Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 7:2 - Sinhala New Revised Version

2 එවිට තවත් දේව දුතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

2 එවිට තවත් දේව දූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, හිරු නැගෙන දෙසින් නැගී එනු දුටුවෙමි. ඔහු උස් හඬ නගා, ගොඩබිමටත්, මුහුදටත් හානි කරන්නට බලය ලැබ සිටි දේව දූතයින් හතරදෙනා අමතමින්,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

2 එවිට තවත් දේව දූතයෙකු ජීවමාන දෙවියන් වහන්සේගේ මුද්‍රාව රැගෙන පෙරදිගින් නැඟී එනු දිටිමි. ඔහු ගොඩටත් මුහුදටත් අනතුරු කරන්නට බලය ලත් දේව දූතයන් සතර දෙනාට මහ හඬකින් මොරගසා,

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

2 තවත් දේවදූතයෙක් ජීවමාන දෙවියන්වහන්සේගේ මුද්‍රාව රැගෙන, නැගෙනහිර දිසාවෙන් නගිනවා දුටිමි. ඔහුද ගොඩටත් මුහුදටත් අනතුරුකරන්ට බලය ලත් දේවදූතයන් සතරදෙනාට මහත් ශබ්දයකින් හඬගසා:

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 7:2
29 හුවමාරු යොමු  

ශුද්ධාත්මයාණන් වහන්සේට දුක් නොදෙන්න. මන්ද, මිදීමේ දවසට සූදානමක් වශයෙන් ඔබ ලබා ඇති, සහතිකයේ මුද්‍රාව උන් වහන්සේ ය.


උන් වහන්සේගේ මුද්‍රාව අප පිට තබා, අපගේ සිත් තුළ, අපට අත්තිකාරමක් වශයෙන් ශුද්ධාත්මයාණන් වහන්සේ දෙවා වදාළ සේක.


දෙවියන් වහන්සේගේ මුද්‍රා සලකුණ තමන්ගේ නළල්වල නැති මනුෂ්‍යයන්ට මිස, පොළොවේ තණ කොළවලට වත්, පැළෑටිවලට වත්, කිසි ගසකට වත් අනතුරු නොකරන ලෙස උන්ට කියන ලද්දේ ය.


කෙසේ වුවත්, දෙවියන් වහන්සේ දැමූ සවි අත්තිවාරම ස්ථිර ව පවතී. ඒ මත මෙසේ ලියා ඇත: “සමිඳාණන් වහන්සේ තමන්ට අයිති අය දන්නා සේක; සමිඳාණන් වහන්සේගේ නම කියා උන් වහන්සේ අමතන සියල්ලො‍් ම අධර්මිෂ්ඨකමින් වැළකිය යුත්තෝ ය.”


ඉදින්, උන් වහන්සේ තුළින් ඔබ ද, සත්‍ය ධර්මය වන ඔබගේ ගැළවීම සලසන සුබ අස්න අසා අදහාගෙන, පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් වහන්සේගෙන් සහතිකකමේ මුද්‍රාව ලැබුවහු ය.


“ඒ පොත දිග අරින්නටත්, මුද්‍රා කඩන්නටත් සුදුස්සා කවරෙක් දැ”යි කියමින් මහ හඬින් හඬගසන බලවත් දේව දූතයෙකු දිටිමි.


නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.


මේ දිවැසි වාක්‍යය කියවන්නා ද, එහි වචනවලට සවන් දී ඒවා පිළිපදින්නෝ ද භාග්‍යවන්තයෝ ය. මන්ද, නියමිත කාලය ආසන්න ය.


ඒ ගිගුරුම් සත කතා කළ විට මම ලියන්නට සැරසුණෙමි. එවිට, “ගිගුරුම් සත කී දේ රහසේ තබාගන්න; එය නොලියන්නැ”යි ස්වර්ගයෙන් කියන හඬක් මට ඇසිණි.


ඉන්පසු තවත් බලවත් දේව දුතයෙකු වලාකුළක් පැළඳ, හිස මත දේදුන්නක් දරා ස්වර්ගයෙන් බසිනු දිටිමි. ඔහුගේ මුහුණ සූර්යයා මෙන් ද ඔහුගේ කකුල් ගිනි කණු මෙන් ද විය.


තවත් දේව දුතයෙක් රන් ධූම පාත්‍රයක් රැගෙන පූජාසනය ළඟ සිටියේ ය. සිංහාසනය ඉදිරියෙහි තිබුණු රන් පූජාසනය පිට සියලු සැදැහැවතුන්ගේ යාච්ඤා සමඟ ඔප්පු කරන පිණිස බොහෝ සුගන්ධ ද්‍රව්‍ය ඔහුට දෙන ලද්දේ ය.


ඔබේ හිතේ මා හැර අන් කිසිවෙකුට ඉඩ නොදෙන්න; ඔබේ අතින් අන් කිසිවෙකු වැළඳ නොගන්න. මන්ද, ප්‍රේමය මරණය මෙන් බලවන්ත ය; රාගය මිනීවළ මෙන් කෲරතර ය. එය ගිනි දලුවක් මෙන් දැල්වෙයි. එය බුර බුරා ඉහළ නඟියි.


එහෙත් ඔබ ළඟා වී සිටින්නේ සියොන් කන්දට ය; ජීවමාන දෙවියන් වහන්සේගේ නගරය වූ ස්වර්ගීය ජෙරුසලමට ය; කෝටි සංබ්‍යාත දේව දූත සේනාවන්ගෙන් යුත් මහා රැස්වීමට ය;


අප ඔබ වෙත පැමිණි විට ඔබ අප පිළිගත් ආකාරය ගැන ද, ජීවමාන වූ සත්‍ය වූ දෙවියන් වහන්සේට සේවය කරනු පිණිස ඔබ දේවතා වන්දනාවෙන් දෙවියන් වහන්සේ වෙතට හැරුණු අන්දම ගැන ද ඔව්හු ම කතා කරති.


එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය.


එහෙත්, මාගේ නාමයට ගරුබිය දක්වමින්, ජීවත්වන නුඹලාට ධර්මිෂ්ඨකම නමැති සූර්යයා සිය රැස්වල සුවසහනය ඇති ව උදාවන්නේ ය. ගාලෙන් පිට වී දුව පැන යන වහු පැටවුන් මෙන් නුඹලා ප්‍රීති වන්නහු ය.


ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.


ඔබේ මෙහෙකරුවා වන මම සිංහයන් ද වලසුන් ද මරා ඇත්තෙමි. ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට නින්දා කළ මේ අචර්මඡේදිත පිලිස්තියයාටත් එසේ කරමි,


දාවිත් තමා ළඟ සිටි මිනිසුන්ට කතා කොට, “මේ පිලිස්තියයා මරා දමා ඉශ්රායෙල්වරුන් කෙරෙන් නින්දාව පහකරන මිනිසාට කුමක් දෙන්නේ ද? ජීවමාන දෙවියන් වහන්සේගේ සේනාවලට අභියෝග කරන මේ අචර්මඡේදිත පිලිස්තියයා කවරෙක් දැ”යි ඇසී ය.


ගින්න මැදින් කතා කළ ජීවමාන දෙවියන් වහන්සේගේ කඩහඬට අප සවන් දුන්නාක් මෙන් සවන් දී, ජීවත් ව සිටින මිනිසෙක් තවත් සිටී ද?


මෙයට සියලු බලැති සමිඳාණන් වහන්සේ මෙසේ පිළිතුරු දෙන සේක: “මට පෙරටු ව ගොස් මාගේ මාර්ගය පිළියෙළ කරන්නාවූ මාගේ දූතයා මම එවන්නෙමි. එවිට නුඹලා සොයමින් සිටින සමිඳාණන් වහන්සේ හදිසියෙන් තමන් දේව මාලිගාවට වඩින සේක. නුඹලා පුල පුලා බලා සිටින දූතයා පැමිණ මාගේ ගිවිසුම ප්‍රකාශ කරනු ඇත.”


පෙරදිගින් ජයග්‍රාකයෙකු කැඳවා, දිරි ගන්වා, යන යන තැන ඔහුට ජය අත්පත් කර දුන්නේ කවරෙක් ද? ඔහුට රට රාජ්‍යයන් පාවා දී රජවරුන් ඔහුට යටත් කර දුන්නේ කවරෙක් ද? ඔහු සිය කඩුවෙන් ඔවුන් ධූලි බවටත්, සිය දුන්නෙන් ඔවුන් සුළඟට ගසා යන පිදුරු බවටත් පමුණුවන්නේ ය.


සමිඳාණන් වහන්සේ ඔහුට කතා කොට, “නගරය මුළුල්ලෙහි එනම්, ජෙරුසලම මුළුල්ලෙහි ගොස්, ඒ තුළ කෙරෙන සියලු පිළිකුල්කම් ගැන සුසුම්ලමින්, කෙඳිරිගාන මිනිසුන්ගේ නළල්වල ලකුණක් තබන්නැ”යි වදාළ සේක.


සීමොන් පේදුරු උත්තර දෙමින්, “ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය.


හොරණෑව ගෙන සිටි සය වන දේව දූතයාට කියන හඬක් දෙවියන් වහන්සේ ඉදිරියෙහි වූ රන් පූජාසනයේ සතර කොණින් මට ඇසුණේ ය.


සවැන්නා තමාගේ පාත්‍රය යුප්‍රටීස් නම් මහා ගංගාව පිට වැගිරෙව්වේ ය. එවිට පෙරදිගින් එන රජවරුන්ට මාර්ගයක් පෑදෙන පිණිස එහි වතුර සිඳී ගියේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්