Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ක්‍රියා 20:26 - Sinhala New Revised Version

26 එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

26 එබැවින් අද දවසේ මා ඔබට ප්‍රකාශ කරන්නේ, සියල්ලන්ගේ ලේ ගැන මා නිදොස් වගයි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

26 එහෙයින් ඔබ අතරෙන් කිසිවෙකු විනාශයට පත් වුවහොත්, ඒ ගැන මා වගකිවයුත්තකු නොවන බව තරයේ ප්‍රකාශ කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

26 එහෙයින් මම සියල්ලන්ගේ ලෙයින් නිදොස්වෙමියි අද දවසේ නුඹලාට සාක්ෂිදෙමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 20:26
14 හුවමාරු යොමු  

එහෙත් ඔවුන් විරුද්ධ ව සිට, අපහාස කළ කල්හි, පාවුලු තමාගේ වස්ත්‍රවල ධූලි ගසාදමා, ඔවුන්ට කතා කොට, “ඔබගේ ලේ ඔබගේ ම හිස් පිට වැගිරේ වා; මම නිදොස් වෙමි. මෙතැන් පටන් විජාතීන් වෙතට යමි”යි කී ය.


උන් වහන්සේ ලාසරස් සොහොන් ගෙයින් පිටතට කැඳවා, ඔහු මරණයෙන් උත්ථාන කළ අවස්ථාවේ දී උන් වහන්සේ සමඟ සිටි සමූහයා ඒ ගැන සාක්ෂි දැරූ හ.


ඔවුන් සිය කැමැත්තෙන් ම ඔවුන්ට හැකි පමණින් හා ඊටත් වැඩියෙන් දුන් බව මම සහතික කොට කියමි.


ඔබගේ සිත අප වෙත විවෘත කරන්න. අපි කිසිවෙකුට අයුත්තක් නොකෙළෙමු; කිසිවෙකු විනාශයට පත් නොකෙළෙමු; කිසිවෙකුගෙන් අයුතු වාසියක් නොගතිමු.


මා කොරින්තියට නාවේ ඔබට ඇති අනුකම්පාව නිසා බවට, හද පත්ලෙන් දිවුරමින්, දෙවියන් වහන්සේ මාගේ සාක්ෂිකරු වශයෙන් මම කැඳවමි.


දෙවියන් වහන්සේට අධික ලැදියාවක් ඔවුන් තුළ ඇති බවට මම සාක්ෂි දරමි; එහෙත් එය හරි පැහැදීමක් නැති ලැදියාවකි.


එය දුටු තැනැත්තේ ඒ ගැන සාක්ෂි දරයි. ඔහුගේ සාක්ෂිය සැබෑ ම ය. ඔබත් විශ්වාස කරන පිණිස ඔහුගේ සාක්ෂිය සැබෑ බව ඔහු දනියි.


මා වෙනුවෙන් සාක්ෂිකරුවෙක් සගලොව ඇත. මට පක්ෂ ව කතා කරන කෙනෙක් උසස් ස්ථානයෙහි වසයි.


ඉන්පසු දාවිත් ඒ ගැන අසා, “මමත්, මාගේ රාජ්‍යයත් නේර්ගේ පුත් අබ්නේර්ගේ ලේ වැගිරීම ගැන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දී සදහට ම නිදොස් ය.


ඉක්මන් වී කිසිවෙකු හස්තාලේපනය නොකරන්න; අනුන්ගේ වැරදිවලට පංගුකාරයෙක් නොවන්න; ඔබත් පිරිසිදු ව සිටින්න.


එය මම අද ඔබට දැන්වූයෙමි. එහෙත්, ඔබේ දෙවි ස්වාමීන් වහන්සේගේ හඬට වත්, උන් වහන්සේ මා ලවා ඔබට කියා එවූ කිසිවකට වත් ඔබ කීකරු වුණේ නැත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්