Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 19:3 - Sinhala New Revised Version

3 නුඹ ඒ සතා පූජක එලෙයාසර්ට භාර දිය යුතු ය. ඌ කඳවුරෙන් පිටත ගෙන ගිය පසු, ඔහු ඉදිරියෙහි දී ම කෙනෙකු වැස්සිය මැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 නුඹ ඒ සතා පූජක එලෙයාසර්ට භාර දිය යුතු ය. ඌ කඳවුරෙන් පිටත ගෙන ගිය පසු, ඔහු ඉදිරියෙහි දී ම කෙනෙකු වැස්සිය මැරිය යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 නුඹලා ඌ පූජකවූ එලෙයාසර්ට දෙන්න, ඔහු ඌ කඳවුරෙන් පිටතට ගෙනයේවා, ඌ ඔහු ඉදිරියෙහි යම් කෙනෙකු විසින් මරනු ලැබේවා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:3
11 හුවමාරු යොමු  

ශුද්ධස්ථානය පිළිබඳ පව් කමා කිරීමේ පිළිවෙත ඉටු කිරීමට ලේ ගෙනෙන ලද, පාප පූජාවට පිදූ ගොන් වස්සා සහ එළුවා කඳවුරින් පිටතට ගෙනගොස්, උන්ගේ හම්, මස්, අතුණු සහ ගොම ගින්නේ පිළිස්සිය යුතු ය.


“සාප කළ තැනැත්තා කඳවුරෙන් පිටතට ගෙනෙන්න. ඔහු කී දේට කන් දුන් සියල්ලන් ඔහුගේ හිස මත අත් තබා, මුළු ජනතාව ම ඔහුට ගල් ගැසිය යුතු ය.


ඉන්පසු ඔහු වස්සාගේ සම ද මස් සියල්ල ද හිස ද කකුල් ද අතුණු සහ ගොම ද


යන කොටස් සියල්ල ම කඳවුරෙන් පිටත අළු දමන පවිත්‍ර ස්ථානයකට ගෙන ගොස්, දර පිට තබා ගින්නෙන් දැවිය යුතු ය. මෙලෙස ඌ දැවිය යුත්තේ අළු දමන ස්ථානයක ය.”


ඉන්පසු පූජකවරයා වස්සා කඳවුරෙන් පිටතට ගෙන ගොස්, පළමු වස්සා දැවූ ලෙස මේ වස්සා ද දැවිය යුතු ය. මෙය ජනතාව සඳහා පුදන පාප පූජාවකි.”


උන් වහන්සේ මෝසෙස්ට වදාළ පරිදි මුළු ජනතාව ඔහු කඳවුරෙන් පිටතට ගෙන ගොස්, ඔහුට ගල් ගසා, මරාදැමූ හ.


ඉන්පසු වත්පිළිවෙත් අනුව පවිත්‍ර යැයි සැලකෙන මිනිසෙකු වැස්සීගේ අළු එකතු කර, කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තැබිය යුතු ය. ඉශ්රායෙල් ජනතාවට, තමන්ගේ පව්වලින් පවිත්‍ර වීම සඳහා, අපවිත්‍රකම පහකරන ජලය පිළියෙළ කිරීමට ඒ අළු ආරක්ෂා කොට තැබිය යුතු ය.


සීනයි පාළුකරයේ දී නාදාබ් සහ අබීහු සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි අනියම් ගිනි ඔප්පු කළ විට ඔව්හු මළහ. ඔවුන්ට දරුවෝ ද නො වූ හ. එබැවින් එලෙයාසර් සහ ඊතාමාර්, තම පියා වන ආරොන්ගේ ජීවිත කාලයේ දී පූජක නිලයේ සේවා ඉටු කළහ.


“බෝවෙන සෑම චර්ම රෝගයක් ඇති සෑම කෙනෙකු ම, ධාතු මෝචනය ඇති සෑම කෙනෙකු ම, මෘත ශරීරයක් නිසා කෙලෙසුණ සෑම කෙනෙකු ම කඳවුරින් පිටතට දැමිය යුතු ය කියා ඉශ්රායෙල් ජනයාට අණ කරන්න.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්