Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 9:6 - Sinhala New Revised Version

6 ඒ දවස්වල දී මනුෂ්‍යයන් මරණය සොයන නමුත්, කිසිසේත් එය හමු නොවන්නේ ය. ඔවුන් මරණය පතන නමුත්, මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

6 ඒ කාලයේදී මිනිසුන් මරණය සොයනු ඇත. එහෙත් ඔවුනට එය සම්භ නො වේ; මැරෙන්නට ඔවුන් මහත් සේ ආශා කරනු ඇත. එහෙත් මරණය ඔවුන් වෙතින් පලා යනු ඇත.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

6 ඒ දවස්වල දී මනුෂ්‍යයන් මරණය සොයන නමුත්, කිසිසේත් එය හමු නොවන්නේ ය. ඔවුන් මරණය පතන නමුත්, මරණය ඔවුන් කෙරෙන් පලා යන්නේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

6 ඒ දවස්වලදී මනුෂ්‍යයෝ මරණය සොයන්නෝය, නුමුත් කිසිසේත් එය සම්බනොවන්නේය; මැරෙන්ට ආශාවන්නෝය, එහෙත් මරණය ඔවුන් කෙරෙන් පලායන්නේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 9:6
9 හුවමාරු යොමු  

මේ නපුරු පරම්පරාවෙන් ඉතිරි වන මා විසින් විසුරුවා හරින ලද තැන්වල ඉතිරි ව සිටින අය, ජීවත් වීමට වඩා මැරෙන්නට කැමැති වනු ඇත. මෙසේ පවසන්නේ සියලු බලැති ස්වාමීන් වන මම ය.”


ඒ දවස්වල දී ඔව්හු කඳු අමතා, ‘අප පිට වැටෙන්න’ හෙල් අමතා, ‘අප වසාගන්නැ’යි කියන්න පටන්ගන්නෝ ය.


ඔව්හු කඳුවලටත් පර්වතවලටත් කතා කොට, “අප පිට වැටී සිංහාසනයෙහි වැඩ සිටින තැනැන් වහන්සේගේ මුහුණ ඉදිරියෙනුත් බැටළු පෝතකයාණන්ගේ උදහසිනුත් අප සඟවා ගන්න.


සමිඳුන් පොළොව කම්පා කරවීමට පැමිණෙන විට එතුමන්ගේ උදහසින් ද එතුමන්ගේ බලයේ තේජාලංකාරයෙන් ද පලා යන පිණිස සෙනඟ ගල්ගුහාවල, නැතහොත්, බිංගෙවල් සාදාගෙන ඒවායෙහි සැඟවෙන්නෝ ය.


ඉශ්රායෙල් සෙනඟගේ පාපය වන ගිරිකුළු දේවාල වනසනු ලබනවා ඇත. කටු හා ගොකටුවලින් ඔවුන්ගේ පූජාසන වැසී යන්නේ ය. ‘අප සඟවා ගන්නැ’යි කඳුවලටත්, ‘අප පිට වැටේ වා’යි හෙල්වලටත් සෙනඟ කියනු ඇත.”


ඔහු මට කතා කොට, ‘මා ළඟ සිට මා මරන්න. මන්ද, මට තවමත් පණ තිබුණත් මම බොහෝ වේදනාවෙන් පසු වෙමි’යි කී ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්