Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 7:9 - Sinhala New Revised Version

9 ඔහු පළමු වන මාසයේ පළමු වන දා බබිලෝනියෙන් පිටත් වන්න තීරණය කරගෙන තිබුණේ ය. ඔහුගේ දෙවියන් වහන්සේගේ කරුණානුග්‍රහය ඔහු සමඟ සැබැවින් ම තිබුණේ ය. පස් වන මාසයේ පළමු වන දා ඔහු ජෙරුසලමට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

9 ඔහු පළමු වන මාසයේ පළමු වන දා බබිලෝනියෙන් පිටත් වන්න තීරණය කරගෙන තිබුණේ ය. ඔහුගේ දෙවියන් වහන්සේගේ කරුණානුග්‍රහය ඔහු සමඟ සැබැවින් ම තිබුණේ ය. පස් වන මාසයේ පළමු වන දා ඔහු ජෙරුසලමට පැමිණියේ ය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

9 මක්නිසාද ඔහු පළමුවෙනි මාසයේ පළමුවෙනිදා බබිලෝනියෙන් පිටත්ව, ඔහු කෙරෙහි තිබුණු ඔහුගේ දෙවියන්වහන්සේගේ යහපත් හස්තය ප්‍රකාරයට පස්වෙනි මාසයේ පළමුවෙනිදා යෙරුසලමට පැමුණුණේය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 7:9
11 හුවමාරු යොමු  

මේ එස්රා බබිලෝනියේ සිට පැමිණි කෙනෙකි. ඔහු ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ විසින් දෙන ලද මෝසෙස්ගේ ව්‍යවස්ථාව ගැන මනා දැනීමක් ඇති නීතිවේදියෙකි. ඔහු කෙරෙහි ඔහුගේ දෙවි සමිඳාණන් වහන්සේගේ අනුග්‍රහය තිබුණු බැවින් ඔහු ඉල්ලූ සියල්ල රජතුමා ඔහුට දුන්නේ ය.


ගෘහයට අයිති කොටුවේ දොරටුවල බාල්කවලටත්, නුවර පවුරුවලටත්, මා පදිංචි වන්නට යන නිවාසයටත් ලී දෙන ලෙස රජුගේ මූකළාන භාරකාරයා වන ආසාප්ට දීමට ලියුමක් ද මට ලැබේ වා”යි කීමි. මාගේ දෙවියන් වහන්සේගේ යහපත් හස්තය මා කෙරෙහි තිබුණු හෙයින් රජ තෙම එසේ ම මට දුන්නේ ය.


තවද, මාගේ දෙවියන් වහන්සේගේ කරුණා හස්තය මා කෙරෙහි තිබෙන බව ද රජු මට කී වචන ගැන ද මම ඔවුන්ට දැන්වීමි. ඔව්හු පිළිතුරු දෙමින්, “අපි නැඟිට ගොඩනඟමු”යි කී හ. මෙසේ ඔව්හු ඒ යහපත් වැඩය සඳහා තමන්ගේ ශ්‍රමශක්තිය යෙදෙවුවෝ ය.


එස්රා, රජුගේ සත් වන අවුරුද්දේ පස් වන මාසයේ දී ජෙරුසලමට ආවේ ය.


මා එසේ කෙළේ, ‘අපේ දෙවියන් වහන්සේගේ ආශීර්වාද දායක හස්තය උන් වහන්සේ සොයන සියල්ලන් කෙරෙහි පවතින්නේ ය’ කියා ද ‘උන් වහන්සේගේ බලවත් උදහස උන් වහන්සේ අත්හරින සියල්ලන්ට විරුද්ධ ව පවතින්නේ ය’ කියා ද අප රජුට කියා තිබූ නිසා, ගමන් මාර්ගයේ දී අප සතුරන්ගෙන් ආරක්ෂා කරන පිණිස හේවා හමුදාවක් ද අසරුවන් ද රජුගෙන් ඉල්ලන්නට ලජ්ජා වූ බැවිනි.


“ඉක්බිති අපි පළමු වන මාසයේ දොළොස් වන දා ජෙරුසලමට යන පිණිස අහවා ගඟ ළඟ සිට පිටත් වුණෙමු. අපේ දෙවියන් වහන්සේගේ අනුග්‍රහය අප කෙරෙහි විය. උන් වහන්සේ සතුරන්ගේ අතිනුත්, මංකොල්ලකාරයන්ගෙනුත් අප ගැළවූ සේක.


මෙය දුටු විට නුඹලාගේ සිත් ප්‍රීතියෙන් පිනා යන්නේ ය. එසේ නුඹලා සනීප ශක්තිය ලබන්නහු ය. එවිට සමිඳුන් වන මම මට කීකරු වන්නන්ට ආශීර්වාද කරන බවත්, මාගේ සතුරන්ට උදහස දක්වන බවත් නුඹලා දැනගන්නහු ය.”


ඔව්හු ද අප කෙරෙහි පිහිටි දේව වරප්‍රසාදය හේතුකොටගෙන ඉශ්රායෙල්ගේ පුත්‍රයා වන ලෙවීගේ පුත් මාලීගේ පුත්‍රයන්ගෙන් බුද්ධිමත් මිනිසෙකු වූ ෂේරෙබියා ද ඔහුගේ පුත්‍රයින් හා ඥාතීන් දහඅටදෙනෙකු ද අප වෙත එවූ හ.


අපි ජෙරුසලමට පැමිණ තුන් දිනක් එහි නැවතී සිටියෙමු.


එවිට අපි කවදාවත් ඔබට පිටුපා නොයන්නෙමු. අපට ජීවත් වීමට ඉඩ දුන මැනව. අපි ඔබේ නාමයෙන් අයැද ඔබ පසසන්නෙමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්