Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 21:14 - Sinhala New Revised Version

14 එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

14 එබැවින් සමිඳුන්ගේ සටන් ග්‍රන්ථයෙහි මෙසේ කියා තිබේ: “සුපා නම් පෙදෙස්හි වහෙබ් නුවර ය, මිටියාවත් ය, අර්ණොන් නදිය ඇත,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

14 එබැවින් ස්වාමීන්වහන්සේගේ යුද්ධ පොතෙහි: සූඵායේ වහෙබ්ද අර්ණොන් මිටියාවත්ද

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 21:14
8 හුවමාරු යොමු  

ඒ ගීය ජුදා ජනයාට උගන්වන්නටත් නියම කෙළේ ය. එය ජාෂාර්ගේ පොතේ සඳහන් වී ඇත.


එවිට සෙනඟ තමන්ගේ සතුරන්ගෙන් පළිගන්න තුරු සූර්යයා නැවතී සිටියේ ය; චන්ද්‍රයා ද නැවතුණේ ය. මෙපවත් ජාෂාර්ගේ පොතේ ලියා තිබෙනු නොවේ ද? සූර්යයා සම්පූර්ණ දවසක් පමණ බැස යාමට ඉක්මන් නොවී අහස මැද සිටියේ ය.


මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.


එතැනින් ද යළි ඔව්හු පිටත් ව ගොස්, අමෝරිවරුන්ගේ දේශ සීමා දක්වා ඇති පාළුකරයේ පිහිටි අර්ණොන් ගඟින් එගොඩ කඳවුරු බැඳගත්හ. අර්ණොන් ගඟ පිහිටියේ මෝවබ්වරුන්ගේ හා අමෝරිවරුන්ගේ රටවල් අතර මෝවබ් දේශ සීමාවේ ය.


ආර් නුවර හා මෝවබ් දේශ සීමා පැතිරී යන මිටියාවත්හි බෑවුම් ය.”


“සමිඳාණන් වහන්සේ තවදුරටත් කතා කරමින්, ‘නැඟිට, ගමන අරඹා, අර්ණොන් නදියෙන් එතෙර වන්න. මෙන්න, හෙෂ්බොන්හි රජ වූ අමෝරි ජාතික සීහොන් ද ඔහුගේ රට ද මම නුඹේ බලයට දුනිමි. එය සතු කරගනු පිණිස සටන් අරඹා පහර දෙන්න.


සාවුල් දාවිත්ට කතා කොට, “මෙන්න, මාගේ වැඩිමහල් දුව වන මේරබ් ඔබට භාර්යාව කොට දෙන්නෙමි. ඔබ මා උදෙසා වික්‍රමාන්විත ව සමිඳාණන් වහන්සේගේ යුද්ධවල සටන් කරන්නැ”යි කීවේ ය. සාවුල් එසේ කීවේ, ‘දාවිත් ඔහුගේ අතින් නොව පිලිස්තිවරුන්ගේ අතින් මරනු ලැබිය යුතු ය’යි අදහස් කළ බැවිනි.


ඔව්හු කැදැල්ලෙන් පලවා හරින ලද කුරුල්ලන් මෙන් අර්ණොන්හි තොටුපළවල ඉවක් බවක් නැති ව ඒ මේ අත යති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්