Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




ඔබදියා 1:16 - Sinhala New Revised Version

16 මාගේ ශුද්ධ කන්දෙහි නුඹ මධු පානය කළාක්මෙන් සියලු විජාතීන් නොනවතා මධු පානය කරනු ඇත. ඔවුන් හොඳට ම බී, වෙරිමත් වී නැත්තට ම නැතිවනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

16 මාගේ ශුද්ධ කන්දෙහි නුඹ මධු පානය කළාක්මෙන් සියලු විජාතීන් නොනවතා මධු පානය කරනු ඇත. ඔවුන් හොඳට ම බී, වෙරිමත් වී නැත්තට ම නැතිවනු ඇත.”

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

16 එසේය, මාගේ ශුද්ධවූ කන්දෙහි සිටින නුඹලා බීවාක් මෙන් සියලු ජාතීන් නිතරම බොනවා ඇත, එසේය, ඔවුන් බී, ගිලගන, ඔවුන් නොසිටියාක්මෙන් වෙනවා ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




ඔබදියා 1:16
13 හුවමාරු යොමු  

“ඉශ්රායෙල් ජනයෙනි, මෙසේ මා, ඔබේ දෙවි සමිඳුන් බව ඔබ දැනගන්නහු ය. මම සියොන් නම් මාගේ ශුද්ධ කන්දේ වැඩ වාසය කරමි. ජෙරුසලම ශුද්ධ නගරයක් වන්නේ ය. විජාතීහු මින්පසු එය මැදින් නොයන්නාහු ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “දඬුවම නමැති කුසලානෙන් පානය කිරීමට නුසුදුසු අය පවා පානය කළෝ නම්, නුඹලා දඬුවම් නොලබන්නහු ද? නැත. නුඹලා එය පානය කළ යුතු ම ය.


විනිශ්චය කිරීමේ කාලය පැමිණ ඇත; පළමුකොට විනිශ්චය කරනු ලබන්නේ දෙවියන් වහන්සේගේ ම සෙනඟ ය. එය අපෙන් පටන්ගන්නේ නම්, දෙවියන් වහන්සේගේ සුබ අස්නට කීකරු නොවන්නන්ගේ ඉරණම කුමක් වනු ඇද් ද?


“ඔවුන්ගේ හමුදා සාහසික ලෙස ඉදිරියට එති. ඔවුන් ආක්‍රමණය කරන විට සෙනඟ තැතිගෙන සිටිති. ඔවුන් වහල්කමට ගන්න අයගේ ගණන වැලි හා සමාන ය.


සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: “මම බොහෝ කල් නිශ්ශබ්ද ව මාගේ සෙනඟට පිළිතුරු නොදී සිටියෙමි. ප්‍රසව වේදනා ඇති ස්ත්‍රියක මෙන් හතිදමමින්, සුසුම්ලමින් දැන් මහා හඬින් කෑගසමි.


ඌශ් දේශයෙහි වාසය කරන ඒදොම් ජාතිය, ප්‍රීති සන්තෝෂ වන්න. විනාශය ඔබ වෙතත් පැමිණෙන්නේ ය. ඔබ මත් වී නිරුවතින් සිටින්නෙහි ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්