Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 6:11 - Sinhala New Revised Version

11 එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

11 එබැවින් ඔවුහු රහසිගතව ඇතැම් දෙනකු පොලඹවමින්, “මොහු මෝස‍ෙස්ටත්, දෙවියන්වහන්සේටත් එරෙහිව අපහාස වචන පවසනු අපට ඇසුණා” යි ඔවුන් ලවා කියවූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 එවිට, “මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එවිට ඔහු මෝසෙස්ටත් දෙවියන්වහන්සේටත් විරුද්ධව අපහාස වචන කියනවා ඇසුවෙමුයයි කියන්ට ඔව්හු මනුෂ්‍යයන් පෙලඹෙවුවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 6:11
28 හුවමාරු යොමු  

පළමුවෙන් මම උන් වහන්සේට අපහාස කරන්නෙකු ව, පීඩා කරන්නෙකු ව, නින්දා කරන්නෙකු ව සිටිය නමුත්, නොදන්නාකමින් හා ඇදහිල්ල නැතිකමින් එසේ කළ ද මම දයාව ලැබුවෙමි.


එසේ නම්: “යහපත සිදුවන ලෙස නපුර කරමු”යි කියමු ද? අප එසේ කියති යි සමහරු අපට අපහාස කරති. එවැනි අයට ලැබිය යුතු දඬුවම ලැබෙනු ඇත.


ඔහු ආ කල, ජෙරුසලමෙන් පැමිණි ජුදෙව්වරු පාවුලු වටකර සිට ඔහුට විරුද්ධ ව, ඔප්පු කළ නොහැකි, බරපතල වූ බොහෝ චෝදනා ඉදිරිපත් කළහ.


තමන්ට විශේෂ සැලකිලි දැක්වීමක් වශයෙන් පාවුලු ජෙරුසලමට යවන ලෙස ඔව්හු ෆෙස්තුස්ගෙන් ඉල්ලූ හ. එසේ කෙළේ ඔවුන් මාර්ගයේ රැක සිට ඔහු මැරීමට උපායක් යෙදූ බැවිනි.


“ඉශ්රායෙල් ජනයෙනි, උදව් දෙන්න. අපේ ජනතාවටත්, අපේ ව්‍යවස්ථාවලියටත්, මේ ස්ථානයටත් විරෝධී ව හැම තැන ම, හැම අයට ම උගන්වන මිනිසා මොහු ය. ඒ විතරක් නොවේ, මොහු ග්‍රීකයන් ද දේව මාලිගාවට කැඳවා ගෙන අවුත් මේ ශුද්ධස්ථානය කෙලෙසා ඇතැ”යි මොරගසා කී හ.


එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය.


මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.


එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, “මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි.


ඔවුන් මේ දේවල් කරන්නේ, ඔවුන් පියාණන් වහන්සේ ද මා ද නොහඳුනන බැවිනි.


දෙවියන් වහන්සේ මෝසෙස්ට කතා කළ බව අපි දනිමු. එහෙත් මේ මිනිසා ගැන නම්, මොහු කොහෙන් වී දැ යි අපි නොදනිමු”යි කී හ.


කුමක්හෙයින් ද, ව්‍යවස්ථාව මෝසෙස් මඟින් දෙන ලද්දේ ය; එහෙත් දේව වරප්‍රසාදය හා සත්‍යය ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් පැමිණියේ ය.


තවද සියලු ධර්මශාලාවල දී නොයෙක් විට ඔවුන්ට දඬුවම් කරමින්, ඔවුන් ලවා දේවාපහාස කරවන්නට උත්සාහ කෙළෙමි; මම ඔවුන් ගැන කෝපයෙන් දිළිහෙමින්, අන් නුවරවලට ද ගොස් ඔවුන්ට පීඩා කෙළෙමි.”


ඔහු උන් වහන්සේගේ නාමයට අපහාස කළ බැවින් මරණයට පත් කළ යුතු ය. විදේශිකයෙක් වේවා, දේශයේ උපන් තැනැත්තෙක් වේවා, ඔහු දෙවියන් වහන්සේගේ නාමයට අපහාස කළොත්, මුළු ජනතාව එවැන්නෙකුට ගල් ගසා ඔහු මරණයට පත් කළ යුතු ය.


“නුඹලා අසත්‍ය ප්‍රකාශයක් නොකළ යුතු ය. බොරු සාක්ෂි දෙමින් වරදකරුවෙකුට උදව් නොකළ යුතු ය.


එවිට පූජකයෝ ද දිවැසිවරු ද අධිපතීන්ටත්, මුළු සෙනඟටත් කතා කොට, “මේ මිනිසා මරණීය තීන්දුව ලැබිය යුතු ය. මන්ද, ඔබ හැමගේ කන්වලින් ඔබ ඇසූ පරිදි මොහු මේ නගරයට විරුද්ධ ව දිවැස් වැකි කීවේ ය”යි කී හ.


ඔහු බෙන්ජමින් දේශයේ දොරටුවට පැමිණි කල, හනනියාගේ පුත් ෂෙලෙමියාගේ පුත් වන ඉරියා නම් මුරපළේ මුලාදෑනියෙක් එහි සිටියේ ය. ඔහු දිවැසිවර ජෙරමියා අල්ලාගෙන, “ඔබ බබිලෝනිවරුන්ට එකතු වන්නට යන්නෙහි ය”යි කී ය.


ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය.


තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්