ගණන් කථාව 14:43 - Sinhala New Revised Version43 ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201843 ඔබ, අමලෙක්වරුන්ට සහ කානානිවරුන්ට මුහුණ දෙන විට යුද්ධයෙන් නසින්නහු ය. ඔබ හැම සමිඳාණන් වහන්සේගෙන් ඉවත ගොස් සිටින බැවින්, උන් වහන්සේ ඔබ හැම මැද නතර නොවන සේකැ”යි කී ය. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version43 අමලෙක්වරුන්ද කානානිවරුන්ද එහි නුඹලා ඉදිරිපිට සිටින බැවින් නුඹලා කඩුවෙන් වැටෙනවා ඇත. නුඹලා ස්වාමීන්වහන්සේ අනුව යාමෙන් හැරී ගොස් සිටින බැවින් ස්වාමීන්වහන්සේ නුඹලා සමඟ නොසිටිනසේකැයි කීවේය. පරිච්ඡේදය බලන්න |
“සලමොන්, මාගේ පුත්‍රය, ඔබ ඔබේ පියාගේ දෙවියන් වහන්සේ දැන හැඳිනගෙන, මුළු හෘදයෙන් හා සම්පූර්ණ කැමැත්තෙන් උන් වහන්සේට මෙහෙ කරන්න. මන්ද, සමිඳාණන් වහන්සේ සියලු සිත් විමසා අපේ සිතුම් පැතුම් තේරුම් ගන්න සේක. ඔබ උන් වහන්සේ සොයන්නෙහි නම්, උන් වහන්සේ ඔබට සම්බ වනු ඇත. එහෙත්, යම් හෙයකින් ඔබ උන් වහන්සේ අත්හැරියොත්, උන් වහන්සේ ඔබ සදහට ම අහක දමනු ඇත.