Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ඔබදියා 1:6 - Sinhala New Revised Version

6 අනේ! ඒසව්; ඔවුන් නුඹේ වස්තුව සොයාගෙන තිබෙන හැටි! ඒ සඟවන ලද වස්තුව පැහැරගෙන ගොස් ඇති හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 අනේ! ඒසව්; ඔවුන් නුඹේ වස්තුව සොයාගෙන තිබෙන හැටි! ඒ සඟවන ලද වස්තුව පැහැරගෙන ගොස් ඇති හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 අනේ ඒසව්ගේ දේවල් සොයාගනු ලැබූ හැටි! ඔහුගේ සඟවනලද වස්තු සෝදිසිකරනු ලැබූ හැටි!

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:6
8 හුවමාරු යොමු  

එහෙත්, මම කිසිත් ඉතිරි නොකොට, ඒසව්ගේ පරපුර වනසන්නෙමි. ඔවුන්ට තවත් සැඟවෙන්නට බැරි වන ලෙස ඔවුන් සැඟවී සිටින තැන් එළිදරව් කරන්නෙමි. ඒදොම්හි ජනයා ද ඔවුන්ගේ ඥාතීහු ද අසල්වාසීහු ද විනාශ කරන ලදහ. කිසිවෙක් ඉතිරි වන්නේ නැත.


සමිඳුනි, ඔබ මා සියුම් ලෙස විමසා බලා දැනගත් සේක.


ගැඹුරු වූ අබිරහස් වූ දේ එළි කරන්නේත්, අඳුරේ ඇති දේ දන්නේත් එතුමාණෝ ය. ආලෝකය උන් වහන්සේ සිසාරා ඇත.


කඩුවක් ඔවුන්ගේ අශ්වයන් පිටත්, රථ පිටත්, එහි සිටින විදේශීය සේනාවන් පිටත් පැමිණ ඔවුන් ස්ත්‍රීන් මෙන් දුබල වී යනු ඇත. කඩුවක් ඇගේ වස්තු පිට පැමිණ ඒවා කොල්ලයට යනු ඇත.


නුඹේ නම කියා කැඳවන්නේ ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳුන් වන මා බව නුඹ දැනගන්න පිණිස සඟවා ඇති වස්තු ද රහස් තැන්වල නිධාන ද නුඹට දෙන්නෙමි.


ඔවුන් බලා සිටිය දී ඔවුන්ගේ ළදරුවෝ බිම ගසා මරනු ලබන්නෝ ය. ඔවුන්ගේ ගෙවල් කොල්ලකනු ලබන්නේ ය. ඔවුන්ගේ භාර්යාවෝ දූෂණය කරනු ලබන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්