Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 36:9 - Sinhala New Revised Version

9 උරුම කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොගොස් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.’ “

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 උරුම කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොගොස් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.’ ”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මෙසේ උරුමයක් එක ගෝත්‍රයකින් වෙන ගෝත්‍රයකට මාරු නොවන්නේය; මක්නිසාද ඉශ්‍රායෙල් පුත්‍රයන්ගේ සියලු ගෝත්‍රයන් තම තමුන්ගේ උරුමයටම බැඳී සිටිනවා ඇතැයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 36:9
6 හුවමාරු යොමු  

‘තවද, ඉශ්රායෙල් ජනයා අතර උරුමයක් හිමි සෑම දුවක ම තම පිය පෙළපත් ගෝත්‍රයේ කෙනෙකු සමඟ විවාහ විය යුතු ය. එවිට ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම පිය පෙළපත් උරුමය භුක්ති විඳිනු ඇත.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ශෙලෝපෙහාද්ගේ දූවරු ද ඉටු කළහ.


එවිට ඉශ්රායෙල් ජනයාගේ උරුමයේ කොටස් ගෝත්‍රයෙන් ගෝත්‍රයට නොයනු ඇත. මන්ද, මෙසේ කිරීමෙන් ඉශ්රායෙල් ජනයා අතර සෑම කෙනෙකු ම තම තමාගේ පිය පෙළපත් ගෝත්‍රයේ උරුමයට ම බැඳී සිටිනු ඇත.


ඉන්පසු ජෝෂුවා මුළු සෙනඟ තම තමන්ගේ උරුම ප්‍රදේශවලට යැව්වේ ය.


මාගේ ස්වාමීන් වන රජතුමෙනි, ඔබේ මෙහෙකරුවා වන මාගේ වචනවලට සවන් දෙන්න. ඔබ තුමා මට විරුද්ධ ව පෙළඹුවේ සමිඳාණන් වහන්සේ නම්, උන් වහන්සේ පූජාවක් පිළිගන්න සේක් වා! එහෙත්, ඔබ තුමා පෙළඹෙව්වේ මනුෂ්‍යයෝ නම්, ඔව්හු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි සාපලද්දෝ වෙත් වා. මන්ද, ඒ මිනිස්සු, ‘ඔබ ගොස් අන් දෙවිවරුන්ට නමස්කාර කරන්න’ කියා මට දැන් සමිඳාණන් වහන්සේගේ උරුමයට හිමිකමක් නැති වන හැටියට මා පන්නාදැමූ හ.


“මාගේ පියවරුන්ගේ උරුමය ඔබට දීමෙන් සමිඳාණන් වහන්සේ මා වළක්වන සේක් වා”යි නාබොත් ආහබ්ට කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්