Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 6:14 - Sinhala New Revised Version

14 නොකැළැල් අවුරුද්දක් වයසැති, පිරිමි බැටළු පැටවෙකු දවන යාග පූජාවක් සඳහා ද, කැළැල් නැති අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක පාප පූජාවක් සඳහා ද, නොකැළැල් බැටළු වස්සෙකු සහභාගිකමේ පූජාවක් සඳහා ද පඬුරු කොට ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 නොකැළැල් අවුරුද්දක් වයසැති, පිරිමි බැටළු පැටවෙකු දවන යාග පූජාවක් සඳහා ද, කැළැල් නැති අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක පාප පූජාවක් සඳහා ද, නොකැළැල් බැටළු වස්සෙකු සහභාගිකමේ පූජාවක් සඳහා ද පඬුරු කොට ඔප්පු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 තමාගේ පූජාව වන දවන පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුපැටවෙකුද පාප පූජාවක් පිණිස කැලල් නැති එක් අවුරුදු බැටළුවැස්සියෙකුද ශාන්ති පූජා පිණිස කැලල් නැති බැටළුවෙකුද,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 6:14
12 හුවමාරු යොමු  

තවද, ඔහු පාප පූජාව සඳහා බැටළුවෙකු ගෙනෙන්නේ නම්, ඌ නොකැළැල් බැටළුදෙනක විය යුතු ය.


“සමිඳාණන් වහන්සේට පුදන සහභාගිකමේ පූජාව පිණිස යමෙක් තම පූජාව එළු බැටළු රැළෙන් ගන්නේ නම්, ඔහු එය සඳහා නොකැළැල් පිරිමි සතෙකු හෝ ගැහැණු සතෙකු හෝ ඔප්පු කළ යුතු ය.


කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය.


තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන යන ලෙවීවරුන්ට දෙවියන් වහන්සේ පිහිට වන බැවින් ඔව්හු ගොන් හත්දෙනෙකු ද බැටළුවන් හත්දෙනෙකු ද පූජා කළෝ ය.


‘යමෙකු නොදැනුවත්කමින් පව් කළොත්, එවැන්නෙකු පාප පූජාවක් සඳහා අවුරුද්දක් වයසැති එළුදෙනක ගෙනා යුතු ය.


“අට වන දින ඔහු කැළැල් රහිත බැටළු වස්සන් දෙදෙනකු ද කැළැල් රහිත අවුරුද්දක් වයසැති බැටළු වැස්සියක ද තෙල් මිශ්‍ර සිහින් පිටි කිලෝග්‍රෑම් තුනක් ද තෙල් ලීටර් එකකින් තුනෙන් පංගුවක් ද ධාන්‍ය පූජාවක් වශයෙන් ගත යුතු ය.


“සාමාන්‍ය කෙනෙකු අදහස් නොකර පව් කරමින්, සමිඳාණන් වහන්සේගේ පණතකින් තහනම් වූ දෙයක් කොට වැරදිකාරයෙකු වී,


දැවෙන බැටළු පැටවුන්ගේ සුවඳ දුම් සමඟ තරබාරු සතුන්ගෙන් දවන යාග පූජා පුදන්නෙමි. මම ගවයන් ද එළුවන් ද පුදන්නෙමි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්