Biblia Todo Logo
ඔන්ලයින් බයිබලය

- දැන්වීම් -




එස්තර් 9:28 - Sinhala New Revised Version

28 පරපුරෙන් පරපුරට හැම පවුලකට ම, හැම ප්‍රදේශයකට ම, හැම නගරයකට ම ජුදෙව්වරුන් විසින් පූරීම් දවස් පැවැත්විය යුතු බවත්, මතු පරම්පරාවල දී එය අමතක නොකළ යුතු බවත් තීරණය කරගන්නා ලදී.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න

Sinhala Revised Old Version

28 පූරීම් දවස් යුදෙව්වරුන් අතරෙන් පහවෙන්ටවත් ඒවා සිහිකිරීම තමුන්ගේ වංශයෙන් අත්හිටින්ටවත් නොදෙන ලෙසද නියමකර, තමුන්ද තමුන්ගේ වංශයද තමුන්ට එකතුවෙන සියල්ලන්ද වෙනුවට පිළිගත්තෝය.

පරිච්ඡේදය බලන්න පිටපත් කරන්න




එස්තර් 9:28
9 හුවමාරු යොමු  

මාගේ සිත, සමිඳුන් පසසන්න; එතුමන්ගේ සියලු උපකාර අමතක නොකරන්න.


ඔබ ඔවුන්ට කතා කොට, ‘සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඉදිරියෙහි ජොර්දාන් ගඟෙහි දිය බෙදී ගියේ ය; ඒ කරඬුව ගඟ හරහා වැඩමවාගෙන යන විට, ගඟේ දිය බෙදී ගිය නිසා, මේ ගල් ඉශ්රායෙල් ජනතාවට සදාකාල සිහිවටනයක් වන්නේ ය’යි කිව යුතු ය”යි දැන්වී ය.


ඒ ඔටුන්න වනාහි, හෙල්දියාගේ ද ටෝබියාගේ ද ජෙදායාගේ ද ජොෂියාගේ ද ගෞරවාන්විත සිහිවටනයක් සේ සමිඳාණන් වහන්සේගේ මාලිගාවේ තබා තිබේ.


තවද නුඹලා මේ නුමුහුන් රොටි මංගල්‍යය පැවැත්විය යුත්තේ මා නුඹලාගේ කණ්ඩායම් මිසර දේශයෙන් පිටතට ගෙනාවේ මෙවැනි දිනයක බැවිනි. එබැවින් නුඹලාගේ හැම පරම්පරාවක් තුළ ම මේ දිනය මංගල්‍යයක් මෙන් පැවැත්වීමට සදහට ම නියෝගයක් පැනවිය යුතු ය.


ජුදෙව්වරු නියමිත විධියටත්, නියම කාලයටත් වසරක් පාසා වසරක් නොවරදවා ඒ දවස් දෙක උත්සව දවස් ලෙස පැවැත්වීමේ වගකීම තමන් උදෙසා ද මතු පරම්පරාවන් උදෙසා ද තමන්ට එකතු වන අය උදෙසා ද භාරගන්නට තීරණය කරගත්හ.


අබිහයිල්ගේ දුව වූ එස්තර් රැජින මොර්දෙකයි නම් ජුදෙව් ජාතිකයා සමඟ පූරීම් උත්සවය සම්බන්ධයෙන් ලියා දුන් පූර්ණ බලය මෙම දෙ වන ලියුමෙන් ස්ථීර කළා ය.


පරපුරෙන් පරපුරට ජනතාවෝ ඔබේ ක්‍රියා වර්ණනා කරති; ඔබේ ප්‍රබල ක්‍රියා ගැන ප්‍රශංසා කරති.


අපිව අනුගමනය කරන්න:

දැන්වීම්


දැන්වීම්