Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 31:10 - Sinhala New Revised Version

10 තවද, ඔවුන් විසූ නගර හා කඳවුරු සියල්ල ද ගිනිබත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 තවද, ඔවුන් විසූ නගර හා කඳවුරු සියල්ල ද ගිනිබත් කළහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 ඔවුන් විසූ ස්ථානවල සියලු නුවරවල්ද ඔවුන්ගේ සියලු කොටුද ගින්නෙන් දවා දැමූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 31:10
8 හුවමාරු යොමු  

එබැවින්, මාරක රෝග ද ශෝකය ද සාගතය ද යන ඇගේ පීඩා එක දවසේ ම ඈට පැමිණෙන්නේ ය. ඈ සහමුලින් ම ගින්නෙන් දවනු ලබන්නී ය. මන්ද, ඈ විනිශ්චය කළ දෙවි ස්වාමීන් වහන්සේ බලසම්පන්න ය.”


ඔබේ දේශය පාළු වී ඇත; නගර ගිනිබත් වී ඇත. ඔබ බලා සිටිය දී විදේශිකයෝ ඔබේ දේශය නැතිනාස්ති කරති. එය සොදොම් මෙන් පාළු වී ඇත.


මිසරයේ රජ වූ පාරාවෝ‍ අවුත් ගෙශෙර් නම් නගරය අල්ලාගෙන, එය ගිනිබත් කොට, ඒ නගරයේ විසූ කානානිවරුන් මරා එය සලමොන් රජුගේ බිරිඳ වන තම දුවට දායාදයක් කොට දී තිබිණි.


දාවිත් සහ ඔහුගේ සෙනඟ තුන් වන දා ශික්ලග් නගරයට පැමිණියහ. ඊට පෙර අමලෙක්වරු දකුණු දිශාවටත්, ශික්ලග්ටත් විරුද්ධ ව අවුත්, ශික්ලග්ට පහර දී ඒ නගරය ගින්නෙන් දවාදමා,


ඉන්පසු ඔව්හු නුවර හා එහි තිබුණ සියල්ල ගින්නෙන් පුළුස්සා දැමුවෝ ය. රන් රිදී ද ලෝකඩ හා යකඩ බඩු ද ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගෘහයෙහි ගබඩාවෙහි තැන්පත් කළෝ ය.


මේ දැක්වූයේ ජනපද හා කඳවුරු අනුව ඉෂ්මායෙල්ගේ පුත්‍රයන්ගේ නාමාවලිය වේ. මොවුහු ගෝත්‍ර දොළසක ගෝත්‍රපතීහු දොළසකි.


ඉශ්රායෙල් ජනයා මිදියන් ස්ත්‍රීන් සහ දරුදැරියන් ද සිරබාරයට ගෙන ඔවුන්ගේ ගවමහිෂයන්, එළු බැටළු පට්ටි සහ ධනසම්පත් සියල්ල පැහැරගත්හ.


එහෙත්, කොල්ලකාගත් සියල්ල ද සිරබාරයට ගත් මිනිසුන් සහ පැහැරගත් සතුන් ද තබාගත්හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්