Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එළිදරව් 17:18 - Sinhala New Revised Version

18 ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

18 ඔබ දුටු ස්ත්‍රිය, පොළොවේ රජුන් කෙරේ ආධිපත්‍යය දරන මහ පුරවරයැ” යි පැවසී ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

18 ඔබ දුටු ස්ත්‍රිය නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම් කරන මහා නගරය”යි කීවේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

18 නුඹ දුටු ස්ත්‍රී නම් පොළොවේ රජුන් කෙරෙහි රජකම්කරන මහත් නුවරයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 17:18
7 හුවමාරු යොමු  

මනුෂ්‍ය-පුත්‍රයාණෝ පිළිතුරු දෙමින් මෙසේ වදාළ සේක: “සතර වන මෘගයා නම්, සියලු රාජ්‍යවලට වෙනස් වූ, මුළු පොළොව නාස්ති කර පාගාදමා පොඩි කරන හතර වන රාජ්‍යයක් ය.


තවද එසමයෙහි, අධිරාජ්‍යයේ සියලු වැසියන්ගේ සංගණනයක් ගැනීමට අගොස්තුස් අධිරාජයා වෙතින් නියෝගයක් නික්මිණි.


ඔවුන්ගේ මළකඳන්, උපමා අර්ථයෙන් සොදොම් නොහොත් මිසරය යයි කියන, ඔවුන්ගේ සමිඳාණන් වහන්සේ කුරුසියෙහි ඇණ ගැසූ, මහා නුවර වීදියෙහි හෙළනු ලබන්නේ ය.


ඌ උගේ වලිගයෙන් අහසේ තරුවලින් තුනෙන් කොටසක් ඇද, පොළවට හෙළී ය. උපන් කෙණෙහිම දරුවා කාදමන පිණිස, මකරා ප්‍රසව වේදනාවෙන් සිටි ස්ත්‍රිය ඉදිරියෙහි සූදානම් ව බලා සිටියේ ය.


ඒ මහා නගරය තුන් කොටසකට කැඩී ගියේ ය. ජාතීන්ගේ නගර ඇද වැටිණි. දෙවියන් වහන්සේ මහා බබිලෝනිය අමතක නොකර, සිය උදහසේ දරුණුකම නමැති මිදියුස පාත්‍රය පානය කිරීමට ඈට දුන් සේක.


ඔහු මහ හඬින් මොරගසා, “මහා බබිලෝනිය වැටුණා ය, මහා බබිලෝනිය වැටුණා ය. ඈ දුෂ්ටාත්මයන්ගේ වාසභවනයක් ද, සියලු අශුද්ධාත්මයන්ගේත් සියලු තුච්ඡ පිළිකුල් පක්ෂීන්ගේත් හිරගෙයක් ද වූවා ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්