Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ගණන් කථාව 1:47 - Sinhala New Revised Version

47 එහතේ, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

47 එහෙත්, මොවුන් සමඟ ලෙවීවරු තමන්ගේ පෙළපත් අනුව ලේඛනගත නොකරන ලදහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

47 එහෙත් ලෙවීවරු තමුන්ගේ පිය ගෝත්‍රයේ හැටියට ඔවුන් අතරේ ගණන්කරනු නොලැබුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ගණන් කථාව 1:47
12 හුවමාරු යොමු  

එහෙත්, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ ප්‍රකාර ඉශ්රායෙල් ජනයා අතර ලෙවීවරු ලියාපදිංචි නොකරන ලදහ.


සමිඳාණන් වහන්සේ සීනයි කන්ද මත මෝසෙස් සමඟ කතා කළ කාලයේ දී, ඔහුගේ සහ ආරොන්ගේ පවුල්වලට අයත් අය මොවුහු වූ හ.


එහෙත්, රජුගේ වචනය ජෝවාබ් ට පිළිකුල් ව තිබුණු නිසා ඔහු ලෙවීවරුන් ද බෙන්ජමින්වරුන් ද ඔවුන් අතරේ ගණන් කෙළේ නැත.


තවද, නුඹ ගිවිසුම් කරඬුව තබා ඇති මණ්ඩපය ද එහි ඇති සියලු බඳුන් හා භාණ්ඩ ද පිළිබඳ ව වගකීම ඔවුන්ට බාර දිය යුතු ය. මණ්ඩපයත්, එහි ඇති බඳුන් සියල්ලත් උසුලාගෙන යා යුත්තෝ ඔව්හු ය. ඔවුන් එය තුළ පූජක සේවාව ඉටු කරමින්, එය වටේට කඳවුරු බැඳිය යුතු ය.


එසේ ගිණිය යුත්තේ අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, යුද්ධ හමුදාවේ සේවාව කළ හැකි සියලු පිරිමින් ය. නුඹ සහ ආරොන්, ඔවුන්ගේ සේනාංක අනුව ඔවුන් ගණන් කළ යුතු ය.


මන්ද, සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාරා තිබිණි:


නැවතත් සමිඳාණන් වහන්සේ සීනයි පාළුකරයේ දී මෝසෙස්ට කතා කොට,


“ලෙවීගේ ගෝත්‍රයට අයත්, මාසයක් හා ඊට වඩා වයසැති සියලු පිරිමින් ඔවුන්ගේ පිය පෙළපත් හා පවුල් අනුව ලියාපදිංචි කරන්නැ”යි වදාළ සේක.


සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ දුන් පරිදි, සේවාව සහ වගකීම ඔවුන්ට පැවරීම පිණිස ඔව්හු ගණන් කරන ලදහ. මෙසේ සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි ඔව්හු ලියාපදිංචි කරන ලදහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්