Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 5:7 - Sinhala New Revised Version

7 එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

7 එවිට ඔවුන් කළ පාපය උච්චාරණය කළ යුතු ය. ඉන්පසු මුළු වන්දිය වශයෙන්, කළ අලාභයට තව පහෙන් පංගුවක් එකතු කර යම් කෙනෙකුට විරුද්ධ ව වැරැද්දක් කෙළේ ද එය ඔහුට ගෙවිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

7 ඔවුන් කළාවූ තමුන්ගේ පාපය කියාදිය යුතුය. තවද ඔහු තමා කළ අලාභයේ මුළු ගණනම ගෙවා එයින් පහෙන් කොටසක් ඊට එකතුකර ඔහුගෙන් අලාභ වින්ද තැනැත්තාට දේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 5:7
14 හුවමාරු යොමු  

“ඉහත දැක්වූ කරුණුවලින් එකක් ගැන යමෙකු වරදකරුවෙකු වූ කල ඔහු තමා කළ පාපය උච්චාරණය කළ යුතු ය.


ජෝෂුවා ආකාන්ට කතා කොට, “මාගේ පුත්‍රය, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගෞරවය දී උන් වහන්සේට ඇත්ත කියා, ඔබ කළ වරද මාගෙන් නොසඟවා, මට දන්වන්නැ”යි කීවේ ය.


“එවිට ඔවුන් මට විරුද්ධ ව කළ ද්‍රෝහිකමෙන් වූ තමන්ගේ අයුතුකම් ද තම පියවරුන්ගේ අයුතුකම් ද ඔවුන් මට විරුද්ධ ව හැසිරීම ද පිළිගත්තත්,


සාකෙවුස් නැඟිට, “ස්වාමීනි, මා සන්තක දෙයින් දෙකෙන් කොටසක් දිළිඳුන්ට දෙමි, යමෙකුගෙන් අයුතු ලෙස යමක් ගෙන තිබේ නම්, ඔහුට සතර ගුණයක් ආපසු දෙමි”යි සමිඳාණන් වහන්සේට කී ය.


තම වරද සඟවන්නා සෞභාග්‍යය නොදනියි; වරද පිළිගෙන, එය දුරලන අයට දයාව ලැබෙයි.


මාගේ පව් නොසඟවා මම පාපෝච්චාරණය කෙළෙමි. “හිමි තුමන්ට මාගේ පව් කියන්නෙමි”යි කීමි. ඔබ ද මාගේ පාප දෝෂ කමා කළ සේක.


“පාප පූජාවට වලංගු නීතිය වන්දි ගෙවීමේ පූජාවට ද වලංගු වේ. පූජා ඔප්පු කරන පූජකවරයාට ඒවා අයිති ය.


“යමෙකු සමිඳාණන් වහන්සේට දිය යුතු ශුද්ධ දේවල් නොදී, නොදැනුවත්ව වැරැද්දක් කළොත්, ඒ වැරැද්ද වෙනුවට ඔහු සමිඳාණන් වහන්සේ වෙත රැළෙන් නොකැළැල් බැටළුවෙකු ගෙනා යුතු ය. වන්දි ගෙවීමේ පූජාවක් සඳහා ඌ තක්සේරු කළ යුත්තේ, ශුද්ධස්ථානයේ වලංගු කාසි අනුව රිදී කාසි මිලට එකඟ ව ය; මෙය වන්දි ගෙවීමේ පූජාවකි.


ඔහු ශුද්ධ දේ නොදීමෙන් කළ වංචාවට ගෙවිය යුතු වන්දි ගෙවා, තව පහෙන් පංගුවක් ද ඊට එකතු කොට පූජකවරයාට දිය යුතු ය. පූජකවරයා ද වන්දි ගෙවීමේ බැටළුවා පුදමින්, ඒ තැනැත්තාගේ පාපයට කමාව අයැදින කල ඔහුට කමා කරනු ලැබේ.‍


මම ඔවුන්ට විරුද්ධ ව ක්‍රියා කර ඔවුන්ගේ සතුරන්ගේ දේශයට ඔවුන් පමුණුවන්නෙමි. එකල්හි වත් ඔවුන්ගේ දරදඬු සිත් යටහත් වී ඔව්හු තමන්ගේ අයුතුකමේ දඬුවම පිළිගන්නෝ නම්,


එහෙත්, වන්දිය ගෙවීම සඳහා ඔහුට නෑයෙක් නැත්නම්, එම වන්දිය පූජකවරයා විසින් ගනු පිණිස සමිඳාණන් වහන්සේට ගෙවිය යුතු වේ. මේ වන්දිය ඔහු උදෙසා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට පුදන බැටළු වස්සාට අමතර ව ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්