Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 20:28 - Sinhala New Revised Version

28 ඉන්පසු මෝසෙස් ආරොන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසර්ට ඒවා පැළඳ වී ය. ආරොන් කඳු මුදුනේ දී මියගියේ ය. ඉන්පසු මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් පහතට බැස ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

28 ඉන්පසු මෝසෙස් ආරොන්ගේ ඇඳුම් ගලවා ඔහු පුත් එලෙයාසර්ට ඒවා පැළඳ වී ය. ආරොන් කඳු මුදුනේ දී මියගියේ ය. ඉන්පසු මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් පහතට බැස ආහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 එවිට මෝසෙස් ආරොන්ගේ වස්ත්‍ර ඔහුගෙන් ගළවා ඔහුගේ පුත්‍රවූ එලෙයාසර්ට ඒවා ඇන්දෙවුවේය; ආරොන් එහි කන්ද මුදුනේදී මළේය. එවිට මෝසෙස් සහ එලෙයාසර් කන්දෙන් බැස්සෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 20:28
22 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයා බෙනේ-ජාකන් නම් ස්ථානයේ සෙනඟට අයිති ළිං තිබූ තැනින් නික්ම මොසේරා දක්වා ගමන් ගත්හ. එහි දී ආරොන් මරණයට පත් වූයෙන් එහිම භූමදාන කරන ලදී. ඔහු වෙනුවට ඔහුගේ පුත් එලෙයාසර් පූජක නිලයේ සේවය කෙළේ ය.


එබැවින් මාගේ ඇවෑමෙන් පසු ඔබට මේ දේවල් හැම කල්හි ම සිහි කරගැන්මට පිළිවන් වන පිණිස මට හැකි හැම දේ ම මම කරමි.


තවද, දාවිත් තමාගේ පුත් සලමොන්ට උපකාර කරන පිණිස ඉශ්රායෙල්හි සියලු අධිපතීන්ට අණ කරමින්,


මෝසෙස්, නූන්ගේ පුත් ජෝෂුවා පිට තම අත් තැබූ බැවින්, ඔහු ප්‍රඥානුභාවයෙන් පූර්ණ වූයේ ය. ඉශ්රායෙල් ජනතාව ද ඔහුට කීකරු වී සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ලෙස කළෝ ය.


මෙසේ සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස්, උන් වහන්සේ වදාළ පරිදි මෝවබ් දේශයේ දී මියගියේ ය.


ආරොන්ගේ ඇඳුම් ගලවා, ඔහු පුත් එලෙයාසර්ට ඒවා පළඳවන්න. ආරොන් එහි දී මරණයට පත් වනු ඇතැ”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ අණ කළ පරිදි මෝසෙස් ඉටු කෙළේ ය. මුළු ජනතාව බලාගෙන සිටිය දී ඔව්හු හෝර් කන්දට නැංගාහ.


නුඹ එය නැරඹුව පසු නුඹේ සොහොයුරා වූ ආරොන් මේ දිවියෙන් පසු සිය ජනතාව හා එක්වූවා සේ නුඹ ද මේ දිවියෙන් පසු නුඹේ ජනතාව සමඟ එක් වනු ඇත.


ආරොන් අම්මිනාදබ්ගේ දුව වූ නාෂොන්ගේ සහෝදරී වූ එලිෂෙබා බිරිඳ කොට සරණ පාවාගත්තේ ය. ඈ ඔහුට දාව නාදාබ්, අබිහු, එලෙයාසර් සහ ඊතාමාර් ලැබුවා ය.


සදහට ම වලංගු නියෝගයක් ලෙස, ඉශ්රායෙල් ජනයාගෙන් ගත යුතු, ආරොන්ට සහ ඔහුගේ පුතුන්ට හිමි කොටස එය වනු ඇත. එය වෙන් කරන ලද කොටසකි: ඉශ්රායෙල් ජනයා තමන්ගේ සහභාගි වීමේ පූජාවල දී වෙන් කළ කොටසකි. එය ඔවුන් සමිඳාණන් වහන්සේ වන මට පුද කරන විශේෂ පූජාව වනු ඇත.


පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි.


එතැනින් නික්ම මොසේරොත්හි ද,


ආරොන්ගේ පුත් එලෙයාසර් ද මියගියේ ය. ඔව්හු, ඔහුගේ පුත් පිනෙහාස්ට එප්‍රායිම් කඳු රටෙහි දෙන ලද ගිබියා නගරයේ ඔහු තැන්පත් කළෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්