Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ගණන් කථාව 15:3 - Sinhala New Revised Version

3 ගව පට්ටිවලින් හෝ එළු බැටළු පට්ටිවලින් හෝ ගත් සතෙකු සමිඳාණන් වහන්සේගේ මහිමයට ගින්නෙන් දවා, දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන් හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ මංගල දිනක දී පුදන පූජාවක් වශයෙන් හෝ පුදන්නහු නම්, ඒවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 ගව පට්ටිවලින් හෝ එළු බැටළු පට්ටිවලින් හෝ ගත් සතෙකු සමිඳාණන් වහන්සේගේ මහිමයට ගින්නෙන් දවා, දවන යාග පූජාවක් වශයෙන් හෝ බාරයක් ඔප්පු කිරීමක් වශයෙන් හෝ ස්වේච්ඡා පූජාවක් වශයෙන් හෝ මංගල දිනක දී පුදන පූජාවක් වශයෙන් හෝ පුදන්නහු නම්, ඒවා සමිඳාණන් වහන්සේ වෙත නඟින සුමිහිරි සුවඳක් වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 භාරයක් ඉෂ්ටකිරීම පිණිස හෝ සතුටු පඬුරක් පිණිස හෝ නුඹලාගේ නියම මංගල්‍යවලදී හෝ ගවරැළෙන්වත් එළු බැටළු රැළෙන්වත් ස්වාමීන්වහන්සේට මිහිරි සුවඳක් කොට නුඹලා ගිනිපූජාවක් ඔප්පුකරනවිට, ඒක දවන පූජාවක් නුමුත් යාග පූජාවක් නුමුත්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:3
27 හුවමාරු යොමු  

සමිඳාණන් වහන්සේ ඒ යාග පූජාවන්හි මිහිරි සුවඳ ආඝ්‍රාණය කර මෙසේ සිතා ගත් සේක: “මිනිසා නිසා මින් මතු කවදා වත් මම පොළොවට සාප නොකරමි; යොවුන් වියේ පටන් මිනිසාගේ සිත නපුරට ඇදී යන බව මම දනිමි; මා මෙවර කළාක් මෙන් මින් මතු කවදා වත් සියලු ජීවමාන සතුන් විනාශ නොකරන්නෙමි.


එබැවින් මේ මුදල වැය කළ යුත්තේ, ගොනුන් ද බැටළුවන් ද බැටළු පැටවුන් ද ඒ සමඟ ඕනෑ කරන ආහාර පූජා සහ පානීය පූජා ද ගැනීමට පමණකි. ජෙරුසලමෙහි තිබෙන, ඔබේ දෙවියන් වහන්සේගේ මාලිගාවේ පූජාසනය පිට ඒවා ඔප්පු කරන්න.


තුටුපහටු සිතින් මම ඔබට පඬුරු පුදන්නෙමි. සමිඳුනි, සැබැවින් ම ඔබ යහපත් බැවින් මම ඔබේ නාමය පසසන්නෙමි.


මෙසේ කළ පසු බැටළුවා මුළුමනින් ම පූජාසනය මත පිළිස්සිය යුතු වේ. එය මට පුද කරන දවන යාග පූජාවකි. ගින්නෙන් දැවූ, එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින සුමිහිරි පූජාවකි.


ඉන්පසු නුඹ ඔවුන්ගේ අත්වලින් ඒවා ගෙන පූජාසනයේ දවන යාග පූජාවක් මත සමිඳාණන් වහන්සේ වන මට සුවඳැති පූජාවක් මෙන් එය පිළිස්සිය යුතු ය. එය සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින ගින්නෙන් දැවූ පූජාවකි.


තවද, සමිඳාණන් වහන්සේ වන මා වෙත නඟින, ගින්නෙන් දැවූ සුමිහිරි පූජාවක් වනු පිණිස, අනික් බැටළුවා ද සවස් කාලයේ දී, උදය ඔප්පු කළ පරිදි ධාන්‍ය පූජාවක් හා පානීය පූජාවක් සමඟ ඔප්පු කළ යුතු ය.


එය ශුද්ධස්ථානයක වැළඳිය යුතු ය. සමිඳාණන් වහන්සේට ගින්නේ දවා පිදූ පූජාවලින් ඔබට හා ඔබේ පුත්‍රයන්ට හිමි කොටස එය වේ. මට අණ කරන ලද්දේ එලෙස ය.


“ඉශ්රායෙල් ජනයා අමතා මෙය කියන්නැ”යි වදාළ සේක. “යමෙකු බාරයක් ඉටු කරන පිණිස තමා ම සමිඳාණන් වහන්සේට කැප කරගත් විට, ඔහු නිදහස් වීම සඳහා ගෙවිය යුතු මුදල නියම කළ යුත්තේ පහත දක්වන පිළිවෙළට ය.


“එහෙත්, පූජා කරන සතා පුදන්නේ භාරයක් හෝ ස්වේච්ඡා පූජාවක් හෝ වශයෙන් නම්, ඔහු එය පුදන දවසේ දී වැළඳිය යුතු ය. ඉන් ඉතිරි කොටස පසුදින ද වළඳන්නට පුළුවන.


එහෙත්, එදින සුමිහිරි සුවඳක් මෙන් සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාව ඔප්පු කළ යුතු ය. එය නම් ගොන් වස්සන් දෙන්නෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.


එහෙත් එදින නුඹලා සුමිහිරි සුවඳක් සේ සමිඳාණන් වහන්සේ වෙත නඟින දවන යාග පූජාවක් උන් වහන්සේට ඔප්පු කළ යුතු ය. ඒ පූජාව නම්, කැළැල් නැති එක ගොන් වස්සෙක් ද, එක බැටළු වස්සෙක් සහ අවුරුද්දක් වයසැති බැටළු පැටවු හත්දෙනෙක් ද වෙති.


පසුව නුමුහුන් රොටි කූඩයක් ද, තෙල් මිශ්‍ර කොට සිහින් පිටිවලින් සෑදූ රොටි ද, තෙල් ගාන ලද නුමුහුන් තුනී රොටි පෙති ද රොටි ධාන්‍ය පූජාවක් සහ පානීය පූජාවක් ද පිදිය යුතු ය.


තවද, “මොහු මාගේ ප්‍රියාදර පුත්‍රයා ය; මොහු කෙරේ මම ඉතා ප්‍රසන්න වී සිටිමි”යි ස්වර්ගයෙන් හඬක් නික්මිණි.


අපි, ගැළවෙන්නන් හා විනාශ වෙන්නන් උදෙසා, දෙවියන් වහන්සේට ක්‍රිස්තුන් වහන්සේ පිදූ සුගන්ධය වෙමු.


විනාශ වන අයට එය මරණයට පමුණුවන මාරක දුර්ගන්ධයකි. ගැළවෙන අයට එය ජීවනයට පමුණුවන ජීවනදායක සුගන්ධයකි. මෙවැනි කාර්යයකට සමතා කවරෙක් ද?


ක්‍රිස්තුන් වහන්සේ අපට ප්‍රේම කොට, මිහිරි සුගන්ධ පූජාවක් ද යාගයක් ද හැටියට අප වෙනුවෙන් දෙවියන් වහන්සේට සිය ජීවිතය පරිත්‍යාග කළාක් මෙන්, ඔබත් ප්‍රේමයෙන් ජීවත් වන්න.


තමන් වහන්සේගේ නාමය එහි පිහිටුවනු පිණිස උන් වහන්සේ යම්කිසි ස්ථානයක් තෝරාගන්න සේක. ඔබේ දවන යාග පූජා ද විශේෂ පූජා ද, දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පඬුරු ද සමිඳාණන් වහන්සේට කළ විශේෂ බාර ද යන සියල්ල ඔබ එතැනට ගෙනා යුතු ය.


වාසල් දොරටු තුළ ධනධාන්‍යවලින් හෝ මිදියුසවලින් හෝ තෙල්වලින් හෝ දසයෙන් කොටස නොකෑ යුතු ය. තවද, එහි දී ගව පට්ටිවල වත්, එළු බැටළු පට්ටිවල වත් කුලුඳුල් සතුන් හෝ ඔබ පොරොන්දු වූ බාරවලින් යමක් හෝ ස්වේච්ඡා පූජා හෝ දෑතින් පුදන විශේෂ පඬුරු හෝ නොකෑ යුතු ය.


එම ස්ථානයට ඔබේ දවන යාග පූජා ද විශේෂ පඬුරු ද දසයෙන් කොටස ද දෑතින් පුදන විශේෂ පූජා ද බාර ද ස්වේච්ඡා පූජා ද ගව පට්ටිවල හා එළු පට්ටිවල කුලුඳුල් සතුන් ද ඔබ ගෙනා යුතු ය.


දැන් මට සියල්ල වුවමනාවටත් වැඩියෙන් ලැබී ඇති බවට සහතික කරමි. ඔබ එපප්‍රොදිතස් අත මා වෙත එවූ දේවල් ද ලබා පූර්ණ වී සිටිමි. ඒවා දෙවියන් වහන්සේට මිහිරි සුගන්ධයක් හා ප්‍රියමනාප පූජාවක් වී ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්