එස්රා 8:17 - Sinhala New Revised Version17 කාසිපියා යන ස්ථානයේ සිටි ප්‍රධානියා වූ ඉද්දෝ වෙත ඔවුන් යැවීමි. දෙවියන් වහන්සේගේ මාලිගාවට සේවකයන් අප වෙත සපයා දෙන ලෙස ඉද්දෝටත්, කාසිපියා යන ස්ථානයෙහි සිටි ඔහුගේ ඥාතීන් වන දේව මාලිගාවේ සේවකයන්ටත් කිය යුතු දේ මම ඔවුන්ට කීමි. පරිච්ඡේදය බලන්නSinhala New Revised Version 201817 කාසිපියා යන ස්ථානයේ සිටි ප්‍රධානියා වූ ඉද්දෝ වෙත ඔවුන් යැවීමි. දෙවියන් වහන්සේගේ මාලිගාවට සේවකයන් අප වෙත සපයා දෙන ලෙස ඉද්දෝටත්, කාසිපියා යන ස්ථානයෙහි සිටි ඔහුගේ ඥාතීන් වන දේව මාලිගාවේ සේවකයන්ටත් කිය යුතු දේ මම ඔවුන්ට කීමි. පරිච්ඡේදය බලන්නSinhala Revised Old Version17 කාසිපියා යන ස්ථානයේ සිටිය ප්‍රධානියාවූ ඉද්දෝ වෙතට ඔවුන් යවමින්, අපේ දෙවියන්වහන්සේගේ ගෘහයට සේවකයන් අප වෙතට කැඳවාගෙන එන පිණිස ඉද්දෝටත් කාසිපියා යන ස්ථානයෙහි සිටිය ඔහුගේ සහෝදරයන් වන නෙතිනීම්වරුන්ටත් කිය යුතුදේ ඔවුන්ට කීමි. පරිච්ඡේදය බලන්න |
රජ ද, “මේ සියල්ල සම්බන්ධ ව ජෝවාබ් ඔබට අනුබල දී ඇද්දැ”යි ඇසී ය. ස්ත්‍රිය පිළිතුරු දෙමින්, “මාගේ ස්වාමීන් වන රජ්ජුරුවෙනි, මාගේ ස්වාමීන් වන රජ්ජුරුවන් කී සියල්ල මඟ හැර දකුණට වත්, වමට වත් යන්නට කිසිවෙකුට නොහැකි බව ඔබේ නාමයෙන් මම දිවුරා කියමි. එසේ ය, ඔබේ සේවක වන ජෝවාබ් ම මට අණ කර ඔහු ම මේ සියලු වචන ඔබේ දාසීගේ කටට දුන්නේ ය.