Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 8:15 - Sinhala New Revised Version

15 “අහවා නගරයට ගලා යන ගංගාව ළඟ මම ඔවුන් රැස් කෙළෙමි. අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගෙන සිටියෙමු. සෙනඟ ද පූජකයන් ද දෙස බැලූ විට ඔවුන් අතර ලෙවීවරුන්ගෙන් කිසිවෙකු නැති බව මම දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

15 “අහවා නගරයට ගලා යන ගංගාව ළඟ මම ඔවුන් රැස් කෙළෙමි. අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගෙන සිටියෙමු. සෙනඟ ද පූජකයන් ද දෙස බැලූ විට ඔවුන් අතර ලෙවීවරුන්ගෙන් කිසිවෙකු නැති බව මම දිටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

15 අහවාට ගලායන ගංගාව ළඟට මම ඔවුන් රැස්කෙළෙමි; අපි එහි තුන් දවසක් කූඩාරම් ගසාගන සිටියෙමු. මම සෙනඟද පූජකයන්ද බලා ලෙවී පුත්‍රයන්ගෙන් කිසිවෙකු නැති බව දුටිමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 8:15
12 හුවමාරු යොමු  

“ඉක්බිති අපි පළමු වන මාසයේ දොළොස් වන දා ජෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත් වුණෙමු. අපේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අප කෙරෙහි විය. උන් වහන්සේ සතුරන්ගේ අතිනුත්, මංකොල්ලකාරයන්ගෙනුත් අප ගැළවූ සේක.


“එවිට අපේ දෙවියන් වහන්සේ ඉදිරියෙහි අප යටහත් පහත් වී, අපට සුබ ගමනක් සලසා දී, අප ද අපේ දරුදැරියන් ද අපේ සම්පත ද ආරක්ෂා කරන හැටියට උන් වහන්සේගෙන් ඉල්ලන පිණිස එහි අහවා ගංගාව ළඟ දී මම උපවාසයක් ප්‍රසිද්ධ කෙළෙමි.


තවද, අර්තක්ෂස්තා රජුගේ සත් වන අවුරුද්දේ දී ඉශ්රායෙල් සෙනඟගෙන් ද පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද ගායනාකාරයන්ගෙන් ද දොරටු පාලකයන්ගෙන් ද දේව මාලිගාවේ සේවකයන්ගෙන් ද සමහර දෙනෙක් ජෙරුසලමට පැමිණියෝ ය.


එවිට මම කෙබාර් ගංගාව ළඟ තේල්-ආබිබ් යන ස්ථානයෙහි විසූ විප්‍රවාසගතවූවන් ළඟට පැමිණ, එහි සත් දවසක් ඔවුන් සමඟ බිරාන්ත ව නැවතී සිටියෙමි.


බබිලොන්හි ගං තෙරවල අපි හිඳගතිමු. සියොන් කන්ද අපට සිහි වූ විට අපි හඬා වැලපුණෙමු.


පිනෙහාස්ගේ පුත්‍රයන්ගෙන් ගේර්ෂොම් ය; ඊතාමාර්ගේ පුත්‍රයන්ගෙන් දානියෙල් ය; දාවිත්ගේ පුත්‍රයන්ගෙන් හට්ටුෂ් ය;


සබත් දවසේ දී, නුවර වාසලෙන් පිට යාච්ඤා ස්ථානයක් ඇතැ යි අපට සිතුණු බැවින්, අප පිටත් ව ගං තෙරකට ගොස් එහි රැස් ව සිටි ස්ත්‍රීනට කතා කෙළෙමු.


තිස් වන අවුරුද්දේ සතර වන මාසයේ පස් වන දින කෙබාර් ගං තෙර විප්‍රවාසයට ගෙනයනු ලැබූ අය අතරේ එසකියෙල් නම් මා සිටින කල්හි අහස විවෘත වී දේව දර්ශන මට පෙනුණේ ය.


තවද, පූජකයන්, ලෙවීවරුන්, ගායනාකාරයන්, දොරටු පාලකයන්, දේව මාලිගාවේ සේවකයන් හා දෙවියන් වහන්සේගේ මේ මාලිගාවේ සෙසු සේවකයන් යන කිසිවෙකුගෙන් තීරු බද්ද ද ආදායම් ද සුංගම් ද අය කරන්න තහනම් බව අපි ඔබට දැනුම් දෙමු.


බිග්වායිගේ පුත්‍රයන්ගෙන් ඌතයි සහ සබ්බුද් ය; ඔවුන් සමඟ පිරිමි හැත්තෑවක් ය.”


එවිට මම එලියේසර් ද අරියෙල් ද ෂෙමායා ද එල්නාතාන් ද ජාරිබ් ද එල්නාතාන් ද නාතාන් ද ශෙකරියා ද මෙෂුල්ලාම් ද යන ප්‍රධානීන් සහ ජෝයාරිබ් ද එල්නාතාන් ද යන බුද්ධිමතුන් ද කැඳවාගෙන,


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්