Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 7:13 - Sinhala New Revised Version

13 මාගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් සෙනඟගෙන් ද ඔවුන්ගේ පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සිය කැමැත්තෙන් ජෙරුසලමට යන්න කැමැති සියල්ලන්ට ඔබ සමඟ යන්න අවසර ඇත කියා මම නියෝගයක් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

13 මාගේ රාජ්‍යයේ සිටින ඉශ්රායෙල් සෙනඟගෙන් ද ඔවුන්ගේ පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සිය කැමැත්තෙන් ජෙරුසලමට යන්න කැමැති සියල්ලන්ට ඔබ සමඟ යන්න අවසර ඇත කියා මම නියෝගයක් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

13 මාගේ රාජ්‍යයේ සිටින ඉශ්‍රායෙල් සෙනඟගෙන්ද ඔවුන්ගේ පූජකයන්ගෙන්ද ලෙවීවරුන්ගෙන්ද යෙරුසලමට යන්ට කැමති සියල්ලන්ට නුඹ සමඟ යන්ට පුළුවන කියා නියෝගයක් කරමි.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 7:13
11 හුවමාරු යොමු  

එකල දාරියුස් රජු කළ නියෝගයක් අනුව බබිලෝනියෙහි ලේඛනාගාරයේ ගබඩාවල තැන්පත් කරන ලද පොත් සොයා බලන ලදී.


ආත්මයාණන් වහන්සේ ද මනාලිය ද “එන්නැ”යි කියති. අසන්නෝ ද, “එන්නැ”යි කියත් වා! පිපාසය ඇත්තෝ ද එත් වා! කැමැති කෙනෙක් ජීවන පැන් නොමිලයේ ගනිත් වා!


මන්ද, ඔබ දෙවියන් වහන්සේගේ යහපත් කැමැත්තට අවනත වී, එය ඉෂ්ට කරවීමට උන් වහන්සේ ම ඔබ තුළ ක්‍රියා කරන සේක.


එතුමාණෝ සදහට ම ඒවා පිහිටෙවූ සේක. ඒවාට ඉක්මවා ගිය නොහැකි සීමාවක් තැබූ සේක.


ඔබ සතුරන් සමඟ සටන් කරන දවසේ දී ඔබේ සෙනඟ සිය කැමැත්තෙන් ඔබට එකතු වන්නෝ ය. අලුයම පිනි මෙන්, ඔබේ තරුණයෝ ඔබ වෙත පැමිණෙති.


එවිට රාජ නියෝගය ප්‍රසිද්ධ කරන ලදී. ඔව්හු හාමාන්ගේ පුත්‍රයන් දස දෙනාගේ මළකඳන් එල්ලා තැබුවෝ ය.


දූතයෝ රජුගේ අණ පරිදි විගසින් පිටත් ව ගියහ. ඒ රාජාඥාව සූසා අගනුවර ද පළ කරන ලදී. රජ ද හාමාන් ද විනෝද වන පිණිස හිඳගත්තෝ ය. එහෙත්, සූසා නගරයේ මහා කැළඹීමක් ඇති විය.


එහෙත්, බබිලෝනියේ රජු වූ සයිරස්ගේ පළමු වන අවුරුද්දේ දී, දෙවියන් වහන්සේගේ මේ මාලිගාව ගොඩනඟන්නට සයිරස් රජ නියෝගයක් කෙළේ ය.


උන් වහන්සේගේ මුළු සෙනඟගෙන් ඔබ අතරේ සිටින කවර මිනිසකේ හෝ වේවා, දෙවි සමිඳාණන් වහන්සේ ඔහු සමඟ වැඩ සිටින සේක් වා! ඔහු ජුදාහි ඇති ජෙරුසලමෙහි සිටින ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ මාලිගාව ගොඩනඟන්නට ජෙරුසලමට යා යුතු ය. උන් වහන්සේ වූ කලී, ජෙරුසලමේ වැඩ සිටින දෙවියන් වහන්සේ ය.


බොහෝ කාලයක පටන් විශාල පිරිසක් ව්‍යවස්ථාවේ ලියා තිබෙන ආකාරයට පාස්කුව නොපැවැත් වූ නිසා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේගේ පාස්කුව ජෙරුසලමෙහි පවත්වන පිණිස එන ලෙස ඔව්හු බෙයර්-ෂෙබා සිට දාන් දක්වා ඉශ්රායෙල් රට මුළුල්ලෙහි ප්‍රසිද්ධ කරන ලෙස නියෝගයක් කළෝ ය.


මාගේ අධිරාජ්‍යයේ සකල විජිතයන්හි සිටින සියලු දෙනා දානියෙල්ගේ දෙවියන් වහන්සේට ගරුබිය දක්වා නමස්කාර කළ යුතු යයි මම අණ කරමි. මන්ද, එතුමාණෝ ජීවමාන සදාතනික දෙවිඳාණෝ ය. එතුමාණන්ගේ රාජ්‍යය පහ නොවන්නේ ය; එතුමාණන්ගේ පාලනය ද අවසන් නොවන්නේ ය.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්