Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය
- දැන්වීම් -




එස්රා 9:11 - Sinhala New Revised Version

11 ඔවුන් කී දේ මෙසේ ය: ඔබ හිමි කරගන්නට යන දේශය, එහි ජනයන්ගේ පිළිකුල් ක්‍රියාවලින් ද කිලුටුකම්වලින් ද එක් කොණක සිට අනික් කොණ දක්වා පිරී තිබේ. ඔවුන්ගේ අපවිත්‍රකම නිසා එය අපවිත්‍ර දේශයක් ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

11 ඔවුන් කී දේ මෙසේ ය: ඔබ හිමි කරගන්නට යන දේශය, එහි ජනයන්ගේ පිළිකුල් ක්‍රියාවලින් ද කිලුටුකම්වලින් ද එක් කොණක සිට අනික් කොණ දක්වා පිරී තිබේ. ඔවුන්ගේ අපවිත්‍රකම නිසා එය අපවිත්‍ර දේශයක් ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

11 එනම්: නුඹලා හිමිකරගන්ට යන දේශය එහි ජනයන්ගේ පිළිකුල්වලින්ද කිලුටුකම්වලින්ද එක් කෙළවරක සිට අනික් කෙළවර දක්වා පිරී තිබේ; ඔවුන්ගේ අපවිත්‍රකම නිසා ඒක අපවිත්‍ර දේශයක්ව තිබේ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 9:11
11 හුවමාරු යොමු  

තවද, සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කරන ලෙස, එසේ, ජුදා ගෝත්‍රය පාපයට පෙළඹවීමෙන් ඔහු විසින් කරන ලද පාපය හැර, ඔහු ජෙරුසලමෙහි එක් කෙළවරක පටන් අනික් කෙළවර දක්වා පිරෙන තෙක් නිදොස් ලේ බොහෝ කොට වැගිර වී ය.


සමිඳාණන් වහන්සේ ඉශ්රායෙල්වරුන් ඉදිරියෙන් පන්නා දැමූ ජාතීන්ගේ පිළිකුල් ක්‍රියා හැටියට ඔහු සමිඳාණන් වහන්සේගේ ඇස් හමුයෙහි නපුරු දේ කෙළේ ය.


එසේ විප්‍රවාසයෙන් හැරී ආ ඉශ්රායෙල් සෙනඟත්, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ සොයන පිණිස අවට ජාතීන්ගේ අපිරිසිදුකමෙන් වෙන් වී ඉශ්රායෙල්වරුන්ට එකතු වූ සියල්ලෝත් පාස්කුව වැළඳූ හ.


“මේ කටයුතු නිම වූ කල, අධිපතීහු මා ළඟට අවුත් කතා කොට, ‘ඉශ්රායෙල් සෙනඟ ද පූජකයන් හා ලෙවීවරුන් ද විදේශ වැසියන් වන කානානිවරුන්ගේ ද හිත්තීවරුන්ගේ ද පෙරිස්සිවරුන්ගේ ද ජෙබුසිවරුන්ගේ ද අම්මොන්වරුන්ගේ ද මෝවබ්වරුන්ගේ ද මිසරවරුන්ගේ ද අමෝරිවරුන්ගේ ද පිළිකුල් ක්‍රියාවලින් වැළකී සිටියේ නැත.


“ ‘එබැවින් අපේ දෙවියන් වහන්ස, මේ සියල්ලට පසු අපි කුමක් කියමු ද? මන්ද, ඔබේ මෙහෙකරුවන් වූ දිවැසිවරුන් මඟින් ඔබ අණ කරවන ලද ඔබේ ආඥාවන් අපි කඩ කෙළෙමු.


නිරන්තරයෙන් ම මා නුඹලා වෙත එවූ මාගේ සේවකයන් වන දිවැසිවරුන්ගේ පණිවුඩය නොසලකන්නහු නම්,


ප්‍රේමවන්ත සහෝදරවරුනි, මෙවැනි පොරොන්දු අපට ඇති බැවින් සිත කය කෙලෙසන සියලු දෙයින් වැළකී අප ම පවිත්‍ර කරගනිමින් දේව ගරුබිය ඇති ව අපගේ ශුද්ධවන්තකම පරිපූර්ණ කරගනිමු.


ඔබ නම්, ඔබේ දෙවි සමිඳාණන් වහන්සේට එලෙස නොකළ යුතු ය. සමිඳාණන් වහන්සේ වෛර කරන සෑම පිළිකුල් දෙයක් ම ඔවුන් තමන්ගේ දෙවිදේවතාවන් සම්බන්ධයෙන් කර ඇත. ඔව්හු තමන්ගේ දෙවිදේවතාවන් සඳහා ඔවුන්ගේ දරුදැරියන් පවා ගින්නේ පිළිස්සූ හ.


මෙවැනි දේවල් කරන සියල්ලෝ සමිඳාණන් වහන්සේට පිළිකුලකි. ඔවුන්ගේ මේ පිළිකුල් ක්‍රියා නිසා දෙවි සමිඳාණන් වහන්සේ ඔබ යන්නට කලින් ඔවුන් පන්නා හරින සේක.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්