Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 15:29 - Sinhala New Revised Version

29 නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

29 නොදැනුවත්කමින් වන පව් පිළිබඳ ව මවුබිම උපන් ඉශ්රායෙල් ජනයාටත්, ඔවුන් අතර කලකට වසන විදෙශිකයන්ටත් එක ම නීතියක් වලංගු වනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

29 වැරදිල්ලකින් යමක් කරන අය ඉශ්‍රායෙල් පුත්‍රයන් අතරෙහි ස්වදේශියෙක් වුණත් ඔවුන් අතරෙහි වසන විදේශියෙක් වුණත් ඔවුන් ගැන එක ව්‍යවස්ථාවක් නුඹලාට වන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 15:29
12 හුවමාරු යොමු  

ඉශ්රායෙල් ජනයා වන නුඹලාටත්, නුඹලා සමඟ කලකට වසන විදේශිකයන්ටත් ඉදිරියට සදහට ම එක ම නියෝගයක් වලංගු වනු ඇත. සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි නුඹලා සහ විදේශිකයන් එක සමාන වනු ඇත.


තවද, නුඹලා සමඟ කලකට වසන විදේශිකයෙක් සමිඳාණන් වහන්සේගේ ගෞරවයට පාස්කුව පැවැත්වීමට කැමැති නම්, ඔහු ද පාස්කුව පිළිබඳ නියෝග පිළිපදිමින්, එහි සම්ප්‍රදායයන් අනුව එය පැවැත්විය යුතු ය. විදේශිකයෙකුට වේ වා ස්වදේශිකයෙකුට වේ වා වලංගු වනුයේ එක ම නියෝගය වේ.’ “


‘ඉශ්රායෙල් ජාතිකයෙක් හෝ විදේශිකයෙක් හෝ වේවා, ඉබේ ම මැරුණු හෝ වන සතුන් විසින් මරාදමනු ලැබූ හෝ මෘගයෙකුගේ මාංස කෑවොත්, ඔහු තම ඇඳුම් සෝදාගෙන ජලස්නානය කළ යුතු ය. ඔහු සවස දක්වා අපවිත්‍ර ය. ඉන්පසු පවිත්‍ර යයි සැලකෙනු ඇත.


“පහත දක්වන නියෝගය නුඹලා කෙරෙහි සදහට ම වලංගු වේ: එනම්, හත් වන මාසයේ දස වන දින ඉශ්රායෙල් ජනයා වන නුඹලා ද නුඹලා අතර වසන විදේශීන් ද උපවාසයෙහි යෙදෙමින්, බර වැඩ කිරීමෙන් වැළකිය යුතු ය.


එහෙත් ඒ අදහස නොදැන, පහර ලැබීමට නිසි දේ කළ අය ස්වල්ප වශයෙන් පහර ලබන්නෝ ය. යමෙකුට බොහෝ දේ දෙන ලද්දේ ද, ඔහුගෙන් බොහෝ දේ බලාපොරොත්තු වනු ලැබේ; යමෙකුට බොහෝ දේ පවරන ලද්දේ ද, ඔහුගෙන් ඊටත් වැඩියෙන් බලාපොරොත්තු වනු ලැබේ.”


“ඉශ්රායෙල් ජනයාට මෙසේ කියන්නැ”යි වදාළ සේක. “යමෙකු අදහස් නොකර, සමිඳාණන් වහන්සේගේ ආඥාවකට විරුද්ධ ව පව් කොට, තහනම් කළ දෙයක් කර යම් පණතක් කඩ කරන්නට පුළුවන. එවිට ඔහු මෙලෙස කළ යුතු ය.”


මෙලෙස යමෙකු නොදැනුවත්කමින් සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කළොත් පූජකවරයා ඔහු වෙනුවෙන් පව් කමාවේ පිළිවෙත ඉටු කළ පසු, ඔහුගේ පව් කමා කරනු ලැබේ.


‘ස්වදේශිකයෙක් හෝ විදේශිකයෙක් හෝ දැන දැන නීතිය කඩ කරයි නම්, එවැන්නෙකු සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දුෂ්ට අපරාධයක් කරන බැවින් ඔහු සිය සෙනඟ අතරෙන් නෙරපාදමනු ලැබේ.


ස්වදේශිකයාටත් නුඹ සමඟ වසන විදේශිකයාටත් එක ම නීතියක් බලපාන්නේ ය.”


සියලු ඉශ්රායෙල්වරු ද ඔවුන්ගේ ප්‍රජා මූලිකයෝ ද නිලධාරීහු ද විනිශ්චයකාරයෝ ද ස්වදේශිකයෝ ද එසේ ම විදේශිකයෝ ද සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉසුලූ ලෙවී පූජකවරුන් ඉදිරියෙහි ගිවිසුම් කරඬුව දෙපසෙහි සිටියෝ ය. ඔවුන්ගෙන් දෙකෙන් කොටසක් ගෙරසීම් කන්ද ඉදිරිපිට ද සෙසු දෙකෙන් කොටස ඒබාල් කන්ද ඉදිරියෙහි ද සිටියෝ ය. මෙසේ කෙළේ, පළමු කොට ඉශ්රායෙල් සෙනඟට ආශීර්වාද කළ යුතු ය කියා සමිඳාණන් වහන්සේගේ සේවක මෝසෙස් අණ කළ පරිදි ය.


“තවද, ඔබේ සෙනඟ වන ඉශ්රායෙල් ජාතිකයෙකු නොවන යම් විදේශිකයෙකු ඔබේ උතුම් නාමය ද ප්‍රබල බාහුව හා දිගු කළ හස්තය ද ගැන අසනු ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්