Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 9:8 - Sinhala New Revised Version

8 එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

8 එහෙත්, දැන් ස්වල්ප වේලාවකට අපේ දෙවි සමිඳාණන් වහන්සේ අපට කරුණා කොට, අපෙන් ස්වල්ප දෙනෙකුට ඉතිරි ව සිටින්නත්, මේ ශුද්ධස්ථානයේ සුරැකි ව විසීමටත් ඉඩ දී තිබේ. අපේ දෙවියන් වහන්සේ අපට නව ජීවිතයක් ද අපේ වහල්කමේ දී අපට තරමක සහනයක් ද දී ඇත්තේ මේ අන්දමට ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

8 එහෙත් දැන් අපෙන් ස්වල්ප දෙනෙකු ඉතුරු කරන පිණිසත් ස්වකීය ශුද්ධස්ථානයෙහි අප පිහිටුවන පිණිසත් ස්වල්ප වේලාවකට අපේ දෙවිවූ ස්වාමීන්වහන්සේගෙන් අපට කරුණාව ලැබී තිබේ. මෙසේ අපේ දෙවියන්වහන්සේ අපේ ඇස් එළියකර, අපේ වාල්කමේදී අපට ස්වල්ප සහනයක් දෙනසේක.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 9:8
36 හුවමාරු යොමු  

දෙවි සමිඳුනි, මා සලකා මට පිළිතුරු දුන මැනව; මරණ නින්ද වළක්වන පිණිස මා දෙනෙතට එළිය දෙන්න.


දෙදිනකට පසු උන් වහන්සේ අප ප්‍රාණවත් කරන සේක; තුන් වන දා අප නැඟුටුවන සේක. එවිට අපි උන් වහන්සේ ඉදිරියෙහි ජීවත් වන්නෙමු.


සමිඳාණන් වහන්ස, ඔබ කර ඇති සියලු දේ ගැන මා අසා ඇත. සමිඳාණන් වහන්ස, ඔබේ ක්‍රියා මා තුළ ගරුබිය දනවයි. ඔබ වහන්සේ පෙර කළ බලවත් ක්‍රියා මේ කාලයේදීත් කළ මැනව; පෙන්නුව මැනව; උදහසේ දී ඔවුන්ට දයාව දැක්වුව මැනව.


උසස්, උදාර, සදාකාලික ශුද්ධ නාමය දරන තැනැන් වහන්සේ මෙසේ වදාරන සේක: “යටහත් පහත් අය පණ ගන්වන පිණිසත්, තැළුණු බිඳුණු අයගේ සිත් ධෛර්යවත් කරන පිණිසත් මම උසස්, ශුද්ධස්ථානයේ වාසය කරන අතර, යටහත් පහත්, තැළුණු බිඳුණු සිත් ඇති අය සමඟ ද වාසය කරමි.


ඔබේ සෙනඟ ඔබ තුළ ප්‍රීති ප්‍රමෝද වන පිණිස ඔබ යළි අපට ජීවනය දුන මැනව.


ජයග්‍රාහකයා මාගේ දෙවියන් වහන්සේගේ මාලිගාවෙහි කණුවක් කරන්නෙමි. ඔහු එතැනින් කිසි කලෙක පිටත නොයන්නේ ය. මාගේ දෙවියන් වහන්සේගේ නාමය ද, මාගේ දෙවියන් වහන්සේ කෙරෙන් ස්වර්ගයෙන් බසින නව ජෙරුසලම වන මාගේ දෙවියන් වහන්සේගේ නගරයේ නාමය ද, මාගේ ම අලුත් නාමය ද ඔහු පිට කැටයම් කරන්නෙමි.


තවද යෙසායා ඉශ්රායෙල් ගැන ප්‍රකාශයක් කරමින්: “ඉශ්රායෙල් දරුවන්ගේ ගණන මුහුදු වෙරළේ වැලි මෙන් වුව ද, ගැළවෙන්නේ ස්වල්ප දෙනෙක් පමණෙකි.


මුදුන් ගල වැනි පාලකයන් ද ඇබ වැනි මූලිකයන් ද යුද්ධ දුනු වැනි නිලධාරීන් ද සියලු අධිපතීන් ද ඒ දේශයෙන් නික්මෙනු ඇත.


ඔවුන් සාමදානයෙන් බීජ වපුරනු ඇත. මිදි වැල්වල පල හටගන්වනු ඇත; භූමියෙන් අස්වැන්න ලැබෙනු ඇත; ඇති පමණට වැසි වසිනු ඇත. මේ සියලු ආසිරි මම මාගේ දේශයේ ඉතිරි ව සිටින අයට දෙන්නෙමි.


“මේ රටේ දැන් ඉතිරි ව සිටින අයට ඒ දවස්වල දී එය පුදුමයක් ව පෙනුණත් මටත් එය පුදුමයක් ව පෙනේ දැ”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ අසන සේක.


එහෙත්, එහි පුත්‍රයෝ ද දූවරු ද ස්වල්ප දෙනෙකු ඉතිරි වුණොත් ඔව්හු පිටතට පමුණුවනු ලබන්නෝ ය. ඔවුන් නුඹලා වෙත පැමිණෙන විට ඔවුන් දෙස බලන්න. නුඹලා ඔවුන්ගේ හැසිරීම ද ඔවුන්ගේ ක්‍රියා ද සලකා බලන්න. එවිට මා ජෙරුසලමට කළ සියලු හානි ද ඒ පිට පැමිණෙවූ සියලු විපත්ති ද යුක්ති සහගත බව නුඹලාට පෙනෙනු ඇත.


මිසර දේශයෙහි පදිංචි වන පිණිස පැමිණි ජුදාහි ඉතිරි වූ සෙනඟගෙන් කිසිවෙක් ගැළවෙන්නේ වත්, ඉතිරිවන්නේ වත් නැත. කෙතරම් ආශා වෙතත්, කිසිවෙකුට ආපසු ජුදා දේශයට පැමිණෙන්නට හැකි වන්නේ නැත. පලා යන සමහරුන් හැර අන් කිසිවෙක් හැරී නොඑන්නෝ ය.”


දිවැසිවර ජෙරමියා වෙත පැමිණ, “අනේ! අපේ කන්නලව්ව ඇසුව මැනව. අප උදෙසා ඔබේ දෙවි ස්වාමීන් වහන්සේට යාච්ඤා කරන්න. ඉතිරි ව සිටින අප සියල්ලන් උදෙසා යාච්ඤා කරන්න. වරක් අපි බොහෝ දෙනෙක් සිටියෙමු; එහෙත්, ඔබට පෙනෙන පරිදි ඉතිරි ව සිටින්නේ අපි ස්වල්ප දෙනෙක් පමණි.


මාගේ මාලිගාවේ ප්‍රාකාරය ඇතුළේ දූදරුවන්ට වඩා උසස් නමක් ලබන්නෝ ය. එය කිසි කලක නොමැකෙන, සදහට ම පවතින නමක් වන්නේ ය.


සව් බලැති සමිඳාණෝ මෙසේ ටික දෙනෙකුට ඉතිරි වන්න ඉඩ නුදුන් සේක් නම්, ජෙරුසලම ද සොදොම් හා ගොමොරා මෙන් සහමුලින් ම විනාශ වන්න ඉඩ තිබිණි.


නැණවතුන්ගේ බස් එඬේරුන්ගේ තියුණු උල් සහිත කෙවිටිවලට ද ඔවුන්ගේ හිතෝපදේශ ලීයට තදින් ගැසූ ඇණවලට ද සමාන ය. එය එන්නේ, සකල ලෝක වාසීන්ගේ අසහාය නායකයාණන්ගෙනි.


මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක.


එතුමන් දෙස බලන්නා ප්‍රීතියෙන් බැබළෙන්නේ ය. ඔහුගේ මුහුණ කවදාවත් ලජ්ජාවෙන් අඳුරු නොවන්නේ ය.


ජීවත් වීමේ ප්‍රීතිය ඔහුට දෙන පිණිසත් දෙවි උතුමාණෝ නැවත නැවත මේ සියල්ල ඔහු උදෙසා කරන සේක.


එසේ වී නමුත්, ඔබේ මහානුකම්පාව නිසා ඔබ ඔවුන් මුළුමනින්ම නැති කර දැමුවේ වත්, ඔවුන් අත්හැර දැමුවේ වත් නැත. කුමක් නිසා ද ඔබ දයාබර අනුකම්පා ඇති දෙවි කෙනෙකු බැවිනි.


අහෝ සමිඳාණන් වහන්ස! ඔබේ මෙහෙකරුවාගේ යාච්ඤාවටත්, ඔබේ නාමයට ගරුබිය දක්වන්නට ප්‍රිය වන මෙහෙකරුවන්ගේ යාච්ඤාවලටත් ඔබේ කන් යොමු කළ මැනව. අද ඔබේ මෙහෙකරුවාට ශුභසිද්ධිය සලසා දී රජ්ජුරුවන් ඉදිරියෙහි ඔහුට කරුණාව ලැබෙන්නට සැලසුව මැනව.” එවකට මම රජුගේ පාත්‍රධාරී ව සිටියෙමි.


මන්ද, අපි වහල්ලු ය; එහෙත්, අපේ වහල්කමේ දී අපේ දෙවියන් වහන්සේ අප අත් නොහැර, අපේ දෙවියන් වහන්සේගේ මාලිගාව ගොඩනැඟීමටත්, එහි කැඩුම්බිඳුම් ප්‍රතිසංස්කරණය කිරීමටත්, ජුදාහි ද ජෙරුසලමෙහි ද අපට සුරැකි ව විසීමටත් පර්සියාවේ රජවරුන් අභිමුවෙහි අපට කරුණාව පෙන්නූ සේක.


ජීවමාන දෙවියන් වහන්සේට අපහාස කරන්නට අසිරියාවේ රජු එවූ ඔහුගේ සේවක වන රබ්-ෂාකේගේ සියලු වචන සමහර විට ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ අසා, ඒ ඇසූ වචනවලට උන් වහන්සේ දඬුවම් කරන සේක. එබැවින් තව ම ඉතිරි ව සිටින්නන් උදෙසා යාච්ඤා ඔප්පු කරන්න’ කියා පවසන්නැ”යි කී හ.


එවිට ජොනතන් පිළිතුරු දෙමින්, “මාගේ පියා ජාතියට කොතරම් අවැඩක් කර තිබේ ද? මේ මී පැණි ටික කෑමෙන් මට අමුතු ශක්තියක් ලැබුණු හැටි බලන්න.


එහෙත්, තම පියා සෙනඟගෙන් දිවුරුමක් ගෙන තිබෙන බව ජොනතන් දැන සිටියේ නැත. ඒ නිසා ඔහු තමාගේ අතේ තිබුණ සැරයටිය දිගු කොට එහි අග මී වදයක ගල්වා ඒවා අරගෙන කටට ගත්තේ ය. එයින් ඔහුට අමුතු ශක්තියක් ලැබුණේ ය.


දිළින්දා හා ඔහු පෙළන අය අතර එක පොදු දෙයක් ඇත, ඒ දෙදෙනාට ම සෙත උදාවෙන්නේ සමිඳුන්ගෙනි.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල් සෙනඟට ඔවුන්ගේ දුක් වේදනාවලින් ද ඔවුන් පිට බලයෙන් පමුණුවන ලද බර වැඩවලින් ද නිදහස දෙන සේක.


එවිට නොහැක, මාගේ සතුරාට, “ඔහු පැරදුවෙමි”යි මා ගැන, කියන්නට; නොහැකි ය, මාගේ සතුරන්ට මාගේ වැටීම ගැන සිනාසෙන්නට.


දේශයේ දසදෙනෙකුගෙන් එක් කෙනෙකු වත් ඉතිරි වූවොත් ඔහු ද විනාශ කරනු ලැබේ. ඔහු සිඳ දමනු ලැබූ ආලෝන ගසක ඉතිරි වන කොටස හා සමාන වේ.” මේ කොටසෙන් ඉශ්රායෙල් සෙනඟගේ නවෝදය නිරූපණය කෙරේ.


නිහතමානී, යටහත් පහත් සෙනඟක් නුඹලා අතර මම ඉතිරි කරන්නෙමි. ඔව්හු සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සරණ සොයා යන්නෝ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්