Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 18:23 - Sinhala New Revised Version

23 ලෙවීවරුන් සම්මුඛ මණ්ඩපය තුළ සේවය කරමින්, එහි සම්පූර්ණ වගකීම ඉසිලිය යුතු ය. මෙය ඔවුන්ගේ පෙළපතට සදහට ම වලංගු නියෝගයකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම වන ඉඩකඩම් නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

23 ලෙවීවරුන් සම්මුඛ මණ්ඩපය තුළ සේවය කරමින්, එහි සම්පූර්ණ වගකීම ඉසිලිය යුතු ය. මෙය ඔවුන්ගේ පෙළපතට සදහට ම වලංගු නියෝගයකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම වන ඉඩකඩම් නොවනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

23 එහෙත් ලෙවීවරුම සම්මුඛවීමේ කූඩාරමේ මෙහෙය කර තමුන්ගේ අපරාධ ගැන වග කියන්නෝය. ඒක නුඹලාගේ පරම්පරාවල සදාකාල පනතක් වන්නේය, ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ඔවුන්ට කිසි උරුමයක් නොවන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 18:23
10 හුවමාරු යොමු  

තිරයට පිටතින් ගිවිසුම් කරඬුව ඉදිරිපිට සම්මුඛ මණ්ඩපයෙහි, උදය පටන් සවස දක්වා සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දැල්වෙන පිණිස ආරොන් සහ ඔහුගේ පුත්‍රයන්, මේ පහන තැබිය යුතු වේ. මෙය ඉශ්රායෙල් ජනයා හා ඔවුන්ගේ පෙළපත් සදහට ම පිළිපැදිය යුතු නියෝගයක් වන්නේ ය.”


“තමන්ගේ දේව රූප පස්සේ මුළා වී ගිය ඉශ්රායෙල්වරුන් මුළා ව ගිය කල මා වෙතින් අහක් ව ගියා වූ ලෙවීවරුන් ඔවුන්ගේ පාපවල විපාකය දැරිය යුතු ය.


සමිඳාණන් වහන්සේ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “නුඹ ද නුඹේ දරුවන් ද නුඹේ පවුලේ අය ද ශුද්ධස්ථානයේ කෙරෙන වැරදි පිළිබඳ ව වගකිව යුතු ය. නුඹේ පූජකවරයට විරුද්ධ ව කෙරෙන වැරදි පිළිබඳ ව ද නුඹත්, නුඹේ දරුවනුත් වගකිව යුතු ය.


සමිඳාණන් වහන්සේ නැවතත් ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක: “ඔවුන්ගේ දේශයෙහි නුඹට උරුමයක් වශයෙන් හිමි වන ඉඩකඩම් නොවනු ඇත. එහි කිසි ම කොටසක් නුඹට නොපවරනු ඇත. ඉශ්රායෙල් ජනයා අතර නුඹේ කොටසත්, නුඹේ උරුමයත් මම වෙමි.”


මෙය නුඹලාට සදහට ම වලංගු නියෝගයකි. අපවිත්‍ර වීම පහකරන ජලය ඉහින තැනැත්තා තම ඇඳුම් සෝදාගත යුතු ය. ඒ ජලය ස්පර්ශ කරන තැනැත්තා හවස දක්වා අපවිත්‍ර යයි සැලකිය යුතු ය.


මාසයක් සහ ඊට වඩා වයසැති, ලියාපදිංචි කළ මුළු පිරිමින්ගේ ගණන විසිතුන්දාහකි. ඉශ්රායෙල් ජනයා අතර ඔවුන්ට උරුම කොට යමක් නුදුන් බැවින්, මොවුහු ඉශ්රායෙල් ජනයාගේ සංගණනයට ඇතුළත් නොකරන ලදහ.


මණ්ඩපයේ සේවාවන්ට අදාළ ව, සම්මුඛ මණ්ඩපය ඉදිරිපිට ආරොන් සහ මුළු ජනතාව පිළිබඳ වගකීම් ඔවුන් බාරගත යුතු ය.


නුඹලා වසන සෑම තැනක ම, සෑම පෙළපතක් කෙරෙහි ම මේ නීති නියෝග වලංගු වනු ඇත.


එබැවින් ලෙවීගේ ගෝත්‍රයේ ජනයාට ඔහුගේ සොහොයුරන්ගේ ගෝත්‍රවල අයට මෙන් රටින් කොටසක් උරුම වී නැත. ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ පොරොන්දු වූ ලෙස ඔවුන්ගේ උරුම කොටස සමිඳාණන් වහන්සේ ම වන සේක.


මෝසෙස් ලෙවී ගෝත්‍රයට පමණක් කිසි උරුමයක් නුදුන්නේ ය. ඔහු ඔවුන්ට කී පරිදි, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේට ගින්නෙන් ඔප්පු කරන පූජා ඔවුන්ගේ උරුමය විය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්