Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 3:16 - Sinhala New Revised Version

16 මෝසෙස් ද උන් වහන්සේ අණ කළ පරිදි එය ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මෝසෙස් ද උන් වහන්සේ අණ කළ පරිදි එය ඉටු කෙළේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 මෝසෙස්ද ස්වාමීන්වහන්සේ තමාට අණකළ ප්‍රකාර ඔවුන් ගණන්කෙළේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 3:16
11 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ මෝසෙස්ට දුන් අණ පරිදි, ඔහු සහ ආරොන් විසින්, සම්මුඛ මණ්ඩපයේ සේවාව සඳහා කොහාත්ගේ දරුපරපුර ලියාපදිංචි කරන ලදී.


මෙලෙස සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද, ලෙවීවරුන්ගේ පවුල්වලට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින්ගේ මුළු ගණන විසි දෙදහසක් විය.


එවිට ලෙවීගේ පුත්‍රයන් වන පූජකවරුන් එහි ආ යුතු ය. දෙවි සමිඳාණන් වහන්සේට සේවය කිරීමටත්, උන් වහන්සේගේ නාමයෙන් ආසිරි දීමටත් උන් වහන්සේ තෝරාගත්තෝ ඔව්හු ය. සෑම වාද විවාද සහ අඬදබර ඔවුන්ගේ තීන්දුවෙන් තේරුම් බේරුම් කරගත යුතු වේ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔව්හු ගණන් කරන ලදහ. මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ලියාපදිංචි කරන ලදහ.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, ඔහු සහ ආරොන් විසින් සම්මුඛ මණ්ඩපයේ සේවය සඳහා මෙරාරීගේ දරුපරපුර මෙසේ ලියාපදිංචි කරන ලදී.


මෙලෙස සමිඳාණන් වහන්සේගේ අණ පරිදි මෝසෙස් සහ ආරොන් විසින් ලියාපදිංචි කරන ලද අය මොවුහු වූ හ.


ගේර්ෂොන්ගේ දරුපරපුරට පැවරෙන සේවාව සහ වගකීම්, ආරොන් සහ ඔහුගේ පුත්‍රයන් ඔවුන්ට භාර දෙන ලෙස ඉටු විය යුතු ය. එබැවින් නුඹ ද ඔවුන්ට ඔවුන්ගේ වගකීම පැවරිය යුතු වේ.


සමිඳාණන් වහන්සේ ඔහුට අණ කළ පරිදි, ඔහු එය ඉටු කරමින් මුදාගැනීමට ගෙවූ මුදල ආරොන්ට සහ ඔහුගේ පුත්‍රයන්ට දුන්නේ ය.


ඉශ්රායෙල්ගේ දරුවෝ ද එලෙස කළහ. පාරාවෝගේ අණ පරිදි ජෝසෙප් ඔවුන්ට රථවාහන ද මඟට ආහාර ද සැපයී ය.


“ලෙවීගේ ගෝත්‍රයට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැ”යි වදාළ සේක.


ලෙවීගේ පුත්‍රයෝ නම් ගේර්ෂොන්, කොහාත් සහ මෙරාරී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්