Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 19:17 - Sinhala New Revised Version

17 “ ‘මෙලෙස අපවිත්‍ර කෙනෙකු සඳහා, පාපයෙන් පවිත්‍ර වීමට පිළිස්සූ වැස්සියගේ අළු ගෙන, භාජනයකට දමා පිරිසිදු ජලය වත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 “ ‘මෙලෙස අපවිත්‍ර කෙනෙකු සඳහා, පාපයෙන් පවිත්‍ර වීමට පිළිස්සූ වැස්සියගේ අළු ගෙන, භාජනයකට දමා පිරිසිදු ජලය වත් කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 පුලුස්සා දැමූ පාප පූජාවේ අලුවලින් ස්වල්පයක් අපවිත්‍ර තැනැත්තා උදෙසා රැගෙන භාජනයක දමා ගලායන වතුර ඒවා පිට වත්කරත්වා.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 19:17
11 හුවමාරු යොමු  

මන්ද, සිංහාසනය මැද සිටින බැටළු පෝතකයාණෝ ඔවුන්ගේ එඬේරාණන් වී, ජීවන දිය උල්පත්වලට ඔවුන් ගෙනයන සේක. දෙවියන් වහන්සේ ද ඔවුන්ගේ ඇස්වලින් සියලු කඳුළු පිස දමන සේකැ”යි කී ය.


ශුද්ධ ලියවිල්ලෙහි කියා තිබෙන පරිදි මා කෙරෙහි අදහන්නා තුළින් ජීවනදායක ජලධාරා ගලන්නේ ය”යි ප්‍රකාශ කළ සේක.


දිය උල්පත්වලින් ද ගලා බසින දිය දහරින් ද ලෙබනොන් කඳුවලින් ගලා බසින ඇල දොළින් ද ඒ උයනට වතුර ලැබේ.


ඉන්පසු වත්පිළිවෙත් අනුව පවිත්‍ර යැයි සැලකෙන මිනිසෙකු වැස්සීගේ අළු එකතු කර, කඳවුරෙන් පිටත පවිත්‍ර තැනක තැබිය යුතු ය. ඉශ්රායෙල් ජනතාවට, තමන්ගේ පව්වලින් පවිත්‍ර වීම සඳහා, අපවිත්‍රකම පහකරන ජලය පිළියෙළ කිරීමට ඒ අළු ආරක්ෂා කොට තැබිය යුතු ය.


ඊසාක්ගේ මෙහෙකරුවන් මිටියාවතේ ළිං කණින විට ඔවුන්ට එහි දිය උල්පත් සහිත ළිඳක් සම්බ විය.


මන්ද, වත්පිළිවෙත් අනුව අපවිත්‍ර යයි සලකන අය මත එළුවන්ගේත්, ගොනුන්ගේත් ලේ ද, එළ වැස්සියකගේ අළු ද ඉසීමෙන්, ඔව්හු පාරිශුද්ධිය ලබන්නාහු ය.


ඉන්පසු පවිත්‍ර යයි සැලකෙන යමෙකු, හිසොප් කිනිත්තක් ගෙන, වතුරේ පොඟවා කූඩාරමට ද එහි බඳුන් සියල්ලට ද එහි සිටි සියල්ලන්ට ද ඇටකටුවක් හෝ මරණ ලද කෙනෙකු හෝ මෘත ශරීරයක් හෝ සොහොනක් හෝ ස්පර්ශ කළ තැනැත්තාට ද ඉසිය යුතු ය.


නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.”


සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “ඒ කාලයේ දී පාපය හා රූප වන්දනාවෙන් දාවිත්ගේ ගෝත්‍රය ද ජෙරුසලමේ වැසියන් ද පවිත්‍ර කරන පිණිස උල්පතක් ඇරෙන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්