Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:9 - Sinhala New Revised Version

9 එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: “මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දුතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 ඔවුන්ගේ කලහකාරී ඝෝෂාව වඩ වඩා උත්සන්න වෙද්දී, පරිසීන්ගේ පිලට අයත් දහම් පඬිවරු ඇතැම් දෙනෙක් සභාව මැද නැගිට, තරයේ තර්ක කරමින්, “අපට මේ මිනිසා අත කිසි වරදක් නො පෙනේ. යම් ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කළා නම් මොකදැ?” යි ඇසූහ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 එවිට කලබලය වඩාත් උග්‍ර විය. පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයන්ගෙන් සමහරෙක් නැඟිට තරයේ විරෝධය පාමින්: “මේ මිනිසා අත කිසි නපුරක් අපට නොපෙනේ. සමහර විට ආත්මයක් හෝ දේව දූතයෙක් හෝ ඔහුට කතා කරන්නට ඇතැ”යි කී හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 එකල මහත් මොරගැසීමක් විය. ඵරිසිවරුන්ගේ පක්ෂයේ ලියන්නන්ගෙන් සමහරෙක් නැගිට විවාදකොට: මේ මනුෂ්‍යයා අත කිසි නපුරක් අපට නොපෙනේ. ඉඳින් ආත්මයක්වත් දේවදූතයෙක්වත් මොහුට කථාකෙළේනම් කිමෙක්දැයි කීවෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:9
23 හුවමාරු යොමු  

මම බිම වැටුණෙමි. එවිට, ‘සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ’යි කියන හඬක් ඇසුණි.


එහි සිටි සමූහයා එය අසා, “ගිගුරුමකැ”යි කී හ. ඇතැමෙක්, “දේව දුතයෙක් උන් වහන්සේට කතා කෙළේ ය”යි කී හ.


පිටතට ගොස්, “මේ මිනිසා මරණයට වත් යදම්වලින් බඳිනු ලැබීමට වත් සුදුසු කිසි දෙයක් කර නැතැ”යි ඔවුනොවුන් අතර කතා කරගත්හ.


එහෙත් මරණ දඬුවමට සුදුසු කිසිවක් මොහු නොකළ බව මට පෙනී ගියේ ය. ඇරත්, මොහු ම අධිරාජයාගේ විනිශ්චය ඉල්ලූ බැවින් ඔහු එහි යැවීමට මම නියම කෙළෙමි.


එවිට ඔවුන්ගේ ව්‍යවස්ථාවලියේ ප්‍රශ්න ගැන ඔහුට වැරදි තබන බව මිස, මරණයට වත්, සිරගත කිරීමට වත් සුදුසු කිසිවක් ගැන ඔහුට චෝදනා නොකළ බව දැන ගතිමි.


උන් වහන්සේ පව්කාරයන් හා අයකැමියන් සමඟ ආහාර වළඳනු දුටු පරිසිවරුන්ගේ පක්ෂයේ විනයධරයෝ, “බලන්න, උන් වහන්සේ අයකැමියන් හා පව්කාරයන් සමඟ කන බොන සැටි”යි ශ්‍රාවකයන්ට කී හ.


මිනිසෙකුගේ කල්ක්‍රියාවලට සමිඳුන් සතුටු වන විට, ඔහුගේ සතුරෝ වුවද මිතුරන් වනු ඇත.


අපි සමිඳාණන් වහන්සේ කෝප කරමු ද? අපි උන් වහන්සේට වඩා බලවත් වෙමු ද?


මා වැඳුම්පිදුම් කරන මාගේ ම දෙවියන් වහන්සේගේ දුතයෙක් ඊයේ රාත්‍රියේ මා ළඟ සිට,


මන්ද, සද්දුසිවරු පුනරුජ්ජීවනයක් වත්, දේව දූතයන් වත්, ආත්මයක් වත් නැතැ යි කී නමුත් පරිසිවරු ඒ තුන ම ඇතැ යි කී හ.


එබැවින් ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහාගත් කල්හි අපට දෙනු ලැබුවාක් මෙන් දෙවියන් වහන්සේ ඔවුන්ටත් එම දීමනාව ම දුන් සේක් නම්, දෙවියන් වහන්සේට බාධා කිරීමට මම කවරෙක් දැ”යි කී ය.


ඔහු භ්‍රාන්ත වී බිම වැටුණේ ය. එවිට: “සාවුල්, සාවුල්, ඔබ මට පීඩා කරන්නේ මන්දැ”යි කියන හඬක් ඔහුට ඇසිණි.


එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.


ඔහු තෙ වන වරටත් කතා කොට, “කිමෙ‍ක් ද? මොහු කවර අපරාධයක් කෙළේ ද? මොහු අත මරණීය දණ්ඩනයට සුදුසු කිසිවක් නැත. එබැවින් මොහුට තළා මුදා හරිමි”යි කී ය.


එවිට පිලාත් නායක පූජකයන්ට ද සමූහයන්ට ද කතා කොට, “මේ මනුෂ්‍යයා අත කිසි වරදක් මට නොපෙනේ ය”යි කී ය.


එකල පරිසිවරු ද ඔවුන්ගේ විනයධරයෝ ද උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට විරුද්ධ ව චෝදනා කරමින්, “ඔබ අයකැමියන් ද පව්කාරයන් ද සමඟ කන්නේත් බොන්නේත් මන්දැ”යි ඇසූ හ.


ඔහු දාවිත්ට කතා කොට මෙසේ කීවේ ය: “ඔබ මට වඩා දැහැමි ය. මන්ද, මා ඔබට නපුර කළ නමුත්, ඔබ මට යහපත කෙළෙහි ය.


සාමුවෙල් පිළිතුරු දෙමින්, “ඔබ හැම මා අත වරදක් නැති බවට සමිඳාණන් වහන්සේ ද උන් වහන්සේ තෝරාගත් රජතුමා ද ඉදිරියෙහි අද දවසේ සාක්ෂිකාරයන් ව සිටින්නහු ය”යි කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, “සමිඳාණන් වහන්සේ අපේ සාක්ෂිකාරයාණෝ ය”යි කී හ.


එවිට අධිපතීහු ද සෙනඟ ද පූජකයන් හා දිවැසිවරුන් අමතා, “මේ මිනිසාට මරණීය තීන්දුව දිය යුතු නැත. මන්ද, ඔහු අපට කතා කෙළේ, අපේ දෙවි ස්වාමීන් වහන්සේගේ නාමයෙන් ය”යි කී හ.


“මා ගමන් කරමින් දමස්කයට ළං වූ කල, ඉර මුදුන් වේලාව පමණේ දී හදිසියෙන් අහසින් අතිදීප්තිමත් ආලෝකයක් මා වටකර බැබළිණි.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්