිසර දේශයෙහි සියලු කුලුඳුලන් මරණයට පත් කළ දිනයෙහි ඉශ්රායෙල් ජනයා අතර සියලු කුලුඳුලන් මිනිසෙක් හෝ සතෙක් හෝ වේ වා, මම මට ම කැප කොටගතිමි.


ක්‍රිස්තුස් ජේසුස් වහන්සේගේ දාසයෙකු වන, උන් වහන්සේගේ සුබ අස්න දේශනා කිරීම පිණිස ප්‍රේරිතවරයෙකු වීමට දේව වරමින් කැඳවීම ලත්, පාවුලු වෙ‍තිනි.


එහෙත් දෙවියන් වහන්සේ ස්වකීය වරප්‍රසාදයෙන් මව් කුස පටන් මා වෙන් කොට තෝරාගෙන,


එකල සමිඳාණන් වහන්සේ තමන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යනු සඳහා ද උන් වහන්සේ ඉදිරියෙහි සේවය කිරීමට ද සිය නාමයෙන් ආශීර්වාදය පැවසීමට ද අද දක්වා ම පැවත එන පරිදි ලෙවීගේ ගෝත්‍රයේ ජනයා පත් කළ සේක.


අපට යෝග්‍ය වන්නෙත් එබඳු ධාර්මික, නිර්දෝෂ, නිර්මල, පව්කාරයන්ගෙන් වෙන් වූ, අහස් මඬල ඉක්මවා වැජඹෙන උත්තම පූජකයෙක් ම ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්