Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 13:1 - Sinhala New Revised Version

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 ස්වාමීන්වහන්සේ මෝසෙස්ට කියනසේක්:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 13:1
10 හුවමාරු යොමු  

ඉන්පසු සෙනඟ හශේරොත් නම් ස්ථානයෙන් නික්ම ගොස් පාරාන් නම් පාළුකරයේ කඳවුරු බැඳගත්හ.


“එවිට ඔබ සියල්ලෝ ම මා සමීපයට විත්, ‘අප කුමන මඟකින් යා යුතු ද අප පැමිණිය යුත්තේ කුමන නගරවලට ද කියා වාර්තා කිරීමට, රට පිළිබඳ ඔත්තු සොයා බලාගනු පිණිස අපට කලින් මිනිසුන් යැවිය යුතු ය’යි කීවහු ය.


මම ද ඊට මුළු හිතින් එකඟ වූයෙමි. එක එක ගෝත්‍රයෙන් එක්කෙනා බැගින් මිනිසුන් දොළොස්දෙනෙකු තෝරාගතිමි.


දේශයේ ඔත්තු බලන පිණිස සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු වූ මෝසෙස් කාදෙෂ්-බර්නේයේ සිට මා එවූ කල මම සතළිස් අවුරුද්දක් වයස් ව සිටියෙමි. මම ද පෙරළා අවුත් සත්‍ය වාර්තාවක් ඔහුට දුන්නෙමි.


ආෂෙර්ගේ ගෝත්‍රයෙන් මිකායෙල්ගේ පුත් සෙතූර් ය.


“නුඹලා අතර දේශය බෙදා දීම ගැන වගකිවයුතු අය නම්, පූජක එලෙයාසර් සහ නූන්ගේ පුත් ජෝෂුවා ය.


තවද, දේශය උරුම කොට බෙදා දීම සඳහා එක එක ගෝත්‍රයට එක එක නායකයෙකු බැගින් තෝරාගත යුතු ය.


සමිඳාණන් වහන්සේ කාදෙෂ්-බර්නේය නම් ස්ථානයෙන් ඔබ යවමින්, ‘මා නුඹට දුන් දේශයට ඇතුල් වී, එය අයිති කරගත යුතු ය’ කියා කී විට, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ අණට විරුද්ධ ව ඔබ කැරලි ගසා, උන් වහන්සේ අවිශ්වාස කොට, උන් වහන්සේගේ හඬට සවන් නුදුන්නහු ය.


නූන්ගේ පුත් ජෝෂුවා ෂිට්ටිම් නම් ස්ථානයේ සිට මිනිසුන් දෙදෙනකු ඔත්තු බැලීමට රහසින් පිටත් කර යවමින්, “ඔබ දෙදෙනා විශේෂයෙන් ගොස් ජෙරිකෝ ප්‍රදේශය පරීක්ෂා කර බලන්නැ”යි කීවේ ය. ඔව්හු ගොස් රාහාබ් නම් වෙසඟනකගේ ගෙදරට පැමිණ එහි නවාතැන් ගත්හ.


සමිඳුනි, පරපුරෙන් පරපුරට ඔබ වහන්සේ අපේ වාසස්ථානය වන සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්