Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එළිදරව් 11:3 - Sinhala New Revised Version

3 තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

සිංහල කාලීන පරිවර්තනය

3 තවද මම මාගේ සාක්ෂිකරුවන් දෙදෙනාට බලය දෙන්නෙමි. එවිට ඔවුන් ගෝණි පඩංගු හැඳ, එක්දහස් දෙසියහැට දවසක් දිවැසි වැකි පවසනු ඇතැ” යි මට කියන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

3 තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනා යවන්නෙමි. ඔව්හු ගෝණි රෙදි හැඳ, එක් දහස් දෙසිය සැට දවසක් දිවැස් වැකි කියන්නෝ ය”යි මට කියන ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

3 තවද මාගේ සාක්ෂිකාරයන් දෙදෙනාට (බලය) දෙන්නෙමි, ඔව්හු එක්දහස් දෙසිය සැට දවසක් ගෝණිරෙදි හැඳ, අනාගතවාක්‍ය කියන්නෝයයි කීවේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එළිදරව් 11:3
43 හුවමාරු යොමු  

ස්ත්‍රිය කාන්තාරයට පලා ගියා ය. එක් දහස් දෙසිය සැට දවසක් ඇය පෝෂණය කරන පිණිස දෙවියන් වහන්සේ විසින් පිළියෙළ කරන ලද ස්ථානයක් ඈට එහි විය.


මාලිගාවෙන් පිටත වූ මළුව විජාතීන්ට දී ඇති බැවින්, එය නොමැන අත් හරින්න. ඔව්හු සතළිස් දෙමාසයක් ශුද්ධ නගරය පයින් පාගා දමන්නෝ ය.


අහංකාර වචන ද දේව අපහාස ද තෙපලීමට කටක් ඌට දෙන ලදි. තවද මාස සතළිස් දෙකක් තමා කැමැති සේ ක්‍රියා කිරීමට ඌට බලය දෙන ලද්දේ ය.


“යමෙකු කළ අපරාධයක් හෝ වරදක් හෝ ගැන තීන්දු කිරීමට එක සාක්ෂිකරුවෙක් ප්‍රමාණ නොවේ. සාක්ෂිකරුවන් දෙදෙනෙකුගේ හෝ තුන්දෙනෙකුගේ හෝ වචනය පිට යම් කරුණක් තීරණය කළ යුතු වේ.


උන් වහන්සේ තමන් සමඟ ගලීලයේ සිට ජෙරුසලමට පැමිණි අයට බොහෝ දවසක් දර්ශනය වූ සේක. ඔව්හු දැන් උන් වහන්සේ ගැන ජනතාව ඉදිරියෙහි සාක්ෂිකාරයෝ ව සිටිති.


එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක.


ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය.


ඒ නිසා සව් බලැති දෙවි සමිඳාණෝ හැඬීමටත්, වැලපීමටත්, ගෝණි රෙදි ඇඳීමටත්, හිස බූගෑමටත් නුඹලා කැඳෙවු සේක.


දුකින් තම වස්ත්‍ර ඉරාගෙන, තම ඉණ වටා හණ රෙදි ඇඳගෙන, බොහෝ දිනක් තම පුත්‍රයා නිසා වැලපුණේ ය.


මා ඔබ වෙත එන තුන් වන වතාවයි මේ. “හැම පැමිණිල්ලක් ම සාක්ෂිකරුවන් දෙදෙනකුගේ හෝ තුන්දෙනකුගේ සාක්ෂිවලින් ස්ථීර විය යුතු ය”යි ලියා තිබේ.


“දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු.


තවද, මුල සිට ම ඔබ මා සමඟ සිටි බැවින් ඔබත් සාක්ෂිකාරයෝ වන්නහු ය.


නොපිළිගත්තොත්, සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ සාක්ෂියෙන් හැම පැමිණිල්ලක් ම ස්ථීර වන පිණිස ඔබ සමඟ තවත් එක් කෙනෙකු නොහොත් දෙදෙනෙකු කැඳවාගෙන යන්න.


සියොන් පුරඟනගේ මහලු අය හිඳගෙන නිශ්ශබ්ද ව සිටිති. ඔව්හු තමන්ගේ හිස් පිට ධූලි දමාගෙන, ගෝණි රෙදි ඇඳගෙන සිටිති. ජෙරුසලමේ කන්‍යාවෝ තමන්ගේ හිස බිමට නමාගෙන හිඳිති.


මම ගෝණි රෙදි මසා, මාගේ හම වසාගෙන, දුකින් දුබල ව දූවිල්ලෙහි හිඳගතිමි.


දාවිත් තමාගේ හිස ඔසවා සමිඳාණන් වහන්සේගේ දූතයා තමාගේ කඩුව ඇද ජෙරුසලම් කෙරෙහි දිගු කරගෙන පොළොවටත් අහසටත් අතරේ සිටිනු දුටුවේ ය. එවිට ගෝණි රෙදි ඇඳගෙන සිටි දාවිත් ද ප්‍රජා මූලිකයෝ ද මුණින්තළා වැටුණෝ ය.


එහෙත් මොවුන්ගෙන් දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියහ. එක් කෙනෙකුගේ නම එල්දාද් ය, අනික් තැනැත්තා මේදාද් ය. මොවුහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත්, ආත්මානුභාවය ඔවුන් මත ද පහළ වූයෙන් කඳවුර තුළ ඔව්හු ද දිවැස් වැකි කී හ.


එවිට නමස්කාර කරන පිණිස මම ඔහුගේ පාමුල වැටුණෙමි. එහෙත් ඔහු: “මට නමස්කාර නොකරන්න. මම, ඔබ ද ඔබේ සහෝදරයන් ද සමඟ හවුල් සේවකයෙක් වෙමි. ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය අප හැම සතු ය. ඔබ දෙවියන් වහන්සේට පමණක් නමස්කාර කළ යුතු ය”යි මට කී ය. ඒ ජේසුස් වහන්සේ දැරූ සාක්ෂිය දිවැසිවරයන්ගේ ජීව බලය වන බැවිනි.


මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.


මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ.


එවිට, හණ රෙදි හැඳගෙන ගඟේ උඩහින් සිටි මිනිසා සිය දකුණත ද වමත ද අහස දෙසට ඔසවා, සදහට ම ජීවත් වන තැනැන් වහන්සේගේ නමින් දිවුරා, “අවුරුදු තුනහමාරකට ඒවා පවතිනු ඇත. ශුද්ධවන්ත සෙනඟගේ බලය නැති වී ගිය පසු මේ සියල්ල ඉෂ්ට වන්නේ ය”යි කියනු ඇසීමි.


සාක්ෂිකාරයන් දෙදෙනෙකුගේ හෝ තුන් දෙනෙකුගේ හෝ කීම පිට මරණයට සුදුසු තැනැත්තා මරනු ලැබිය යුතු ය. එහෙත් එක සාක්ෂිකරුවෙකුගේ කීම පිට එවැන්නෙකු මරනු නොලැබිය යුතු ය.


එවිට සිංහාසන දිටිමි. ඒවායේ හිඳ ගත්තවුන්ට විනිශ්චය කිරීමේ වරම දෙන ලද්දේ ය. තවද, ජේසුස් වහන්සේගේ සාක්ෂිය නිසාත්, දෙවියන් වහන්සේගේ වචනය නිසාත් හිස් ගසාදමනු ලැබූවන්ගේ ද, මෘගයාට වත් උගේ රූපයට වත් නමස්කාර නොකළ, උගේ සලකුණ සිය නළල්වල හා අත්වල නොදැරූ තැනැත්තන්ගේ ද ආත්මයන් දිටිමි. ඔව්හු යළි ජීවනය ලබා ක්‍රිස්තුන් වහන්සේ සමඟ අවුරුදු දහසක් රජකම් කළහ.


මේ ක්‍රිස්තුන් වහන්සේ, සමහරුන් ප්‍රේරිතයන් ද සමහරුන් දිවැසිවරුන් ද සමහරුන් ධර්ම දේශකයන් ද සමහරුන් සභා පාලකයන් ද සමහරුන් ගුරුවරුන් ද වශයෙන් පත් කළ සේක.


මෙසේ දෙවියන් වහන්සේ පළමුකොට ප්‍රේරිතයන් ද දෙවනු ව දිවැසිවරයන් ද තුන්වනු ව ගුරුවරුන් ද ඉන්පසු හාස්කම් කරන අය ද සුව කිරීමේ වරම ලත් අය ද උපකාර කරන්නන් ද පරිපාලනය කරන්නන් ද විවිධ ශබ්ද ව්‍යවහාර කරන්නන් ද සභාවෙහි පිහිටුවා වදාළ සේක.


ජොහන් පිළිතුරු දෙමින් මෙසේ කී ය: “ස්වර්ගයෙන් දෙන ලද දෙයක් මිස අන් කිසිවක් මිනිසෙකුට ලැබිය නො හැකි ය.


දාවිත් ජෝවාබ්ටත්, ඔහු සමඟ සිටි මුළු සෙනඟටත් කතා කොට, “දුකින් ඔබේ ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි හැඳ, අබ්නේර්ගේ මෘත දේහයට පෙරටුවෙන් වැලපෙමින් යන්නැ”යි කී ය. දාවිත් රජ ද මිනී දෙණ පස්සේ ගියේ ය.


ආහබ් ඒ වචන ඇසූ විට ශෝකයෙන් තම ඇඳුම් ඉරාගෙන, ඇඟේ හමට ගෑවෙන පරිදි ගෝණි රෙදි දමාගෙන, නිරාහාර ව ගෝණි රෙදි පිට නිදාගනිමින් කලකිරුණ ස්වභාවයකින් හැසුරුණේ ය.


හෙසකියා රජ ඒ අසා දුකින් තම ඇඳුම් ඉරාගෙන, ගෝණි රෙදි පොරවාගෙන සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ඇතුළු විය.


තවද, ඒ මාසයේ විසිහතර වන දා ඉශ්රායෙල් සෙනඟ නිරාහාර ව ගෝණි රෙදි හැඳ, තමන්ගේ හිස පිට පස් ලා ගෙන, උපවාසයක් සඳහා රැස් වූ හ.


ගෝණි රෙද්දෙන් මාගේ වස්ත්‍ර මම සාදාගතිමි. එවිට මම ඔවුන්ගේ සමච්චලයට ලක් වුණෙමි.


උදුරන්නට හා කඩාදමන්නටත්, නැති කරන්නට හා හෙළාදමන්නටත්, ගොඩනඟන්නට හා සිටුවන්නටත් ජාතීන් හා රාජ්‍යයන් කෙරෙහි නුඹට බලය දී අද මම නුඹ පත් කෙළෙමි.”


නුඹ මෙසේ කළ පසු නුඹ යළිත් දිගා වන්නෙහි ය. එහෙත්, දැන් දකුණු අතට ය. මෙසේ නුඹ ඉශ්රායෙල් ජාතියේ වරද දරා ගන්නෙහි ය. මම නුඹට දවස් සතළිසක් නියම කරන්නෙමි; එක එක දවස එක එක අවුරුද්ද වශයෙන් ගණන්ගනු ලැබේ.


ඔහු මහෝත්තමයාණන්ට විරුද්ධ ව කතා කරන්නේ ය; මහෝත්තමයාණන්ගේ සැදැහැවතුන්ට පීඩා කරන්නේ ය. ඔහු කාලයන් ද ව්‍යවස්ථාව ද වෙනස් කරන්නට සිතන්නේ ය; සැදැහැවත්හු අවුරුදු තුනහමාරකට ඔහුගේ අතට භාරදෙනු ලබන්නෝ ය.


ඔහු පිළිතුරු දෙමින්, ‘රෑ දාවල් දෙදහස් තුන්සියයක් පසු වන තුරු ය, ඉන්පසු ශුද්ධස්ථානය පවිත්‍ර කරනු ලබන්නේ ය’යි කීවේ ය.


“පූජකවරුනි, ගෝණි රෙදි ඔතාගෙන වැලපෙන්න. පුදසුනේ සේවකයෙනි, කෑමොරගසන්න. පූජකවරුනි, ගෝණි රෙදි පොරවාගෙන මුළු රැයක් වැතිර සිටින්න. මන්ද, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ පිදීමට ආහාර පූජාවත්, පානීය පූජාවත් කිසිත් නැත.


නිනිවයේ වැසියෝ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාස කර, උපවාසයක් නියම කොට, ලොකු අය පටන් කුඩා අය දක්වා දළ රෙදි හැඳගත්තෝ ය.


මනුෂ්‍යයෝ ද මෘගයෝ ද දළ රෙදි පොරවාගෙන දෙවියන් වහන්සේට බලවත් සේ මොරගසත් වා! ඔව්හු එකිනෙකා තම තමාගේ නපුරු මාර්ගයෙන් ද තමන්ට ඇබ්බැහි දාමරිකකම්වලින් ද හැරෙත් වා!


“එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා, තීර්හි හා සීදොන්හි කළා නම්, ඒ නගර වැසියන් මීට බොහෝ කලින් ගෝණි රෙදි ඇඳ, අළුයෙහි හිඳ පසුතැවී සිත් හරවාගත් බව පෙන්වනු ඇත.


“එම්බා කොරාශීනය, ඔබට වන විපතක මහත! එම්බා බෙත්සයිදාව, ඔබට වන විපතක මහත! ඔබ තුළ කළ ප්‍රබල ක්‍රියා තීර්හි හා සීදොන්හි කළා නම්, මීට කලින් ගෝනි රෙදි හැඳ අළු තවරා ගෙන පසුතැවී සිත් හරවා ගැනීමට ඔවුන්ට ඉඩ තිබිණි.


තමන් දිවැස් වැකි පවසන කාලයේ දී වැසි නොවසින ලෙස අහස් තලය වසන්නට මොවුන්ට බලය ඇත. ජලය ලේ කිරීමටත්, සියලු වසංගතවලින් පොළොවට කැමැති විටක පහර දීමටත් ඔවුන්ට බලය ඇත.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්