Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 28:1 - Sinhala New Revised Version

1 මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

1 ඒ දූපත, මෝල්ටා නමින් හැඳින්වෙන වග අප දැන ගත්තේ, එසේ ගැලවී ගොඩබිමට ආ පසුව ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

1 මෙසේ ගැළවී ගොඩට පැමිණි කල ඒ ද්වීපයේ නම මෝල්ටාව යයි දැනගතිමු.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

1 මෙසේ ගැළවුණු කල ඒ ද්වීපයට මෙලීතයයි කියන බව දැනගතිමුව.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 28:1
6 හුවමාරු යොමු  

එසේ වුවත් අප යම් දිවයිනකට ගසා ගෙන යා යුතු ය”යි කී ය.


සෙස්සන්ට ලෑලිවල ආධාරයෙන් හෝ නැවේ කැබලි ආධාරයෙන් හෝ ගොඩට යන්නටත් අණ කෙළේ ය. මෙසේ සියල්ලෝ ම ගැළවී ගොඩට පැමිණියහ.


පහන් වූ කල ඒ දේශය කිමෙක් දැ යි බැලූ නැවියන්ට එය හඳුනාගත නොහැකි විය. එහෙත් වෙරළක් ඇති මුහුදු බොක්කක් දැක,


ඔවුන්ට සුබ අස්න දේශනා කරන්නට දෙවියන් වහන්සේ අප කැඳෙව් බව ඔහුගේ දර්ශනයෙන් තේරුම් ගත් අපි එකෙණෙහි ම මසිදෝනියට යන්නට සැරසුණෙමු.


ඔවුන් මුළු දිවයින හරහා පාපස් දක්වා ගිය විට ‘බාර් ජේසුස්’ නම් ජුදෙව් ජාතික බොරු දිවැසිවර ඉන්ද්‍රජාලිකයෙක් ඔවුනට හමු විය.


ඉතාලියට නැව් නැඟී යන්නට තීරණය කරනු ලැබූ විට, පාවුලු සමඟ තවත් සිරකාරයෝ සමහර දෙනෙක්, අගොස්තීනු නම් බලඇණියේ, ජුලියස් නම් ශතාධිපතියාට භාර දෙන ලද්දෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්