Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




ක්‍රියා 10:15 - Sinhala New Revised Version

15 “දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

15 එම කටහඬ දෙවන වරට ඔහු අමතමින්, “දෙවියන්වහන්සේ පවිත්‍ර කළ කිසිවක් අකැපය කියා නො කියන්නැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, අකැප යයි නොකියන්නැ”යි දෙ වන වරටත් කියන හඬක් ඇසිණි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 නැවත: දෙවියන්වහන්සේ පවිත්‍රකළ දේ අකැපයයි නුඹ නොකියන්නැයි දෙවෙනි වර හඬක් ඔහු වෙත පැමිණියේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ක්‍රියා 10:15
17 හුවමාරු යොමු  

මිනිසා කෙලෙසනු ලැබීමට හේතු වන්නේ කටට ඇතුළු වන දේ නොව, කටින් නික්මෙන දේ ය”යි වදාළ සේක.


ඔහුගේ උදරයට මිස හෘදයට ඇතුළු නොවී පහ ව යන බැවින්, ඔහු කෙලෙසන්නට අපොහොසත් බව ඔබට තේරෙන්නේ නැද්දැ”යි ඇසූ සේක. මෙසේ කීමෙන්‍ උන් වහන්සේ සියලු ආහාර වර්ග පවිත්‍ර බව ප්‍රකාශ කළ සේක.


මෙය තුන් වරක් ම සිදු විය. එකෙණෙහි ම ඒ දේ අහසට ඔසවාගනු ලැබී ය.


ඔවුන් අමතා, “ජුදෙව් මිනිසෙකුට විජාතිකයෙකු හා සමඟ සමාගම් පැවැත්වීමත් ඔහු බලන්නට යාමත් තහනම් බව ඔබ දන්නහු ය. එහෙත් කවර මිනිසෙක් වුව ද පිළිකුල් ය නොහොත් අපවිත්‍ර යයි නොකිය යුතු බව දෙවියන් වහන්සේ මට පෙන්වා දුන් සේක.


එහෙත් දෙ වන වරටත් අහසෙන් හඬක් මට කතා කරමින්, ‘දෙවියන් වහන්සේ පවිත්‍ර කළ දේ, පිළිකුල් යයි නොකියන්නැ’යි කී ය.


රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.


උන් වහන්සේ, ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක.


ස්වභාවයෙන් ම අපවිත්‍ර වූ කිසිවක් නැතැ යි කිතුනුවකු වශයෙන් මම සහතික ලෙස දනිමි. යමක් අපවිත්‍ර යයි සිතන තැනැත්තාට එය අපවිත්‍ර ය.


කෑම නිසා දේව සේවය කඩාකප්පල් නොකරන්න. හැම කෑමක් ම පවිත්‍ර ය; එහෙත් අන්කෙනෙකුගේ වැටීමට හේතු වන සේ කෑම කන මනුෂ්‍යයාට අවැඩක් සිදු වේ.


වෙළෙඳ පොළේ විකුණන හැම කෑමක් ම, හෘදය සාක්ෂියෙන් නැඟෙන ප්‍රශ්න නොවිමසා වළඳන්න.


පවිත්‍ර අයට සියලු දේ පවිත්‍ර ය; දූෂිත, අභක්තික අයට කිසිවක් පවිත්‍ර නැත. ඔවුන්ගේ සිතත්, හෘදය සාක්ෂියත් දූෂණය වී තිබේ.


එවිට කිලෝමීටර් තුන් සියයක් පමණ දුරට ද, අශ්වයෙකුගේ කටකලියාව දක්වා උසට ද, ඒ වළෙන් ලේ ගලා ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්