ක්‍රියා 4:33 - Sinhala New Revised Version33 ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන ප්‍රේරිතයෝ ප්‍රබල ලෙස සාක්ෂි දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්‍රසාදය බහුල ව පැවැතිණි. පරිච්ඡේදය බලන්නසිංහල කාලීන පරිවර්තනය33 යේසුස් ස්වාමින්වහන්සේගේ නැවත නැගිටීම ගැන අපෝස්තුලුවරු මහත් බලයෙන් තම සාක්ෂිය දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි මහත් අනුග්‍රහයක් විය. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201833 ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන අපෝස්තුළුවරු ප්‍රබල ලෙස සාක්ෂි දුන්හ. ඔවුන් සියල්ලන් කෙරෙහි දේව වරප්‍රසාදය බහුල ව පැවැතිණි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version33 ස්වාමිවූ යේසුස්වහන්සේගේ නැවත–නැගිටීම ගැන ප්‍රේරිතයෝ මහත් බලයෙන් සාක්ෂිදුන්නෝය. මහත් අනුග්‍රහය ඔවුන් සියල්ලන් කෙරෙහි තිබුණේය. පරිච්ඡේදය බලන්න |
ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්.