Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 8:10 - Sinhala New Revised Version

10 පරාක්‍රමයාණෝ යයි නම් ලත් දෙවියන්ගේ බලය මොහු යයි කියමින්, ලොකු කුඩා හැම දෙනා ම ඔහුට සාවධාන ව සවන් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

10 ඒ නගරයේ විසූ උස් පහත් සැවොම ඔහුට ගරු සැලකිලි දක්වමින්, “ ‘ප්‍රභූ’ නම් දෙවියන්ගේ බලය මොහුයැ” යි පැවසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

10 පරාක්‍රමයාණෝ යයි නම් ලත් දෙවියන්ගේ බලය මොහු යයි කියමින්, ලොකු කුඩා හැම දෙනා ම ඔහුට සාවධාන ව සවන් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

10 මේ තෙමේ ශ්‍රේෂ්ඨයයි කියන දෙවියන්ගේ බලයයයි කියමින්, කුඩා අය පටන් ලොකු අය දක්වා හැමදෙනා ඔහුට ඇහුම්කන්දුන්නෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 8:10
12 හුවමාරු යොමු  

‘සමිඳාණන් වහන්සේ හඳුනාගන්න’කියා, එකිනෙකා තම තමාගේ අසල්වැසියාට ද සහෝදරයාට ද උගන්වන්නට වුවමනා වන්නේ නැත. මන්ද, ඔවුන්ගෙන් කුඩා අය පටන් ලොකු අය දක්වා සියල්ලන් ම මා හැඳින ගනු ඇත. මම ඔවුන්ගේ අපරාධ කමා කරන්නෙමි; ඔවුන්ගේ පාප තවත් සිහි නොකරන්නෙමි. මෙසේ පවසන්නේ ස්වාමීන් වන මම ය.”


උගේ හිස්වලින් එකක මාරක තුවාළයක් තිබෙන්නාක් මෙන් පෙනිණි; එහෙත් උගේ මාරක තුවාළය සුව වී තිබිණි. මුළු ලෝකයා මවිත වෙමින් මෘගයා පසුපස්සේ ගියෝ ය.


බොහෝ දෙනෙක් ඔවුන්ගේ දුරාචාරය අනුගමනය කරන්නෝ ය. ඔවුන් නිසා සත්‍ය මාර්ගය අපකීර්තියට පැමිණෙනු ඇත.


එසේ වූ විට, අපි තවත් මනුෂ්‍යයන්ගේ වංචාවෙන් ද ප්‍රයෝගයෙන් ද මුළා කරන සුලු උපායෙන් ද හටගන්නා, සියලු ආකාර ඉගැන්වීම් නමැති සුළඟින් ඔබමොබ විසි වෙන, තරංගවලින් ගසාගෙන යන බාලයෝ නොවෙමු.


ඔබ ඥානවන්තයෝ ලූ! එහෙත් අඥානයන් පිළිගන්නහු ය.


එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත්, ග්‍රීක්වරුන්ටත්, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ.


ඔහු ඉදිමෙනු ඇතැ යි නොහොත් හදිසියෙන් මැරී වැටෙනු ඇතැ යි ඔව්හු බලා සිටියහ. බොහෝ වේලා බලා සිට, ඔහුට කිසි අනතුරක් නොවන බව දුටු කල, ඔව්හු සිය කල්පනාව වෙනස් කොට, “ඔහු දෙවි කෙනෙකැ”යි කී හ.


එකල සමූහයා පාවුලු කළ දේ දැක ශබ්ද නඟා, “දෙවිවරු මිනිස් වෙසින් අප වෙතට බැස සිටිති”යි ලුකෝනීය බසින් කී හ.


නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


එබැවින් ඔවුන්ගේ භාර්යාවන් අන්‍යයන්ට ද ඔවුන්ගේ කෙත් ඒවා අල්ලාගන්න අයට ද දෙන්නෙමි. මන්ද, ලොකු කුඩා අය සැවොම අයුතු ලාභ ගැනීමට කෑදර වෙති; දිවැසිවරුන් පටන් පූජකයන් දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.


ඔවුන්ගෙන් කුඩා අය සිට ලොකු අය දක්වා සියල්ලෝ ම අයුතු ලාභ උපයා ගනිති: දිවැසිවරයා පටන් පූජකයා දක්වා සියල්ලෝ ම වංචාකම් කරති.


එවිට සේනාවල සියලු අධිපතියෝ ද කාරේයාගේ පුත් ජොහානාන් ද හෝෂායාගේ පුත් ජෙසනියා ද ලොකු කුඩා සියල්ලෝ ද


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්