Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 16:2 - Sinhala New Revised Version

2 ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පණස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 ඔවුන් සමඟ ඉශ්රායෙල් ජනයා අතර සභාව කැඳවන, ජනප්‍රිය, කීර්තිමත් දෙසිය පනස්දෙනෙක් ද මෝසෙස්ට විරුද්ධ ව කැරලි ගැසූ හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 ඉශ්‍රායෙල් පුත්‍රයන්ගෙන් සභාවේ අධිපතීන් වන සභාවෙන් කැඳවාගනු ලැබුවාවූ කීර්තිමත්වූ මනුෂ්‍යයන් දෙසිය පනස්දෙනෙකු සමඟ මෝසෙස්ට එදිරිව නැගිට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 16:2
10 හුවමාරු යොමු  

මොහුගේ පුත්‍රයෝ නම් නෙමුවෙල්, දාතාන් සහ අබිරාම් ය. දාතාන් සහ අබිරාම් නම් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට අයත්, මෝසෙස්ට හා ආරොන්ට අභියෝග කළ, සෙනඟ අතර සුප්‍රසිද්ධ දෙදෙනා ය.


මොවුහු ඇය නග්නකර, ඇගේ දූ පුතුන් රැගෙන ගොස් ඈ කඩුවෙන් මැරූ හ. ඇය ලත් නිසි විනිශ්චය ගැන සෑම තැන ම ස්ත්‍රීහු ඕපාදූප කී හ.


ඔවුන්ගේ පිය වංශවල ප්‍රධානියෝ මොවුහු ය: ඒපෙර්, ඉෂී, එලියෙල්, අශ්රියෙල්, ජෙරමියා, හෝදවියා සහ ජාදියෙල් ය. ඔව්හු බලවන්තයන් ව, කීර්තිමත් මනුෂ්‍යයන් ව, තමන්ගේ පිය වංශවල ප්‍රධානියන් ව සිටියෝ ය.


ඒ කාලයේ දීත්, ඉන්පසු වත්, මිහි පිට යෝධයෝ සිටියහ. මොවුහු මිනිස්-දූවරුන් හා දිව්‍ය-පුත්‍රයන්ගෙන් උපන් අය වෙත්; මොවුහු දූරාතීතයේ සිටි, සුප්‍රකට, ශ්‍රේෂ්ඨ වීරයෝ ය.


නුඹේ ශෝභනකම නිසා නුඹේ යසගොස දස දෙස පැතිර ගියේ ය. මක්නිසා ද, මා නුඹ කෙරෙහි තැබූ මාගේ තේජස නිසා නුඹේ ශෝභමානකම පරිපූර්ණ වී ය. මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේක.


එප්‍රායිම්ගේ ගෝත්‍රයෙන් බලවන්තයන් ව, තමන්ගේ පිය වංශවල කීර්තිමත් මනුෂ්‍යයන් ව සිටි විසිදාස් අටසියදෙනෙක් ය.


මෙකී ගෝත්‍රික නායකයන් වන ඉශ්රායෙල් ජනයාගේ ප්‍රධානීහු, ජනතාව අතරෙන් තෝරාගන්නා ලදහ.


ඉන්පසු සමිඳාණන් වහන්සේ එවූ ගින්නක් සුවඳ දුම් පිදූ මිනිසුන් දෙසිය පණස්දෙන දවාදැමී ය.


මෝසෙස්, කුෂ් නම් දේශයෙන් කුෂ් ජාතික ස්ත්‍රියක සරණ පාවාගත් හෙයින් මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධ ව කතා කළහ.


“අපේ පියා පාළුකරයේ දී මළේ ය. සමිඳාණන් වහන්සේට විරුද්ධ ව කැරලිගැසූ කෝරාගේ පිරිසට ඔහු අයත් නො වී ය. ඔහු මළේ තමාගේ පාපය නිසා ම ය. ඔහුට පුත්තු නොසිටිය හ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්