Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:36 - Sinhala New Revised Version

36 මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

36 මොවුන් හට පැවරෙන වගකීම පහත දක්වන ඒවා පිළිබඳ ව ය. එනම්, මණ්ඩපයේ ලෑලි ද හරස් පොලු ද කණු ද තවු ද එහි සියලු භාණ්ඩ සහ මේවා සම්බන්ධ සේවාවන්ට ගන්න සියල්ල ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

36 මෙරාරීගේ පුත්‍රයන්ට නියම භාරයනම් මණ්ඩපයේ ලෑලිද ඒකේ පොලුද කුළුනුද අඩිද ඒකේ සියලු උපකරණද ඒකේ මෙහෙයට ගන්නා සියල්ලද;

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:36
14 හුවමාරු යොමු  

මේ කඩතුරාව සඳහා ෂිටිම් ලීවලින් කණු පහක් ගෙන ඒවා රනින් ආලේප කළ යුතු යි. ඒවාට රන් කොකු තිබිය යුතු අතර ඒවා සවි කිරීමට ලෝකඩයෙන් තවු පහක් ද වාත්තු කළ යුතු වේ.”


පසුව එය, රිදී තවු හතරක් සවි කළ රන් කොකු සතරක් ඇති, රන් ආලේප කළ, ෂිටිම් කණු සතරක එල්ලිය යුතු ය.


පූජක ආරොන්ගේ පුත්‍ර ඊතාමාර්ගේ පාලනය යටතේ, මෙරාරීගේ දරුපරපුරට ඔවුන්ගේ සේවාව අනුව ගැල් හතරක් සහ ගොනුන් අටදෙනෙකු ද දුනි.


ඉන්පසු ඔව්හු මෝසෙස් වෙත මණ්ඩපය ද කූඩාරම හා එහි බඩු බාහිරාදිය සියල්ල ද කොකු හා ලෑලි ද හරස් ලී හා කුළුණු ද ඒවායේ තවු ද


මෙසේ කොට එය එල්ලීම සඳහා රිදී තවු සතරක් සවි කළ රන් කොකු සතරක් ඇති රන් ගෑ ෂිටිම් ලීයෙන් කණු සතරක් සෑදී ය.


මණ්ඩපයට හා මළුවට කූඤ්ඤ හා ඒවායේ ලණු;


එනම් මණ්ඩපය සහ එහි කූඩාරම, ඊට ආවරණය, කොකු සහ ලෑලි, හරස් පොලු සහ කණු, කෙවෙණි;


තවද, මොවුන්ගේ ප්‍රධානියා අබිහයිල්ගේ පුත් ශුරියෙල් ය. මොවුන් මණ්ඩපයෙන් උතුරු දිශාවට තමන්ගේ කූඩාරම් ගැසිය යුතු ය.


මළුව වටේට ඇති කණු ද ඒවායේ තවු ද ඇබ සහ ලණු ද වේ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්