Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 30:12 - Sinhala New Revised Version

12 එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන ඇසූ යම් දිනක ඒවා අවලංගු කළොත්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින්, සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

12 එහෙත්, ඇගේ සැමියා ඒවා ගැන ඇසූ යම් දිනක ඒවා අවලංගු කළොත්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ සැමියා ඒවා අවලංගු කළ බැවින්, සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

12 එහෙත් ඇගේ පුරුෂයා ඒ ඇසූ දවසේදී ඒවා මුළුමනින්ම අවලංගු කෙළේනම්, ඇගේ බාරවල් ගැනද ඇගේ බැඳීම ගැනද ඇගේ තොල්වලින් නික්මුණාවූ කිසිවක් ස්ථිර නොවන්නේය. ඇගේ පුරුෂයා ඒවා අවලංගු කෙළේය; ස්වාමීන්වහන්සේද එය ඈට ක්ෂමාකරනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 30:12
10 හුවමාරු යොමු  

එහෙත්, ඇගේ සැමියා එය අසා යම් දිනක ඈට ඒවා තහනම් කළොත්, ඈ කළ බාර ද යමකින් වැළකීමට දුන් පොරොන්දු ද කිසිවක් ඉටු කිරීමට ඈ බැඳී නැත. සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.


ක්‍රිස්තුන් වහන්සේ පුරුෂයා කෙරෙහි ප්‍රධානියා බව ද, පුරුෂයා ස්ත්‍රිය කෙරෙහි ප්‍රධානියා බව ද, දෙවියන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ කෙරෙහි ප්‍රධානියා බව ද මම ඔබට දන්වනු කැමැත්තෙමි.


එහෙත්, ඇගේ පියා ඒවා ගැන දැනගත් පසු, යම් දිනක ඒවා ඈට තහනම් කළොත්, ඈ කළ බාර හා යමකින් වැළකීමට ඈ දුන් පොරොන්දු කිසිත් ඉටු කිරීමට ඈ බැඳී නැත. ඇගේ පියා ඒවා ඈට තහනම් කළ බැවින් සමිඳාණන් වහන්සේ ද ඈට කමා කරන සේක.


මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ.


මුළු ඉශ්රායෙල් ජනතාව ම උදෙසා පූජකවරයා පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කළ පසු ඔවුන්ගේ පව් නොදැනුවත්කමින් වූ නිසා, ඔවුන්ට කමා කරනු ඇත. එහෙත් ඒ නොදැනුවත්කම උදෙසා ගින්නෙන් දවා පුදන පඬුරු සහ ඔවුන්ගේ පාප පූජා සමිඳාණන් වහන්සේ වෙත ගෙනා යුතු ය.


ඇගේ සැමියා ඒ ගැන අසා ඔහු නිහඬ ව සිටිමින් ඈට ඒවා තහනම් නොකෙළේ නම්, ඈ කළ බාර සහ දුන් පොරොන්දු සියල්ල ඉටු කළ යුතු ය.


විවාහක කාන්තාවක කරන බාර සහ යමකින් වැළකීමට දෙන පොරොන්දු වලංගු කිරීමට හෝ අවලංගු කිරීමට හෝ ඇගේ සැමියා හට බලය පැවරේ.


අප ගත් තීරණය ලෙස ම, අප ද අපේ පියවරුන් ද අපේ රජවරුන් ද අපේ අධිපතීන් ද ජුදා නගරවලත්, ජෙරුසලමේ වීදිවලත් කළාක් මෙන්, අපි ‘අහස් රැජින’ නම් දේවතාවියට සුවඳ දුම් ඔප්පු කොට, ඈට පානීය පූජාවන් පුද කරන්නෙමු. මන්ද, ඒ කාලයේ අපි ආහාර බහුල ව ලබාගත්තෙමු. කිසි විපතක් නැති ව සැපසේ සිටියෙමු.


ඇගේ පුරුෂයා වන එල්කානා ඈට පිළිතුරු දෙමින්, “ඔබට හොඳ යයි සිතෙන දේ කරන්න; දරුවා කිරි වරන තුරු නැවතී සිටින්න. සමිඳාණන් වහන්සේ තමන්ගේ පොරොන්දුව ඉෂ්ට කරන සේක් වා”යි කීවේ ය. මෙසේ හන්නා නැවතී සිට සිය පුතා කිරි වරන තුරු ඔහුට කිරි දුන්නා ය.


ස්ත්‍රීවරු තවදුරටත් කතා කරමින්, “අප අහස් රැජින නම් දේවතාවියගේ ස්වරූපය අනුව රසකැවිලි සාදා ඈට පූජා කර, සුවඳ දුම් ඔප්පු කර, පානීය පූජා වැගිරෙවූ විට, එසේ කිරීමට අපේ පුරුෂයන්ගේ අනුමතය අපට නොලැබිණි දැ”යි ප්‍රශ්න කළහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්