Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:33 - Sinhala New Revised Version

33 සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරීගේ දරුපරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

33 සම්මුඛ මණ්ඩපයේ බඩු භාණ්ඩ පිළිබඳ මෙරාරීගේ දරුපරපුරට පැවරෙන වගකීම් ඉහත දක්වන ලදී. මේ සියල්ල ඔවුන් ඉටු කළ යුත්තේ පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ය.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

33 පූජක ආරොන්ගේ පුත්‍රවූ ඊතාමාර්ගේ අත යටතේ සම්මුඛවීමේ කූඩාරම ගැන තිබෙන මෙරාරීගේ පුත්‍රයන්ගේ පවුල්වල මුළු වැඩේ හැටියට ඔවුන්ගේ මෙහෙය මේයයි කීසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:33
7 හුවමාරු යොමු  

ගේර්ෂොන්ගේ දරුපරපුරට සම්මුඛ මණ්ඩපය පිළිබඳ ව පැවරෙන වගකීම ඉහත දැක්වෙන ඒවා ය. තවද, පූජක ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ ඔවුන් ඒ වගකීම් ක්‍රියාත්මක කළ යුතු වේ.”


එක් වංශයකට අයිති අය තමන් අතරෙන් කෙනෙකු තෝරාගෙන, “ඔබට අඳින්න අඩු තරමින් වස්ත්‍රයක් ඇත; ඒ නිසා මේ අවුල් වියවුල් ඇති අවදියේ අපේ නායකයා වන්නැ”යි කියන කාලයක් පැමිණෙන්නේ ය.


ඉන්පසු ඔහු පූජකවරුන් අමතමින්, “ගිවිසුම් කරඬුව රැගෙන සෙනඟට පෙරටුවෙන් යන්නැ”යි කීවේ ය. එවිට ඔව්හු එය රැගෙන සෙනඟට පෙරටුව ගියහ.


වටේට ඇති මළුවේ කණු ද ඒවායේ තවු ද ඇබ ද ලණු ද සියලු මෙහෙයයන්ට භාවිත කරන බඩු භාණ්ඩ සියල්ල ද උසුලාගෙන යා යුතු ය. තවද, එක් එක්කෙනා උසුලාගෙන යා යුතු බඩු භාණ්ඩ, නම් වශයෙන් වෙන් කොට ඔවුන්ට භාර දිය යුතු වේ.


ඉන්පසු මෝසෙස්, ආරොන් සහ ප්‍රජා මූලිකයෝ, කොහාත්ගේ දරුපරපුර ඔවුන්ගේ පවුල් සහ පිය පෙළපත් අනුව ලියාපදිංචි කළහ.


සාක්ෂි ගිවිසුම් කරඬුව තැබූ මණ්ඩපය සෑදීමට ගත් ලෝහ වර්ගවල ප්‍රමාණය මෙසේ විය. මේ ලැයිස්තුව මෝසෙස් විසින් අණ කරන ලදු ව, ආරොන්ගේ පුත් ඊතාමාර් යටතේ වැඩ කළ ලෙවීවරුන් විසින් පිළියෙළ කරන ලදී.


පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්