Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 21:9 - Sinhala New Revised Version

9 දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

9 දිවැස් වැකි පවසන අවිවාහක දූවරු හතර දෙනෙක් ඔහුට වුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 දිවැස් වැකි කීමේ වරය ලත්, කන්‍යා දූවරු සතර දෙනෙක් ඔහුට සිටියෝ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 ප්‍රොපේතවාක්‍ය කියන්නාවූ කන්‍යා දූවරු සතරදෙනෙක් ඔහුට සිටියෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 21:9
13 හුවමාරු යොමු  

“දෙවියන් වහන්සේ මෙසේ වදාරන සේක: අන්තිම දවස්වල දී සකල මනුෂ්‍යයන් මාගේ ආත්මානුභාවයෙන් පුරවා ලමි. එවිට ඔබේ දූ පුත්තු දිවැසි වැකි කියති; ඔබේ තරුණයෝ දර්ශන දකිති, ඔබේ මහල්ලෝ ද පැතුම් පතති.


එහෙත් ඔබට විරුද්ධ ව මේ චෝදනාව මට ඇත. තමා දිවැස්වරියකැ යි කියාගන්නා ජෙසබෙල් නම් ස්ත්‍රියට ඔබ අනුබල දෙන්නහු ය. කාමමිථ්‍යාචාරය කරන්නට ද දේවතා රූපවලට පිදූ පිදේනි කන්නට ද උගන්වමින් ඈ මාගේ සේවකයන් මුළා කරන්නී ය.


තවද, ආෂෙර්ගේ පෙළපතින් ආ පානුවෙල්ගේ දුවක වන බොහෝ වයස්ගත අන්නා නම් දිවැසිවරියක් වූවා ය. විවාහයෙන් පසු සත් වසක් සැමියා සමඟ විසූ ඈ


“ඉන්පසු, සකල මනුෂ්‍යයන් කෙරෙහි මාගේ ආත්මානුභාවය ප්‍රදානය කරමි. එවිට, නුඹලාගේ දූ පුත්තු දිවැස් වැකි කියති. මහල්ලෝ ස්වප්න දකිති; තරුණයෝ දර්ශන දකිති.


ආරොන්ගේ සොහොයුරිය වන, මීරියම් දිවැසිවරිය කිකිණි බැඳි සිඟිති රබානක් අතින් ගත්තා ය. වනිතාවෝ සියලු දෙන ද කිකිණි බැඳි රබන් පොඩි ලෙලවමින්, නටමින් ඇය පසුපස ගමන්ගත්හ.


අන්තියෝකියේ පිහිටි සභාවෙහි දිවැසිවරු ද ගුරුවරු ද සිටියහ. එනම්, බාර්ණබස් සහ නීගර් නම් සිමියොන් ද සිරේනියේ ලුසියස් ද යුව රජ වූ හෙරොද් සමඟ ඇතිදැඩි වූ මානායින් ද සාවුල් ද යන මොවුහු ය.


“මාගේ දෙවියන් වහන්ස, ටෝබියා ද සන්බලට් ද කළ මේ ක්‍රියා නිසා, ඔවුන් සහ දිවැසිවරිය වන නෝවදියා ද මා බිය ගන්වන්නට උත්සාහ කළ අනෙක් දිවැසිවරුන් ද අමතක නොකරන්න.”


එවිට පූජක හිල්කියා ද අහිකාම් ද අක්බොර් ද ෂාපාන් ද අසායා ද හර්හස්ගේ පුත්‍රයා වන තික්වාගේ පුත් වස්ත්‍ර භාරකාරයා වන ෂල්ලුම්ගේ භාර්යාව වන හුල්දා නම් දිවැසිවරිය ළඟට ගොස් ඈට කතා කෙළේ ය. ඈ ජෙරුසලමේ තම නගරයෙහි වාසය කළා ය.


ඒ කාලයෙහි ඉශ්රායෙල්වරුන් විනිශ්චය කෙළේ, ලප්පිදොත්ගේ බිරිඳ වූ දිවැසිවරියක වූ දෙබොරා තොමෝ ය.


මෙසේ විවාහ අපේක්ෂිකාව සමඟ විවාහ වන්නා කරන්නේ හොඳ දෙයකි. විවාහ නොවන්නා කරන්නේ වඩාත් හොඳ දෙයකි.


තවද, සමිඳාණන් වහන්සේ මෙසේ වදාළ සේක: “මනුෂ්‍ය පුත්‍රය, සිය සිතින් දිවැස් වැකි මවා කියන සෙනඟගේ දූවරුන්ට විරුද්ධ ව නුඹේ මුහුණ යොමා, ඔවුන්ට විරුද්ධ ව දිවැස් වැකි කියමින්,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්