Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 18:27 - Sinhala New Revised Version

27 කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

27 කමතේ ධාන්‍ය ප්‍රමාණයට නැතහොත් මිදි පැසේ මිදිපැන්වල ප්‍රමාණයට නුඹේ විශේෂ පඬුරු ද තක්සේරු කළ යුතු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

27 නුඹලාගේ එසවීමේ පූජාව පාවරේ ධාන්‍ය මෙන්ද මිදිපැසේ පූර්ණකම මෙන්ද නුඹලාට ගණන්ගනු ලබන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:27
9 හුවමාරු යොමු  

තවද, නුඹ ලෙවීවරුන්ට මෙසේ කිව යුතු ය: ‘නුඹලා පඬුරුවලින් ඉස්තරම් කොටස සමිඳාණන් වහන්සේට පූජා කළ පසු, ඉන් ඉතිරි කොටස, කමතේ ඉතිරි ධාන්‍ය මෙන් ද, මිදිපැසේ ඉතිරි මිදිපැන් මෙන් ද නුඹලාට අයිති වනු ඇත.


ඔහු උත්තර දෙමින්, “සමිදාණන් වහන්සේ ඔබට පිහිට නොවන සේක් නම්, මම කුමකින් ඔබට පිහිට වෙම් ද? මට තිරිඟු වත් මිදි වත් ඇද් දැ?”යි කියා,


ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ඔබට ශුභසිද්ධිය සලසා දුන් පරිදි ඔබේ එළු බැටළුවන්ගෙන් ද කමතින් ද මිදි පැසෙන් ද නොමසුරු ලෙස එවැන්නෙකුට දිය යුතු ය.


අස්වැන්න නෙළන විට සමිඳාණන් වහන්සේට විශේෂ පඬුරක් ඔප්පු කරන ලෙස, පළමු ධාන්‍යවලින් සෑදූ රොටියක් ද ඔප්පු කළ යුතු ය.


ඔව්හු ජොර්දානෙන් එගොඩ අතාද් නම් ස්ථානයේ කමතට පැමිණ, එහි මහත් සංවේගයකින් තදින් වැලපුණාහ. ජෝසෙප් ද දවස් හතක් අවමංගල වත්පිළිවෙත් ඉටු කෙළේ ය.


“ලෙවීවරුන්ට කතා කොට මෙය කියන්න: ‘නුඹලාට උරුම කොට දුන් දසයෙන් කොටස නුඹලා ඉශ්රායෙල් ජනයාගෙන් ගන්න විට, එයිනුත් දසයෙන් කොටසක් විශේෂ පඬුරක් වශයෙන් සමිඳාණන් වහන්සේට පිදිය යුතු ය.


නුඹලා මෙලෙස ඉශ්රායෙල් ජනයා අතින් ගන්න දසයෙන් කොටසින් විශේෂ පඬුරක් සමිඳාණන් වහන්සේට පූජා කළ යුතු ය. තවද, උන් වහන්සේගේ ඒ කොටස පූජක ආරොන්ට දිය යුතු ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්