Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 4:19 - Sinhala New Revised Version

19 ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී, ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී, කොහාත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුට ම පැවරෙන සේවාව හා වගකීමට ඔවුන් පත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

19 ඔවුන් අතිශුද්ධ බඩු භාණ්ඩවලට ළඟා වන විට නොමැරී, ජීවත් වනු පිණිස ඔවුන් ගැන කලින් කී පරිදි ක්‍රියා කරන්න. ආරොන් හා ඔහුගේ පුත්‍රයන් ඇතුළු වී, කොහාත්ගේ ගෝත්‍රයේ සෑම කෙනෙකුට ම පැවරෙන සේවාව හා වගකීමට ඔවුන් පත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

19 ඔවුන් අතිශුද්ධ දේවලට ළඟාවන කල්හි නොනැසී ජීවත්ව සිටින පිණිස ඔවුන් ගැන මෙසේ කරන්න–ආරොන් සහ ඔහුගේ පුත්‍රයෝ ඇතුල්ව ඔවුන් එක එකා තම තමාගේ මෙහෙයටත් ගෙන යන බරටත් පත්කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 4:19
6 හුවමාරු යොමු  

“මෙලෙස කඳවුර ගලවා ඉදිරියට යන අවස්ථාවක, ආරොන් සහ ඔහුගේ පුතුන් ශුද්ධස්ථානය හා එහි සියලු බඩු භාණ්ඩ වසා නිම කළ පසු කොහාත්ගේ දරුපරපුර පැමිණ එය උසුලාගෙන යා යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධ වූ කිසි ම භාණ්ඩයකට අත නොතැබිය යුතු ය. එසේ කළොත් ඔවුන් මිය යනු ඇත. සම්මුඛ මණ්ඩපය පිළිබඳ කොහාත්ගේ දරුපරපුරට පැවරෙන වගකීම මෙය වේ.


මණ්ඩපය වෙන තැනකට ගෙන යා යුතු විට, එය ගැලවිය යුත්තෝ ද වෙන තැනක එය සවි කළ යුත්තෝ ද ඔව්හු ය. අන් කිසිවෙකු ඊට ළං වුවහොත් ඔහු මරණයට පත් කළ යුතු ය.


“ලෙවීවරුන් අතරෙන් කොහාත්ගේ ගෝත්‍රයේ දරුපරපුර පහ නොකරන්න.


ඔවුන් නාකොන්ගේ කමතට පැමිණි විට හරකුන් දැඟලූ බැවින්, උශ්ශා දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවට අත දිගු කොට එය ඇල්ලුවේ ය.


උන් වහන්සේ මෝසෙස්ට කතා කොට, “නුඹ බැස ගොස් සමිඳාණන් වහන්සේ වන මා බැලීමට මායිම් බිඳගෙන නොඑන පිණිස සෙනඟට අණ කරන්න. නැත්නම් බොහෝ දෙනෙකු නසින්න පුළුවන.


නුඹ කෙරෙහි තිබෙන වගකීම් ද සම්මුඛ මණ්ඩපයට අදාළ ඔවුන්ගේ වගකීම් ද ඉටු කළ යුතු ය. එහෙත්, ඔවුන් ශුද්ධස්ථානයේ සහ පූජාසනයේ බඩු භාණ්ඩවලට කිට්ටු නොවිය යුතු ය. ඔවුන් එසේ කළොත් ඔවුනුත්, නුඹත් මරණයට පත් කරනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්