Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 23:17 - Sinhala New Revised Version

17 එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා, “මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න; ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

17 එවිට සියයක හේවාපන්න නිලධාරියකු ඇමතූ පාවුල්, “මේ තරුණයා සෙන්පති වෙත ගෙන යන්න. ඔහුට දැන්විය යුතු කරුණක් මොහු වෙත ඇතැ” යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

17 එවිට පාවුලු ශතාධිපතියන්ගෙන් කෙනෙකු කැඳවා, “මේ තරුණයා ප්‍රධාන සේනාධිපතියා ළඟට ගෙන යන්න; ඔහුට දැන්විය යුතු යම් කාරණයක් ඇතැ”යි කී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

17 එවිට පාවුල් සියයකට මුලාදෑනීන්ගෙන් එක්කෙනෙකු කැඳවා: මේ යෞවනයා ප්‍රධාන සේනාපතියා ළඟට ගෙනියන්න. ඔහුට කාරණයක් දන්වන්ට තිබේයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 23:17
8 හුවමාරු යොමු  

නුවණැතියා විපත දුර තියා දැක අයින් වෙයි. එහෙත් අනුවණයා කෙළින් ම ඊට ගොදුරු වී දුක් විඳියි.


ඉක්බිති ඔහු ශතාධිපතීන් දෙදෙනෙකු කැඳවා, “කායිසාරිය දක්වා යන පිණිස හේවායන් දෙසියයක් ද අසරුවන් සැත්තෑවක් ද කුන්තධරයන් දෙසියයක් ද රෑ නවයට සූදානම් කරන්නැ”යි කී ය.


ශතාධිපතියා ඒ අසා, සේනාධිපතියා ළඟට ගොස්, “ඔබ කුමක් කරන්නට යන්නෙහි ද? මේ මනුෂ්‍යයා රෝම පුරවැසියෙකැ”යි කී ය.


“සවන් දෙන්න: මම වෘකයන් මැදට බැටළුවන් යවන්නාක් මෙන් ඔබ යවමි. එහෙයින් සර්පයන් මෙන් නැණවත් ව පරෙවියන් මෙන් අහිංසක ව සිටින්න.


එකල භට කණ්ඩායම ද ඔවුන්ගේ මහා සේනාධිපතියා ද ජුදෙව්වරුන්ගේ මුර සේවකයෝ ද ජේසුස් වහන්සේ අල්ලා, බැඳගෙන


ඔවුන්ගේ ඒ උපාය ගැන ඇසූ පාවුලුගේ සහෝදරීගේ පුත්‍රයා අවුත්, බලකොටුවට ඇතුළු වී, පාවුලුට එපවත් සැළ කෙළේ ය.


එවිට ඔහු සේනාධිපතියා ළඟට තරුණයා ගෙන ගොස්: “පාවුලු නම් හිරකරුවා මා කැඳවා, ඔබට දන්වන්නට කාරණයක් ඇති හෙයින් මේ තරුණයා ඔබ වෙත ගෙනෙන්නට මාගෙන් ඉල්ලුවේ ය”යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්