Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්රා 10:5 - Sinhala New Revised Version

5 එවිට එස්රා නැඟිට, ෂෙකනියා කී පරිදි කරන ලෙස පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද අධිපතීන්ගෙන් ද දිවුරුම් ගත්තේ ය. ඔව්හු ද දිවුරුම් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala New Revised Version 2018

5 එවිට එස්රා නැඟිට, ෂෙකනියා කී පරිදි කරන ලෙස පූජකයන්ගෙන් ද ලෙවීවරුන්ගෙන් ද සියලු ඉශ්රායෙල්වරුන්ගෙන් ද අධිපතීන්ගෙන් ද දිවුරුම් ගත්තේ ය. ඔව්හු ද දිවුරුම් දුන්හ.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

5 එවිට එස්රා නැගිට ඒ වචනයේ ප්‍රකාරයට කරන ලෙස පූජකයන්ගේද ලෙවීවරුන්ගේද සියලු ඉශ්‍රායෙල්වරුන්ගේද අධිපතීන් දිවුරෙවුවේය. ඔව්හු දිවුළෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්රා 10:5
10 හුවමාරු යොමු  

මම ඔවුන්ට තරවටු කර, සාප කර, ඔවුන්ගෙන් සමහරෙකුට ගසා, ඔවුන්ගේ හිසකේ උගුලා, “ඔබේ දූවරු ඔවුන්ගේ පුත්‍රයන්ට පාවාදෙන්න වත් ඔබේ පුත්‍රයන් හෝ ඔබ ඔවුන්ගේ දූවරුන් පාවාගන්න වත් එපාය” කියා දෙවියන් වහන්සේ නමින් දිවුරන්නට සැලැසුවෙමි.


එවිට ඔව්හු උත්තර දෙමින්, “අපි ඒවා ආපසු දී, ඔවුන්ගෙන් කිසිත් අය නොකර ඔබ කියන ලෙස ම කරන්නෙමු”යි කීවෝ ය. එවිට මම පූජකයන්ට අඬගසා, පොරොන්දුවේ හැටියට ක්‍රියා කරන ලෙස ඔවුන්ගෙන් දිවුරුම් ගතිමි.


එහෙත්, උන් වහන්සේ නිශ්ශබ්ද ව සිටි සේක. එවිට උත්තම පූජකයා, “ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍ර වන ක්‍රිස්තුවරයාණෝ දැ යි දිවුරා අපට කියන ලෙස ජීවමාන දෙවියන් වහන්සේගේ නාමයෙන් ඔබට අණ කරමි”යි උන් වහන්සේට කී ය.


සඳුන්, කපුරු, සුවඳ විලවුන් මන පිනවයි; හිරිහැර, කරදර සිත දෙදරවයි.


සුදුසු පිළිතුරක් දීම මිනිසෙකුට ප්‍රීතියකි; තැනට ඔබින වචනය පැවසීම ඊටත් වඩා ප්‍රීතියකි.


බුද්ධිමතෙකුට අනුශාසනා කරන්න, ඔහු තවත් බුද්ධිමත් වෙයි. දැහැමියෙකුට උගන්වන්න, ඔහුගේ දැනුම තවත් දියුණු වෙයි.


හිතෝපදේශ හා උපහැරණ ද


තමන්ගේ නායකයන් වන තමන්ගේ සහෝදරයන්ට එකතු වී, දෙවියන් වහන්සේගේ මෙහෙකරු මෝසෙස් අතින් දෙන ලද උන් වහන්සේගේ ව්‍යවස්ථාවෙහි හැසිරෙන හැටියටත්, අපේ සමිඳාණන් වහන්සේගේ ආඥා ද විනිශ්චයයන් ද පණත් ද පවත්වා ඉෂ්ට කරන හැටියටත්,


ඒ නිසා, ඒ සියලු භාර්යාවන් ද ඔවුන්ගෙන් උපන් දරුවන් ද ඉවත් කරන ලෙස, මාගේ ස්වාමීන්ගේ ද අපේ දෙවියන් වහන්සේගේ ආඥාවට බිය වන්නන්ගේ ද දැනුමැතිකමේ හැටියට අපේ දෙවියන් වහන්සේ සමඟ ගිවිසුමක් කරමු. අපි ව්‍යවස්ථානුකූල ව ක්‍රියා කරමු.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්